Header Ads

ආචාර්ය රංගික උමේශ් හල්වතුර සර් සමඟින් සුහද කතා බහක්



දිනය : 2016 ඔක්තෝම්බර් 06
වේලාව : පස්වරු 4.45
ස්ථානය : Civil Department

"පුතාලා කොහොමද ? පොඩ්ඩක් මම පරක්කු වුනා … Meeting එක ඉවර වුනේ දැන් ටිකකට කලින්, අද වැඩ ටිකක් වැඩියි .. තාම දවල්ට කාලත් නෑ , කමක් නෑ අපි ඔයාලගේ වැඩේ ඉවර කරමුකො.. "

අපේ සම්මුඛ සාකච්ඡාවට සුහද ආරම්භයක් ලබා දුන් ඔහු ,

විටක දක්ෂ කථිකයෙක් ; විශ්ව විද්‍යාල ජෙෂ්ඨ කථිකාචර්යවරයෙක් , පාසල් සමයේ සිටම අති දක්ෂ ක්‍රීඩකයෙක් , පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක වී වගකීම් ඉටු නිවැරදි නායකත්වයක්, ප්‍රථම පන්ති සාමාර්ථයක් සමග සම්මාන රාශියකින් පිදුම් ලැබූ ජයග්‍රාහකයෙක් , සොබාදහමට ආදරේ කරන ඡයාරූප ශිල්පියෙක් , විෂය බාහිර ක්‍රියාකාරකම් සිය අධ්‍යාපන කටයුතු සමග සමබර කරගෙන ආ නිවැරදි ඉලක්ක ගත ජිවිතයක් , නොපසුබට උත්සාහය සමග මුසු වූ අභියෝගාත්මක ගමනක් .. 

ඒ සැමටම වඩා දේශන ශාලාවෙන් පිටතදීත් සිසු දරුවන් සමග ජිවිතේ බෙදාගන්නා ආදරණිය ගුරුපියෙක්… 

නමින් " රංගික උමේශ් හල්වතුර _ Rangika Umesh Halwathura "

අපි කවුරුත් දන්නා හදුනන… “ හල්වතුර සර් ”

මේ ගලා යන්නේ Mora Media Club අපි , ඔහු සමග ගෙනගිය පුරා පැයකට ආසන්න කතාබහේ දිග හැරුමයි.

“මම ගැන කෙටියෙන් …”

1978 පෙබරවාරි 4 දින කළුතර ග්‍රාමයෙන් උපත ලැබූ මම රංගික උමේෂ් හල්වතුර , කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ . මගේ පවුල වෙන්නේ අම්මයි ,තාත්තයි, එකම මල්ලි ශානක හල්වතුර , ඔහු හමුදා නිලධාරියෙකු ලෙස සේවය කරනවා. 

ඊට අමතරව මගේ පුංචි පවුල ගැන කියනවා නම් , බිරිද චරිතා පෝරුතොට , වෛද්‍යවරියක් , ඇය අධ්‍යාපනය ලැබුවේ කැළණිය විශ්ව විද්‍යාලයේ . 

මට දියණියන් දෙන්නෙක් ඉන්නවා පමෝදා සහ රමෝදා , ඔවුන් දෙදෙනාම පාසල් යනවා .

“පාසල් අධ්‍යාපනය …”

1983 පාසල් ගමන කළුතර විද්‍යාලයෙන් පටන් ගන්නවා 1 ශ්‍රේණියේ සිට උසස්පෙළ නිමවෙන තෙක් එකම පාසලේ රැදීම විශේෂයක්.

“හමුදාවට යනවා .. නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා ..”

පාසල් යන කාලේ කවුරු හරි ඇහුවනම් කවුරු වෙන්නද ආස කියල, ඒ දවස්වල මගේ තිබුන දැනුම සහ න්‍යායන්ට අනුව පරමාර්ථ දෙකක් තිබුනා.
එකක් හමුදාවට යනවා .අනික සිවිල් ඉංජිනේරුවෙක් වෙන එක. O/L කරන කලේ වෙද්දි ඒ දේවල් ටිකෙන් ටික වෙනස් වෙලා දෙමාපිය බලපෑමුත් එක්ක තිබුනේ එක තෝරාගැනීමක් විතරයි . ඒ වරලත් සිවිල් ඉංජිනේරුවරයෙක් වෙන්න ඉගෙන ගැනීම.

“ක්‍රීඩාවයි .. නායකත්වයි..”

පාසල් පසුබිමේ සිටම මම හොද ක්‍රිඩකයෙක්.ඊට අමතරව ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියටත් ක්‍රියා කළා. Athletics වලට අමතරව Basket ball, Foot Ball, Body building සහ Badminton ක්‍රිඩාවල නිරත වුණා.1998 මගේ weight category එකේ බස්නාහිර පළාත් ශුරයා වෙන්න පුළුවන් වුණා. විශ්ව විද්‍යාල කාලයේදීත් ,දැනටත් මම දිගටම මම ක්‍රිඩා කරනවා.

