Header Ads

Job එකක් හොයාගන්නෙ කොහොමද? - නව ලිපි මාලාව


ඔබ දැන් අවසන් වසර සිසුවෙක් වෙන්නට ඉඩ තිබෙනව. නැති නම් විශ්ව විද්‍යාල දිවිය අවසන් කළ ගමන් වෙන්නට පුළුවන්.

ඔබ ඔබගේ මංගල රැකියාව සොයනවා වෙන්න පුළුවන්, නැතිනම් කරමින් සිටින රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරු වෙන්න හිතනවා වෙන්න පුළුවන්, එක්කො කාලයක් රැකියාවක් නොකර ඉඳල, යළිත් රැකියාවකට යොමු වෙන්න හිතනව වෙන්න පුළුවන්.

ඉතින් මේ කොයික කරන්නත්, කරුණු දෙකක් පිළිබඳව සැළකිලිමත් වෙන්න වෙනවා.

ඔබ පිළිබඳව තේරුම් ගැනීම. 
රැකියා වෙළඳපළ පිළිබඳ තේරුම් ගැනීම. 

මේක අපි කොටස් 4කට වෙන් කරගෙන සාකච්ඡා කරමු.

ඔබගේ සුදුසුකම් ගොඩනඟා ගැනීම.
ඔබගේ Resume එක යාවත්කාලීන කිරීම. 
ඔබ ගැන කෙටි හැඳින්වීමක් සකස් කර ගැනීම. 
ඔබ ඉගෙනීමට කැමති ඔබගේ රැකියාවට සම්බන්ධ දේ ලැයිස්තුවක් සකසා ගැනීම. 
සූදානම් වීම. 
හැසිරීම / ක්‍රියාත්මක වීම සම්බන්ධ සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්න. 
අදාල සමාගම ගැන සොයා බලන්න. 
වේදිකාව සකසා ගැනීම 
අවිධිමත් සම්මුඛ සාකච්ඡාවක් සූදානම් කරගන්න. 
සබඳතා ගොඩනඟාගන්න. 
ස්වේච්ඡා කටයුතු සිදු කරන්න. 
දුරකථන සංවාද හරහා සම්බන්ධ වන්න. 
මානසිකත්වය සකස් කර ගැනීම. 
ඔබ සිතනා ආකාරය වෙනස් කරගන්න. 
එක් තැනකට ස්ථාපිත වන්න. 
ඔබගේ හැකියාවන්ට ගැළපෙන රැකියාවක් සොයන්න. 

මෙන්න මේ සරළ අනු මාතෘකා යටතේ අපි මේ ගැන සාකච්ඡා කරමු. මේ ලිපි මාලාව ඉදිරියට සංවිධානය වෙන්නෙ ඉහතාකාරයට තමයි. ඉතින් ඉදිරි ලිපි වලින් හමු වෙමු,

මේ ලිපි ලියන මම, 
ඉංජිනේරු මාධව හබරකඩ (AMIESL, BSc. Eng (Hons), Green SL® AP)
http://www.madhawa.lk

No comments