Header Ads

සකුරා


~ ~ සකුරා ~ ~ 






නුහුරු සිරි නරබමින්,අතිශය සිහින් වූ මඳනලක ට විරුද්ධව මානිහඬ ටටොයිකු-සූ මාවත් දිගේ ඇවිද යන්නට විය. ගෙවී අවසන් වූයේ ගතට ට ‍මෙන්ම මනස ට ද ඉතා වෙහෙසකර දින කීපයකි. පසුව එලබි උදෑසන අතිශය සෞම්‍ය එකක් විය.මගේ සිත තුල තිබෙන ජයග්‍රාහී සතුට මාගේ දෑස් මත දදෙකම්මුල් මතද තවමත් රැඳී ඇති බව හොදාකාරවම දැනේ.ජපන් මිත්‍රත්ව සමුුළුවේ ශ්‍රී ලංකා නියෝජිතයින් ලෙස පැමිණි අප කණ්ඩායමේ ව්‍යාපෘති නිලධාරියා වශයෙන් පෙර දින පැවති සමුුළුව ට මවිසින් ඉදිරිපත් කල ව්‍යාපෘති යෝජනාවඒකමතිකව සභා සම්මත වීම හේතුවෙන් මා අතිශය ප්‍රීතියෙන් පසු විය.සකුරා මල් සිරි නරඹමින් උන් නෙතදනැවත මා මව් රට බලා පැමිණි පසු ලැටබන පැසසුම් පිලිගැනීම ගැන සිහින දකින සිත දවෙනදා නොවූ ජයග්‍රාහී සතුටකින් ඉපිලී ඇත.ඉගිලෙන චිත්ත ධාරා අතරින් මානිහඬ ටටොයිකු-සූ” මාවත දිගේ පිය නගන්නට විය.විටින් විට මා අසලින් යන රිදී පැහැති පා පැදි වල නැගි ජපනුන් ගේ ලයාන්විත සිනහව මා සිත පිනවයි. මෙග දෙපස සකුරා හෙවනට යටත් වූ ලෑලි බාකු "ටෝයිකු-සූටෝයිකු-සූ" මාවත තව තවත් ප්‍රියමනාප කරවයි.දකුණු පසින් වූ සකුරා හෙවනක ලෑලි බංකුව මත මගේ සිත මන්දගාමී වනු දැනේ. බංකුව මත උන් පියකරු ජපන් ගැබ්බර ලඳ මගේ චිත්ත ධාරා වල ගමන් මග වෙනස් කරන්නට සමත් විය. 

*************

නමින්" ශානිකා" වූ ඇය මා හට හට හමුවුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාල භුමියේදීය. සිව් වසරක් වයසැති විවාහ ජීවිතයේහැකි පමණ සතුටින් ගත කිරීමට උර දුන් ඇය සැබවින්ම යහපත් බිරිදකි .හැකි සැමවිටම මා ඇය ලඟින්ම සෙනෙහසින් කල් ගෙවීමට උත්සහ කලද තවමත් ඇය යම් කිසි සිත් වේදනාවකින් පීඩාවකින් පසුවන බව නම් නොරහසක් වේ. වසර කිහිපයකට පෙර ඇහගේ තුරුලේ හිදමා මැවි ඒ කිරිකැටි බිලිදු තවමත් මගේ මනසේ මෙන්ම ඇගේ මනසේද හොල්මන් කරනවා විය යුතුය.

"විහර මානෙත් " 
"මනුෂී නඳුත්තරා " 

විශ්ව විද්‍යාල භුමියේ සුමුදු තණපත් මත වැතිරපොද වැස්සේ සෙනෙහසින් නිර්මාණය කල ඒ සුවදවත් නාමයෝජනා මුවින් පිට වුවේ පරාජිත සිනහවක්ද සමඟිනි.

මොහොතකින්මගේ අත් පා නිසලවී ඇතී බව මම වටහාගතිමි . නිරායාසයෙන් පිටවූ සුසුමකින් ආයාසයෙන් නව ජවයක් ලද මම අසලින් වූ බංකුව මත ඉදගතිමි. නැවත ගැඹුරු හුස්මකින් ලය පුරවාගත් මාමේ මොහොතේ මාගේ සිත සනසන්නට සමත් සමුළු වාර්තාව ගැන සිත යොමු කරන්නට විය. සමුළුවේ දී ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ මා යම් බලාපොරොත්තුවකින් පසුවුවද ,එය එතරම් පැසසුමට ලක් වේ යැයි මා සිතුවේ නැත. එම අවස්ථාව මතකයට නැගෙන විට සිතට ඉමහත් සතුටක් සම්ප්‍රේශනය වේ. ආසනය මත හරිබරි ගැසුණු මාබෑගයේ තිබූ යෝජනාව ගෙන ඒ මේ අත පෙරලන්නට විය. ඉදිරි අනාගතයේදී ක්‍රියාවට නැංවෙන එම ව්‍යපෘතිය පිළිබඳ සිහින රැසක් වැසුනු නෙතු අභ්‍යන්තරයේ දිස් වන්නට විය. මාගේ මනෝකාය වසර කිහිපයක් ඉදිරි අනාගතයට පිය නගන්නට ඇත.