මම දකින දෙයක් තමයි ඉගෙනීමෙන් ඉහළ දක්ෂතා පෙන්වන බහුතරයක් දරුවෝ හොදට ක්‍රිඩා කරපු, union / societies වල හිටපු සහ ඉන්න අය. කෙනෙක්ට Stress Release කරන්න හොදම ක්‍රමය විවිධ බාහිර ක්‍රිරියාකාරකම් වල නිරතවෙන එක. ප්‍රශ්නයක් අවම එකේ ඇලිල ඉන්නෙ නැතිව එතනින් එහාට යන්න මේ දේවල් ගොඩක් වැදගත්. මම නිතරම මගේ සිසු දරුවොන්ව encourage කරනවා පොතේ ඉන්න දරුවෝ වෙන්නෙපා කියල.

1st year university exam එකෙන් පස්සේ මගේ දරුවෝ මං ලගට ඇවිත් අඩනවා. මේ exam නිසා කොච්චර නම් ළමයි පිඩනයක ඉන්නවද කියල හිතෙනවා .ඇත්තෙන්ම ඉගෙන ගන්න අතරේ බාහිර දේවල් වලත් නිරත වෙනවා නම් මේ දේවල් වෙන්නේ නෑ. 


“ජනප්‍රිය පාසල් හඹා ගියේ නැහැ…”

බහුතරයක් දෙනා මගෙන් අහපු කාරණාවක් තමයි මම ඇයි වෙනත් පාසලකට මාරු නොවුයේ කියල මොකද ඒ කලේ වෙද්දී මගේ පාසැල ඔය කියන ජනප්‍රිය පාසැල් ගොන්නේ තිබුනේ නැහැ, 

මම අදහන දෙයක් තමයි මගේ කියන සංකල්පය , මේ මගේ පාසැල ; මගේ අම්ම තාත්ත ; මගේ රට ; මගේ විශ්ව විද්‍යාලය .මම මගේ දේවල් වලට ගරු කරනවා දැඩි ලෙස . මේ දේවල් මට මේ ලෝකේ තියෙන හොදම දේවල් කියල දැනෙන්නේ. ඒ නිසා මම දිගටම පාසලේ රැදුනා .

ඒවගේම තමයි මම අවේ ඔය කියන ජනප්‍රිය පාසල් රැල්ලෙන් මිදිලා නම් ඒ දේ මගේ දරුවන්ටත් පුළුවන් වෙන්න ඕන, අද රටේ හැම කෙනාම වගේ බලන්නේ දරුවාව ජනප්‍රිය පාසලකට ඇතුල් කරවන්න , පාසලේ නමින් බැබලෙන්න. එතනින් එහා ගිය දෙයක් ඇයි අපි හිතන්නේ නැත්තේ . 

අපි හොද තැනකට ඇවිත් අපේ නමින් පාසැල බබළවන්න ඕන. මන් විශ්වාස කරනවා මගේ දියණියනුත් කවද හරි දවසක මං වගේ හොද තැනකට ඇවිත් ඔවුන් ගේ නමින් පාසලට ගෞරවයක් ගෙනෙයි කියල , මගේ දරුවන්ව වත් ඒ නිසා ඒ රැල්ලට හසු කලේ නැහැ.

“අවසාන සිසුවා ලෙස මොරටුවට ..”

1998 මම උසස්පෙළ ලියනවා ගණිත අංශයෙන් , එහෙදි ලංකාවෙන් 312 කියන ස්ථානයට පත්වෙනවා , ලංකාවෙන් පළවෙනි 300 පමණයි ඒ කාලේ මොරටුව ඉංජිනේරු පීඨයට ගත්තේ, මගේ වාසනාවට 12ක් එකල විදේශ ගත වීම නිසා මට අවස්ථාව ලැබෙනවා අවසාන සිසුව ලෙස මොරටුව ඉංජිනේරු පීඨයට එන්න.

ඒ කාලේ තිබුනේ annual system එකක් . පළමු වසර විභාගෙන් මම පලවෙනි 50ට තේරුණා. මගේ යාලුවන් Computer Science, Electroic විෂය ධාරා තොරගනිද්දී ඔවුන්ගේ දැඩි විරෝධය මැද මම Civil Engineering තෝරාගත්තා.

“නිවැරදිම තීරණ සමග පළමු පෙළ සාමාර්ථය..”

ඒ Choice එකේ කිසිම වැරැද්දක් වුනේ නැහැ .මොකද මට ලොකු ආසාවක් තිබුන Architecture කෙනෙක් වෙන්න, එත් මගේ දෙමාපියන්ගේ ආශාවල් මට ඉෂ්ට කරන්න තිබුන නිසා ඒ දේ මට මග හැරුනා . මාව මේ ලෝකෙට බිහි කරපු මගේ අම්ම තාත්තගේ සතුට වෙනුවෙන් මන් ඒ දේවල් කලේ,නමුත් මේ තෝරාගැනීම සමග ඒ හැමදේම සම්පුර්ණ කරගැනීමේ හැකියාව ලැබුනා .

