Header Ads

කදුරට සුකුමලියගේ වතගොත... (හන්තාන කදුවැටිය)


ඔන්න එහෙනම් යාලුවනේ මම මගේ තවත් ගමනක් අපේ කැම්පස් එකේ පටන් ගත්ත මුල්ම MoraMag.com එකත් සමඟ බෙදා හදා ගන්නයි යන්නේ ..

මේක පිහිටලා තියෙන්නෙත් මහනුවර නගරය මුල්කරගෙන තමයි.
මහනුවර සානුවේ ප්‍රධාන කදු පන්තියක් වෙන මේ කදු පන්තිය පටන් ගන්නෙත් මේ කියන කන්දෙන්මයි. නමින් " හන්තාන කදුවැටිය" .මේ කදු පන්තිය කදු මුදුන් 7කින් තමයි හැදිලා තියෙන්නේ .උසම කදු මුදුන "ඌරා කන්ද" කියලා හදුන්වනවා. අඩි 3800ක් උසයි. 2010දී මේ ප්‍රදේශය හන්තාන රක්ෂිතය කියලා නම් කරා. මේ කදු වැටිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි පිදුරුතලාගල කදුවැටිය දක්වා විහිදිලා තියනවා . 

(කදු තරණය කරන්නන්ට දවස් 5ක තරණයක් තියනවා. ඒක පටන්ගන්නෙත් මේ කියන හන්තාන කදුවැටියෙන් ,අවසන් වන්නේ පිදුරුතලාගලින් . මගේ ඉදිරි post එකකින් මම මේ ගැන කියන්නම්.) 

උඩට නැග්ගම බස්නාහිරට වෙන්න අලගල්ල කන්ද ,උතුරට වෙන්න නකල්ස් කදු , දකුණින් අම්බුළුවාව නැගෙනහිරින් වික්ටෝරිය හේවාහැට ප්‍රදේශ පේනවා .ගිහින්ම බලන්නකෝ..... 

ඔන්න එහෙනම් මම හන්තානට යන්න පාරවල් ටික කියන්න තමා ලෑස්ති,පාරවල් නම් ගොඩක් තියනවා මම එක එක වෙන වෙනම මේකේ සදහන් කරන්නම්.

1. මේ පාර තමා තියන ලේසිම පාර.මගේ ගමනාරම්භය මහනුවර නගරය.මහනුවර ඔරලෝසු කනුව ලගින් හන්තාන උඩුවෙල බස් එකේ 7km විතර ගමන් කරපුවාම සම්ප්‍රේෂණ කුළුණු ලගම ඔයාලට බැහැගන්න පුළුවන් . එතනින් 1km නැග්ගම කන්ද මුදුනටම යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිං ගමන කන්ද දිගේ තමයි. දුර ඉදන් එන කෙනෙක්ට නම් එක තමයි ලේසිම පාර.


2.මේක ටිකක් දුෂ්කර ගමනක් හැබැයි ඉතිං ඊළගට ලේසි පාරත් මේක තමා. :v මහනුවර ඉදන් නේ එන්නේ, එහෙනම් මේකත් අහගන්නකෝ මේ බස් එක පටන් ගන්නෙත් මහනුවර ඔරලෝසු කනුව ලගින්මයි. මහනුවර -හීරැස්සගල . මේකේ ඇවිල්ලා ඔයාලා හිරස්සගල බස් නැවතුමේ බහින්න ඕනේ .. එතන ඉදන් එන්න ක්‍රම 2ක් තියනවා. එකක් තමයි "අමායා හිල්ස් " හෝටලය ලගට ඇවිල්ලා හන්තාන නගින එක අනික හන්තාන ගල්වල ලගින් නගින එක .


3. මෙතනින් එහාටනම් මම කියන්නේ ඉතිං කැළේ පනින්න ආස අයට යන්න පාර තමයි.මේක තුන්වෙනි පාර, මහනුවර ඔරලෝසු කනුවලගින් තමා බස් එක ගන්න තියෙන්නේ මහනුවර-බෝවලවත්ත බස් එක ,( මහනුවරට නොයන අය දංගොල්ල හන්දිය ඒ කියන්නේ ගන්නොරුව පාරයි, පේරාදෙණිය පාරයි එකතුවෙන තැන තියන හන්දිය එතනින් බස් ඒකට නගින්න පුළුවන් ) ඒකෙ ගිහින් ආයෙත් අමායා හිල්ස් හොටෙල් එක ලග බැහැලා කැලෑව මැදින් නගින්න ඕනේ .


