Header Ads

නෙතදර 2016


ජීවයට හද ගැස්මට සුව දුන් සොබාදමේ අසිරිය නෙතු අග රදවන්නට මොරටුව විශ්වවිද්‍යාලීය හරිත මිතුරු සංසදය(nature team) විසින් 2007 වසරේදී නෙතදර ජායාරුප තරඟය හා ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී 9 වන වරටත් සංවිධානය කරනු ලබන නෙතදර ජායාරුප තරඟය හා ප්‍රදර්ශනය මෙවර හරිත මිතුරෝ සංසදයේ අනුශාසක සුසිර උඩලමත්ත ගුරු පියනන්ගේ අනුශාසකත්වයෙන් හරිත මිතුරෝ සංසදය විසින් සංවිධානය කර ඇත .වත්මන් යොවුන් පරපුර හා සොබාදම අතර පවතින සබඳතාව ඔප් නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ප්‍රධාන තරඟ අංශ තුන වන පාසල් අංශය විශ්ව විද්‍යාල අංශය හා විවෘත අංශය යටතේ පැවැත් වු නෙතදර ජායාරුප තරඟාවලියේ දී ජායාරුප 1400ක් අධික ප්‍රමාණයක් අතුරින් අවසාන වටය සඳහා ජායාරුප 127 ක් තෝරාගෙන ඇත.ප්‍රවීණ ජායාරුප ශිල්පීන් වන විමුක්ති වීරතුංග මහතා , නදීක හපුආරච්චි මහතා සහ දිවංක රන්දුල මහතා විනිශ්ය මණ්ඩලය ලෙස කටයුතු කරන ලදී.

අවසාන වටය සඳහා තෝරා ගත් ජායාරුප 127 , නොවැම්බර් 25-26 දෙදින තුළ මොරටුව විශ්ව විද්‍යාලීය දෙදින තුල මොරටුව විශ්වවිද්‍යාලීය පැරණි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැවැත්වේ . තෝරාගත ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම නොවැම්බර් 25 වන දින පෙරවරු 9 ට ආරම්භක උත්සවයේදී පිරිනැමීමට හරිත මිතුරු සංසදය කටයුතු සුදානම් කර ඇත. මෙදිනට සියලුම දෙනාට නැරඔීම සඳහා ආරධනා කරනු ලැබේ .

ලිපිය : හර්ෂ චාමර

No comments