දෙවෙනි වසරේ මම batch top වුණා . අද තියෙනවට වඩා වෙනස් ක්‍රමවේදයක් එදා තිබුණේ . ඒ කාලයේ අපිට Divisional Awards ලැබුනා .මට කියන්න සතුටුයි මම ඒ සියලුම divisional awards සමග ප්‍රථම පන්ති ගෞරව උපාධිය ලබාගත්තා 2004 වසරේදී.


එතනින් පස්සේ මට ඕන වුනේ වරලත් ඉංජිනේරුවරයෙක් ලෙස නිරත වෙන්න නමුත් මගේ ගුරුවරුන්ගේ මගේ හිතවතුන්ගේ මග පෙන්වීම හා ඉල්ලීමත් එක්ක නැවත මම වැඩිදුර ඉගෙනීමට යොමු වුණා . විදේශ ශිෂ්‍යත්වයක් ලැබීමේ අවස්ථා තිබුනත් මගේ ළඟ තිබුන සංකල්පත් එක්ක මම මොරටුව විශ්ව විද්‍යාලයෙන්ම මගේ Ph.D 2004 දී පටන් ගන්නවා සහ තව දුරටත් මොරටුවේම රැදෙනවා.

“ජිවිතේ වෙනසක් සහ නව ආරම්භයක්..”

2004 වසර තවත් වාසනාවන්ත වසරක්. මම විවාහ වෙන්නෙත් ඒ අවුරුද්දේ . 2005 දී මගේ ලොකු දුව ඉපදෙනවා . අලුත් වගකීම් එක්ක Ph.D එක මොරටුවේ දී ආරම්භ කිරීම පහසුවක් වුන පෞද්ගලිකවත්. ඊට අමතරව මට industry එකත් එක්ක සාර්ථකව සම්බන්ධ වෙන්න ලැබුනෙත් ලංකාවේ දිගටම රැදී ඉදීම නිසා .2008 වසරේදී Ph.D එක Structural and building services engineering වෙනුවෙන් ලබා ගන්නවා. Ph .D එක සම්පුර්ණ කරලා එලියට යමක් වුනේ නැහැ . මම විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු ලෙස දිගටම රැදෙනවා.

“Communication Skill එක වැදගත්…”

මේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ළමුන් යොමු වෙන්නේ 1st class ගන්න හිතාගෙන විතර නම් එක හරිම සරලයි . විශ්ව විද්‍යාල ජීවිතේ කියන්නේ එතනින් එහා ගිය දෙයක්.විදින්න ඕන දෙයක් . ඉගෙන ගන්න එකට අමතරව, විශ්ව විද්‍යාලයට උරුම කරන්න ගොඩක් දේවල් තියෙනවා.ඒ දේවල් නොකර 1st class එකක් ගන්න එකේ වැදගත්කමක් මං දකින්නේ නැහැ .එක අපි ජීවිතේට කරන ලොකු අසාධාරණයක් .

batch top වුනත්, ඉගෙන ගැනීමේ පරමාර්ථය වෙනුවෙන් පමණක් university එනවා නම් අපි ඇත්තටම පරාදයි. ඒ අතින් මම සාර්ථකයි . මට ඉගෙනීමත් අමතර දේවලුත් balance කරගන්න පුළුවන් වුණා. Batch representative විදියටත් කටයුතු කළා. පාසල් කාලේ ඉදන්ම මට නායකත්වය නුපුරුදු දෙයක් නෙමේ, මම උපදෙස් දෙනවා විශ්ව විද්‍යාලයට එන හැම දරුවෙක්ටම නායකත්ව ගුණ දියුණු කරගන්න කියල ඒ එක්කම communication කියන talent එකත් තියෙන්න ඕන .

මගේ විෂය පථයේ ඉදන් මම කතාකරනවා නම්, communication කියන එක ගොඩක් වැදගත් වෙනවා ඉංජිනේරුවෙක් විදියට වැඩ කරද්දී . Communication skill නැත්තන් හොද නායකයෙක් වෙන්න බැහැ .engineer කෙනෙක් වෙනවා අපි ඔප්පු කරලා තියෙනවා අපි හොද communicator’s කියලා සහ හොද leader’s කියලා හැම undergraduate කෙනෙක්ම තමන් මේ තැනට පත්වෙනවා කියල හිතන්න ඕන ප්‍රගුණ කරන්න ඕන.මම ඒ දේ කලා. අපි කෙනෙක් යටතේ රැකියාව ආරම්භ කරද්දී ඒ හා සමගාමිව අපි යන පලවෙනි දවසෙම අපේ යටතටත් පිරිසක් එන නිසා විෂය දැනුම වගේම හිතනවා communication කියන එක වැදගත් කියල.