4. මේ පාර පටන් ගන්නේ නම් පේරාදෙණිය පොලිස් ස්ථානය ලගින් එතනින් ඇතුලට තියන පරෙගිහින් රේල්පාර පැනල ගියාම රජවත්ත පාරට වැටෙනවා.ඒ පාර දිගේ ගියාම උදපෙරදෙනිය හන්දියට වැටෙනවා,එතන ඉදන් යන්න පාරවල් 2ක් තියනවා . එක පාරක් පටන් ගන්නේ Upper Hunthana Lodge ඒකට යන පාර පටන් ගන්නකොටම තියන ඌරු කොටුව කියන ස්ථානය ලගින්. ඒ පාර ටික දුෂ්කරයි ඒ උනාට හොදම පාරත් එක. ඔබ සැබෑ කදු තරණය කරන්නෙක් නම් ඒ පාරේ යනවා නොඅනුමානයි. එතනින් දිය ඇල්ල ලගට යනවා ඊට පස්සේ දිය ඇල්ලදිගේ උඩට නැගල වතුර පාර දිගේම උඩට ගිහින් ෆයිනස් කලේ මැදින් තේ වත්තතට වැටෙනවා .එතන ඉදන් කැලේ දිගේ යන තියන්නේ . අනික් පාර නම් Upper Hunthana Lodge එකලග ඉදන් තෙවත්ත්ට ගිහින් එතන ඉදන් ආයෙත් කැලේ දිගේ පාර, සිතියමේ නිල් පාටින් දාල තියන පාරවල් වල short ඇදගෙන යන්න බැ (කැම්පස් ඒකෙ ළමයි ඒකට කැමති නෑලු... ගුටි kanna ගිහින් බේරුන එකෙක් තමා මටත් කිවුවේ ... ලොල්)


5.මේක ඊලග පාර මේක තියෙන්නේ උඩපෙරදෙනියේ ඉදන් ,බස් එකක් තියනවා මහනුවර උඩපෙරදෙණිය කියලා , මෙතනින් ගියාමත් මම අර 4 කියපු තැනටම ගිහින් නගින්න පුළුවන් ඔයාලට.

6.මේ පාර මට මතක නැ එක පාරයි ගියේ පටන්ගන්නේ හිදගල පන්සල ලග ඉදලා සරසවිගම හරහා. එක ගැන ඉදිරියේදී post එකක් දාන්නම්කො

කැලේ පනින්න නම් හොදම පාර තමයි මම ඔය 3,4,5 කියන ඒවගේ ලියලා තියෙන්නේ .... 

ඔයාලා හැමෝම යායුතු සුන්දරම ස්ථානයක් තමයි අමං මේ මගේ දෙවැනි post ඒකෙන් සදහන් කලේ .ඇත්තටම කියනවනම් තෙත් කලාප පරිසර පද්ධතියේ ආරම්භය කිවුවොත් නිවැරදි ,පරිසරවේදීන්ට , කදු තරණය කරන්නන්න්ට, පාරාදීසයක් කියන්න හොදම තැනක් තමයි මේ හන්තාන කදුවැටිය .. :D



ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි .... 

සැ . යු :-

1.මිදුම් පහත් වෙන හින්දා හවස් වෙන්න කලින් බහින්න ඕනේ,නැත්තන් අතරමන් වෙයි ,ඔන්න කිවුවේ නැ කියන්ඩ නම් එපා

2.බබරුන්ගේ රජදහනක්, ඒ හින්ද ශබ්දය අවම තරමට හොදයි ...අපිටනම් විද්දේ මී මැස්සෝ :p :v 

3.දිවියා කියන සතා ඉන්න හින්දා පරිස්සමෙන් හොදේ

#...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

මෙම නිර්මාණය අප වෙත යොමු කරන ලද්දේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන ඉසුරු රත්නායක සොයුරා විසිනී.

No comments