“සභාපති ධුරය සමග 6% …”

කථිකාචාර්ය සේවයේ මගේ turning point එකක් එනවා 2010 අවුරුද්දේදී. අහම්බෙන් මට සිද්ධ වෙනවා මොරටුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ ((UMTA) AGM එකට සහභාගී වෙන්න . එකත් හරි අපුරු විදියකට වුනේ .මගේ Sir කෙනෙක් කතා කළා "රංගික AGM එකේ forum එක මදි . එන්න පුලුවන්ද පොඩ්ඩක්.. " කියල . මමත් සහභාගී වුනා වැඩිය නොහිතම .එකේදී මාව තේරුණා Assistant Secretary විදියට එදා, ඒ වෙනකොටත් මම level 1 coordinator . ඒක Turning point එකක් වෙන්නේ එතනින් තමයි මම පටන් ගන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් එක්ක වැඩ කරන්න.

ඊට පස්සේ 2011 දී මට AGM එකේදී දැනට තේරීපත් වුන ලාබාලතම සභාපති විදියට තේරීපත්වෙනවා.

මට අභියෝග හමුවේ මගඇරලා යන පුරුද්දක් නැති නිසා මන් එදා ඒ post එක භාර ගත්තා.ඒ වෙනකොට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය strick එකක් කරලා ඉවර වුණා විතරයි නිසා හැමෝම මට කිවුව දෙයක් තමයි බය වෙන්නෙපා අයිත් අවුරුදු කීපෙකට strick නම් නැහැ කියල . 

මාස ගානක් ගත වෙද්දී ජිවිතේ පළමු වරට 2012 දී 6% කියන සංකල්පය සමග අඛණ්ඩ වැඩවර්ජනයකට .UMTAඑකේ සභාපතිධුරය වාසනාවක් විදියට දැක්ක එදා මම .මමත් හරි දුප්පත් තැනකින් ආව හරි අමාරුවෙන් ගත්ත මනුස්සයෙක් . මට ආසාවක් තිබුන අධ්‍යාපනය වෙනුවෙන් දෙයක් කරන්න ඉතින් මම දැක්ක එතන තමයි හොදම තැන කියල, මම ඒ කටයුත්ත හරිම අසාවෙන් කළා .එදා ඉදල දැනට සති කීපෙකට කලින් වෙනකන්ම මෙහි මම ඉතාම ක්‍රියාකාරීව වැඩ කළා .2012 Strick එක කියන්නේ මගේ ජිවිතේ අමතක නොවෙන දවස් 99.මට මතකයි දවස් 99 කිවුවට මම 99ට වඩා ගියා .මොරටුව කවදාවත් strick වලට ගිය විශ්ව විද්‍යාලයක් නෙමේ.අන්තිමට මාත් එක්ක මුළු මොරටුව විශ්ව විද්‍යාලයම එකතු වුණා .මේක දේශපාලන න්‍යායකට ගිය එකක් නෙමේ නිසා අපි තීරණය කළා දිගටම 6% මුද්‍රිත T -shirt ඇදන් දිගටම අරගලය සමග ඉන්නවා කියල .මේක මගේ ජිවිතේ ලබපු අමතක නොවෙන හා සුන්දරම කාලයක් කියල කියන්න පුළුවන් . ඉන්පසුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ (FUTA) ලාබාලතම සභාපති ලෙසත් කාලයක් කටයුතු කර සති කීපයකට පෙර එයින් ඉවත් වුණා .

“එදා සහ අද…”

පැහැදිලි වෙනසක් එදා සහ අද විශ්ව විද්‍යාලය ප්‍රජාව වෙතින් මම දකිනවා. ඒ වෙනස දැකීම තුලින් තමයි මම දරුවන් සමග සම්බන්ධ වෙන්නේ .මම මේ විශ්ව විද්‍යාලයේ දරුවන්ට තරවටු කරලා තියෙනවා ඕන තරම් . එත් මගේ කොල්ලෝ කෙල්ලෝ දන්නවා මම ඔවුන් එක්ක කහටක් හිතේ තියන් මේ දේවල් කරන්නේ නැහැ කියල .මම ආශාව මගේ දරුවෝ ටික මම වගේ වෙනවා දකින්න . සහෝදරයෙක් තාත්තා කෙනෙක් විදියට මම ඒ දරුවෝ එක්ක ඉන්නවා

මම මේ university life එක විදපු විදියක් තියෙනවා .මම ආසයි මේ හැම දරුවෙක්ම ඒ ජිවිතේ ඒ විදියට විදිනවා දකින්න .සිසුවෙක් විදියට එදා අපිට වෙනම සංස්කෘතියක් තිබුන දේශන ශාලාවේ පුටුවක් ටැප් එකක් කැඩුනත් අපි ඒවා හදාගත්ත, පිරිසිදුව තියාගත්තා මම කැමති ඒ දේවල් අයිත් දකින්න.

“සම්මාන රැසක් සමග ඉදිරියටම…”


මගේ ජීවිතේ මම හරිම වාසනාවන්තයි කියන්න පුළුවන් මෙතරම් අඩු වයසකින් සම්මාන රාශියක් සතු වීම ගැන

Sri Lanka Association for the advancement of Science – Postgraduate Research merit award -2009 
Hiran Thilakaratne Research Award, UGC for the research carried out during the period of 2007-2009 
Award for outstanding research performance, UoM , 2012 
Award for outstanding research with d distinction, UoM,2013 
JCI TOYP (top outstanding young person of Sri Lanka) award- academic leadership and accomplishment for the year 2014 
Award for outstanding research award with distinction, UoM 2014 
Energy Globe Award - National Award -2016 
CVCD excellence award – 2016 

මේ වසරේ මට සම්මාන 2 ක් ලැබුණා ,ඇත්තටම ගොඩක් සතුටුයි. CVCD award කියන්නේ මගේ ජිවිතේ මම හරිම අසාවෙන් සහ බලාපොරොත්තුවෙන් හිටපු ,ඉලක්ක වලට ගෙනියපු සම්මානයක් කියන්න පුළුවන් .CVCD award එක ගැන කියනවා නම් එකේ මට හම්බුනේ තවම මගේ වයස අවුරුදු 38 වුනත් අවුරුදු 40ට අඩු young researcher කියන ඛණ්ඩයෙන් ,එකේ selection criteria එක තමා මම දන්න තරමට විශ්වවිද්‍යාල ජිවිතේ වඩාත් අමාරුම, කටුකම විදියට තේරීම් නිර්ණායක තියෙන සම්මානය .එතනදී සම්පුර්ණයෙන්ම ඇගයීම වෙන්නේ මගේ Research and Publication කියන පැත්තෙන් .

Lecturer කෙනෙක් professor කෙනෙක් වෙද්දී criteria 03ක් බලනවා. Teaching, Research, National contribution. මෙහෙදී දෙවෙනි ඛණ්ඩය ඇගයීමට ලක් වුන සහ වැඩිම ලකුණු ලබාගෙන CVCD award එකෙන් පිදුම් ලබන්නට මට පුළුවන් වුණා.

“අනාගත බලාපොරොත්තු…”

FUTA එකේ සභාපති වෙනකොට මට තිබුන මාර්ග දෙකක් එදා එකක් FUTA එකේ සභාපති වෙන එක සහ මහාචාර්යවරයෙක් වෙන Application එක submit කරන එක, එදා මම මහාචාර්යවරයකු වීමේ ගමන මදක් පසකින් තබා FUTA එක භාරගත්තා.මම කැපකිරීමක් එදා කළා.අවසනා දිනට මාස 02කට කලින් මං FUTA එකෙන් නිදහස් වෙද්දීම නැවතත් මගේ පසකින් තැබූ අරමුණට ළඟ වීමට වැඩ කටයුතු ඇරඹුවා.තව මාස කිහිපයකින් මහාචාර්යවරයකු වීමට ඒ අවශ්‍ය වටපිටාව සැකසෙයි කියා බලාපොරොත්තු වෙනවා.

“ඇත්තටම අපි කොහෙද ඉන්නේ…”

මගේ මිතුරෙකු සමහ කල සංවාදයකදී ඔහු කියනු ලැබුවා ඔහුගේ පුතාව විදේශ අධ්‍යාපනයක් ලබා දෙනවා කියලා . මගේ සංකල්ප සමග මං ඔහු සමග තර්ක කරනු ලැබූ විට ඔහු කියා සිටියේ ඔබතුමාගේ විශ්ව විද්‍යාලය දකුණු ආසියාවේ හොදම 100 හෝ ලෝකේ පලවෙනි 1000 තියෙනවද කියල, එවේලේ මට පුදුම ලැජ්ජාවක් ඇති වුණා . මෙතරම් ආඩම්බරෙන් හොදම තාක්ෂණික විශ්ව විද්‍යාලය කියාගන්න අපි ඉන්නේ කොහෙද කියල හිතන්න පටන් ගත්තා .

ලංකාවේ හොදම spirit එක අපේ මොරටුවට එනවා එත් කොහෙද අපි ඇත්තටම ඉන්නේ. World rank Asian rank වල නැත්තන් මොරටුව කොහෙද තියෙන්නේ? මේ ක්‍රම වේදය වෙනස් වෙන්න ඕන . මේවා අපි open කතා කරන්න ඕන දේවල් ., හැමෝටම සමාන අධ්‍යාපනය ක් තියෙන්න ඕන .තව දුරටත් ලංකාව කියන context එකේ ඉදල කතා කරන්න බැහැ මොකද ලෝකේ විශ්ව ගම්මානයක් අද . ලෝකය සමග අපි කරට කර නැහැ තාම ..ඉස්සර මම කිවුව මගේ දරුවන්ට කවදාවත් රට දාලා යන්නෙපා මෙහෙ ඉදල ඉගෙන ගනිල්ලා කියල ,අද මට ඒක කියන්න බෑ .අපි තම ලෝකේ තැනක නැහැ. මේකට ප්‍රධානම කරුණ විදියට මම දකිනවා අපේ මේ තියන mentality එක.

බොහෝ දෙන මේ නිදහස් අධ්‍යාපනය කියන වචනේ තේරුම කැමති නිර්වචනය කරන්න අධ්‍යාපනයේ නිදහස කියන එකින් නෙමේ නොමිලේ අධ්‍යාපනය දිය යුතුයි කියන එකෙන්. අද අධ්‍යාපනය සැබවින් නොමිලේ දෙන එක් නෙමේ .මට මෙතනට එන්න වෙන කවුරුවත් නෙමේ මේ රටේ ඉන්න දුප්පත් අම්මා තාත්ත වියදම් කලේ . මම මේ රටට ණයයි .ඔන්න ඔය දේ මිනිස්සුන්ගේ ඔලුවට යන තාක්කල් මම හිතන්නේ නැහැ අපිට රටක් විදියට නැගිටින්නවත් විශ්වවිද්‍යාලයක් විදියට ඉදිරියට යන්නවත් පුළුවන් වෙයි කියල . මේ මානසිකත්වය අපි විශ්ව විද්‍යාල දරුවෝ ආචාර්යවරුන්ට ලබා දෙන්න ඕන .අපේ විශ්ව විද්‍යාලය තම එහෙම තැනක නැහැ, මගේ විශ්වවිද්‍යාලය මං දකින්නේ මගේ දෙවෙනි ගෙදර කියල නමුත් අපි ඔටුන්නක් ගෙන කට කරන්න හොද නැහැ අපි තමයි හොදම කියල , ඒ මානසිකත්වය බිදලා හිතන්න ඕන අපි හොදම නෙමේ , අපිට තව යන්න ලොකු ගමනක් තියෙනවා කියල,එහෙම නොවුනොත් අපි දිනෙන් දින පරාද වීමකුයි වෙන්නේ .

“ජීවිතේ එකම පැරදුම…” 

එකම එක අවස්ථාවක් හැර ඇත්තටම මම මගේ ජීවිතේ පැරදුන තැනක් දකින්නේ නැහැ. ඒ මගේ ප්‍රේම සම්බන්ධය බිදවැටුණු අවසථාව, එකවට මම විශ්වවිද්‍යාලයේ අවසාන වසර හිටියේ , විභාගයට මාස ගානක් තියා වූ මේ දේ නිසා දැඩි ලෙස මානසික කඩා වැටීමකට මම ලක් වුණා , මේ දේවල් තරුණ පිරිස් වලට පොදු දේවල්.

එකත් මම දැක්කේ එක්තරා විදියකට අභියෝගයක් විදියට . එක ගැන මම දුක් වෙන්නේ නැහැ.

“ඇය මගේ ශක්තියයි…”

සැබවින්ම මගේ ජිවිතේ අතිශය කාර්ය බහුලයි , විශේෂයෙන්ම Strike එක දවස් වල දවස ගණන් නිදි නැතිව ගෙවුවා .මගේ ජීවතේ මේ තත්වෙට එන්න උදවු කරපු කෙනා තමයි මගේ දෙමේ මාපියන් හැරුනම මගේ බිරිද. ඇය ඇයගේ ජිවිතේ ගොඩක් කැපවීම් කරා . උසස් අධ්‍යාපනය පවා කැප කරා වගේම අදටත් private practice කරන්නේ නැහැ .මගේ මේ හැමදේකටම ශක්තිය වුනේ මගේ බිරිද.එය මගේ දරුවෝ වෙනුවෙන් සැහෙන්න කැපකිරීමක් කරනවා වගේම ගෙදර වැඩ කටයුතු සියල්ල සොයාබලනවා .ඒ දේවල් තුලම මට නිදහසක් ලැබෙනවා මගේ ජ්විතේ අනිත් දේවල් කරන්න .

මේ වසර ඇත්තටම මට ගොඩක් කාර්ය බහුල අවුරුද්දක් වුණා research, teaching එක්ක .ඒවගේම National Human Resource Development council එකේ council member කෙනෙක් විදියටත් National Institute of Education එකේ academic affairs committee eke board member කෙනෙක් විදියටත් කළා. මේ තනතුරු වලින් මට පුළුවන් වුනා මදක් හෝ මේ රටේ අධ්‍යාපනයට තියෙන ණය ගෙවන්න . මේ හැම දේටම මගේ පසු පසින් ඇය නිරන්තරයෙන් හිටියා .
මගේ අම්ම තාත්තා සහෝදරයා වගේම මගේ යාළුවන් , විශ්වවිද්‍යාලය ඇතුලේ මට සහය වන පිරිසත් මේ වේලේ අමතක කරන්න බැහැ .මේ හැමදෙනාගේම හයියෙන් මගේ වැඩකටයුතු කරගෙන යන්න මට පුළුවන් වුණා . 


“ගුරුවරයකු විදියට දරුවන්ට පණිවිඩයක්…”

පලවෙනි පණිවුඩේ මම දැනටමත් දී හමාරයි එනම් තව දුරටත් මේ අධ්‍යාපනය නොමිලේ ලැබුන කියල හිතන්නෙපා ,එක මම කරන ආයාචනයක් .

අධ්‍යාපනයේ ඵල නෙලා ගන්න නෙලා ගන්න , රටට සමාජෙට අපේ තියෙන ණය වැඩි වෙනවා .ඒ දේ හිතට ගන්න ඕන අපි හැමෝම . 

දෙවෙනි පණිවුඩේ තමයි තමන් තමන්ට ආදරේ කරන්න ආදර සම්බන්ධයකදී අපි කියනවා මම ඔය වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති කියල . ඇත්තටම ඒදේ කරන්න බැහැ . තමන් තමන්ට ආදරේ කරන්න පටන් ගත්තම මේක මගේ රට මගේ දෙමවුපියන් මගේ පාසැල මගේ විශ්ව විද්‍යාලය කියල හිතන්න ගනී. මුළු ලෝකෙටම මේ තුලින් ආදරේ කරන්න පටන් ගනීවි .

Tution කියන සම්ප්‍රධායෙන් පැමිණි දරුවෝ ඉන්නේ, ඔවුන්ගේ critical thinking කියන එක නැහැ ඒ දරුවෙක්ගේ මොළය පහුණු කිරීමත් ඊට ඉතා අපහසුයි .

ඒවගේම තව දෙයක් තමයි මම A /L වලින් ගණිත අංශයෙන් විශ්ව විද්‍යාලට එද්දී ඒ කරපු දේවල් වලින් 10%ක්වත් භාවිත කරන්නේ නැහැ, ඒවගේම විශ්ව විද්‍යාලයේ උපාධිය කරපු දේවල් වලින් 10%ක් වත් වරලත් ඉංජිනේරුවෙක් වුනාම භාවිත කරන්නෙත් නැහැ .නමුත් මම මේ හැමදෙකින්ම මම දකින්නේ අධ්‍යාපනය කියල මම දකින්නේ Brain Train එකක් .ඒ ඒ අංශවල අධ්‍යාපනයෙන් ඒ ඒ අංශවලින් ඉදිරියට යන්න මොලේ දියුණු කරනවා . මගේ බිරිද සහ මම ගත්තම අපි දෙන්නා ප්‍රශ්නයක් දිහා බලන්නේ විධි දෙකකින් .අන්න ඒ වෙනස තමයි අධ්‍යාපනයෙන් හදන්නේ. ඒ දේ අපි තේරුම් ගන්න ඕන ,

විභාග ඉලක්ක කරගෙන ඉගෙන ගන්නවා කියන තැනට ගියොත් අර කියන Brain Training එක බිද වැටෙනවා .ඒ තැන තමයි විශේෂයෙන් මොරටුව විශ්ව විද්‍යාලට එන දරුවන්ට වෙලා තියෙන ලොකුම අසාධාරණය .ඒ ගොල්ලෝ හිතනවා විභාග මානසිකත්වයත් එක්ක ගිහින් Brain training එක නැතිවෙලා ගිහින් දැනුම අරගෙන බුද්ධිය කියන දෙයින් ඈත් වෙලා.

“විකල්ප මාර්ග වලින් ඉලක්කයට …”

නිතරම මම ඉලක්කත් එක්ක වැඩ කළා . හැමවේලේම මම කියන දෙයක් තමයි “Don’t Pray for the best but try for the best " මගේ ජීවිතේ හරියට benchmarks තිබුණා මම කලින් කිවුවා වගේ එක අවස්ථාවකදී ඇර අනිත් සියලුම දේවල් වලදී මම සාර්ථක වුණා . ඒ දේදීත් මම හිතුවා 2004 දී මම විවාහ වෙනවා කියලා. 2004 දී ඒවගේම මම විවාහා වුණා.

මේ කාලෙට මම රැකියාවක් කරනවා, මෙන්න මේ salary එක ගන්නවා , මේ තැනට මම යනවා කියලා නිතරම හිතන්න ඕන .benchmarks තියාගන්න ඕන .

හැබැයි ඉලක්ක තියාගනිද්දී විකල්පත් ඒවගේම තියාගන්න ඕන .

මම හොද උදාහරණයක් දෙන්නම් .හිතන්න කොළඹට යන්න ඕන කියල මට . මම දන්නේ ගාලු පාර විතර නම් , මම එක විතරක් ඉලක්ක කරන් ගියොත් මම එතැනදී අසමත් .කිසිම කරදයක් නැතුව ගමන අවසාන තෙක් ඒ පාරේම යන්න පුළුවන් නම් ඉතාමත් සාර්ථකයි .නමුත් ඒක ජිවිතේ නෙමේ .එහෙම චරිතයක් ලබන්න හරිම අමාරුයි .

මම කියන්නේ ළමයින්ට ඔයාලට කොළඹ යන්න ඕන නම් ගාලු පාරෙන්.. ඔව් ගාලු පාරෙන් . නිතරම target එක තියාගන්න මම කොළඹට යනවා කියල , හැබැයි ඔය යන පාරේ විකල්ප පාරවල් ගැනත් සැලකිල්ලෙන් යන්න .නිතරම ඒවා ගැනත් බලන්න ඔයාට ලේසියෙන් යන්න පුළුවන්ද කියල .මොකද ගාලු පාර block වෙලා නම් ඔයාට ඒ පාරවල් පාවිච්චි කරලා ඔයාගේ අරමුණට යන්න පුළුවන් ලේසියෙන් .එක ඉලක්කයකකට යන්න එකම විදිය නෙමේ , විවිධ විදි දකින්න .එතකොටයි ජිවිතේ සාර්ථකත්වේ දකින්න පුළුවන් වෙන්නේ .

“අපි අපිව Market කරන්න ඕන…”

විශේෂයෙන් මොරටුවේ දරුවෝ ගත්තොත් ඔවුන් දන්නේ නෑ ඔවුන්ව හරියට market කරගන්න. Paper qualification වලින් තව දුරටත් ඉදිරියට යන්න බැහැ.මේ process එකේ ගියොත් අපි ලොකු කරදරේක වැටෙනවා.මොරටුව ගොඩක් දක්ෂ ළමයි ඉන්න, ලොකු capability එකක් තියෙන තැනක්.මේ තියෙන අඩු resources වලින් කරන දේවල් දැක්කම වැරදිලාවත් 1-2% ඒ දේවල් වැඩි වුනෝත් අපි කොතැනටයයි කියල හිතාගන්නවත් බැහැ.

අපි කරන කියන දේ open market එකට ගෙනියන්න ඕන, ඒ දේවල් හොදට market කරන්න ඕන. අපේ Talents, අපේ ජයග්‍රහණ වගේම අඩුපාඩුත් අපි ලෝකෙට ගෙනියන්න ඕන.එතකොටයි අපිට අපේ අඩුපාඩු හදාගන්න පුළුවන් වෙන්නේ. නිතරම open minded වෙන්න ඕන, අපිට කියන්න බහ හැමවෙලේම අපි කරන දේවල් හරි කියල, මගේ ජිවිතේ මම වැරදි කරලා තියෙනවා.නමුත් මට පුළුවන් කම තියෙන්න ඕන වැරැද්ද වැරැද්දක්ම විදියට හදුනා ගන්න.මම කරපු කියපු දේ මේ විදියට කලේ, මේ නිසි මට වැරදුනේ කියනව නම් , අපේ පසුපසින් එන පිරිසට එක උදවුවක් වෙන්නේ. මොකද ඔවුන්ට පුළුවන් ඒ වැරදි නොකර ඒවා මග හැරලා ගමන යන්න .

“Mora Media Club එකට සුබ පතනවා…”

බොහොම හොද දෙයක් මේක .ඔයාල කරන මේ දේ නිසා අපිට අපේ සම්පත් market කරන්න උදව්වක් වෙන්නේ .මන් හිතනවා මේ දේ සාර්ථකයි කියල .අපේ විශ්ව විද්‍යාල websites එකත් සමග මේක link කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථක වේවි , එකෙන් තව තවත් මිනිස්සුන්ගේ අවදානය අපේ විශ්ව විද්‍යාලය යොමු කරන්න පුළුවන් වෙයි . මොරටුවේ නම ලංකාවෙන් එහාට ගෙනියන්න ඔයාලට පුළුවන් වෙන්න කියලා මම සුබ පතනවා.

අතිශය කාර්යය බහුල ජීවිතයක සිය වටිනා කාලය Mora Media Club වෙනුවෙන් කැපකර, 

අප හා දොඩමලු වෙමින් ,ඉතාමත් සුහදව, නිර්ව්‍යාජව ඔහුගේ ජිවන අත්දැකීම් රැසක් බෙදාහදා ගත් "රංගික හල්වතුර "ගුරු පියාණනි , ඔබතුමාට තව තවත් මේ රටට සේවයක් කරන්න අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා Mora Media Club අපි සමග මොරටුව විශ්ව විද්යලයම සුබ පතනවා .

සම්මුඛ සාකච්ඡාව සහ සටහන : Aruni Omalka Rathnasekara

1 comment:

  1. නිදහස් දිනයක උපන් විශිෂ්ට ශ්‍රී ලංකා පුත්‍රයකු වන ඔබට සුබ පතමු.

    ReplyDelete