මොහොතකින්මා අත වූ ලිපි ගොනුව මත පතිත වූ ඒ සොදුරු සකුරා මල සිහිනයෙන් මා මුදවනු ලැබීය.සුව නින්දකින් අවදි කරවූයෙකු කෙරෙහි ඇතිවන්නාවූ අමනාපයේ සකුරා මල කෙරෙහිද සිත තුල උපන්නද එහි ගැබ්ව ඇති සොදුරු පියකරු බව මගේ සිත ක්ෂණයකින් සනසන්නට සමත් විය.සකුරා මල අතට ගත් මා හට සුපුරුදු නමුත් දුරස් හැඟීමක් දැනෙන්නට විය. සකුරා මල මගේ මතකයන් අතර සැගවී ඇති ඡායාවක් වැනි යමක් එළියට ඇදීමට වෙර දරනු දැනේ.

**********
ඇගේ බෝඩින් කාමරයේ බිත්ති පුරා අලවා තිබුණේ සකුරා මල් වල පින්තූර ය. සහෝදර පාසලට නවක භාශා ගුරුවරියක වූ ඇය ,සකුරා මල් වලට ප්‍රිය කරන්නියකි .ඇය දුටුවන් ප්‍රිය උපදවනසුලු රූ සපුවකින් යුතු විය. එවකට මා උසස්පෙළ හදාරන අතර දිවියේ කුණාටු සමය ගෙවමින් හුන්නේය. කෙසේ නමුත් මගේ මෙන්ම මගේ මිතුරන් අතරද "නුවනි" ගුරුතුමිය ජනප්‍රිය චරිතයක් වී තිබුනි. ඇය ගැන මා සිත තුළ වූවේ සොදුරු වූත් උද්වේගකර වූත් නුහුරු හැඟීමකි. කාලයත් සමඟම ඇය හා කිට්ටු සබදතාවක් ඇති කරගැනීමට මා හට හැකි වුවත් එය එතරම් පහසු කටයුත්තක් නොවීය. කෙසේ නමුත් එම සබදතාවත් සමග මා පාසලේ මිතුරන් අතර අතර තරමක ජනප්‍රිය චරිතයක් උසුලන්නට විය.

ජීවිතයේ කුණාටු සමය ගත කරමින් උන් මාවසර කීපයක්ම වයසින් වැඩිමල් වූ නුවනි ගුරුතුමිය සමඟ ඇති කරගත් සබදතාවයට නමක් ද දැන සිටියේ නැත. නමුත් එය මාහට මනරම් හැගීම් උපදවන්නක් විය. නිහඩ චරිතයක් වූ ඇගේ පෙම් හසුන්මට මෙන් මගේ මිතුරන්ටද ආස්වාදයක් ගෙන දෙන්නක් විය. මා හට තේරුම් ගැනීමට නොහැකි කරුණක් වුවත්නුවනි ගුරුතුමිය මා හට හදවතින්ම ආදරය කරන බව මට දැනුනු වාර අනන්තය. හදුනාගත් කල අතිශයින්ම ආඩම්බරකාර චරිතයක් වූ ඇය කාලයත් සමගම ඉතා විවෘතකාරුණික චරිතයක් බවට දැනෙන්නට පටන් ගෙන ඇත. මුලදී එවැන්නක් නොතිබුන මුත් පසුකලෙක මගේ හිත තුළද ඇය කෙරෙහි එවන් හැගීම් ඇති නොවූවා විය නොහැකි යැයි මා අදටත් තර්ක කරමි. ඇගේ පෙම් හසුන් මිතුරන් අතර කියවා වීරයකු වීම මා නවතා දැමුවේ එබැවින් විය යුතුය.

දිනක් ඇය පාසල් නොගිය බව දැනගත් මම පාසල් අවසන්ව ඇය බැලීමට බෝඩිමට ගියෙමි.සකුරාමල් රූප වලින් අලංකෘත වූ කුඩා කාමරය එදින මට සුර මාලිගයක් මෙන් දැනෙන්නට විය. ගෙවූ හෝරාව දැනුණේ සොදුරු සිහිනයක සැරිසැරුවා මෙනි. 

පසු දිනක ඇගේ පෙම් හසුනක් මගේ මව අතට පත් වීම හේතුවෙන් නිහඩ වූ නමුත් තදබල යමක් සිදුවී තිබිණි.තත්වය සමනය වී මා නැවත පාසල් යන විටඇය ඇයගේ පාසලෙන් ඉවත්වී ඇති බව ද ටික දවසක පටන් බෝඩිම වෙනත් අයෙකුට ලබා දී ඇති බවත් දැනෙන්නට ලැබිණි.කාලයත් සමඟම ඇගේ මතකය මෙන්ම මගේ සෙල්ල්ක්කාර දිවියද දුරස් විය.මා දැන සිටියේ නුවනි ගුරුතුමියට කාත් කවුරුවත් නැති බවත්කුඩා කල සිටම කනයාරාමයක හැදී වැඩී ඇති බවත් පමණි.

"ටෝයිකු-සූ "පාසලේ පාසල් අවසන් සීනු නාද මගේ දැහැන් බිදින්නට සමත් විය. මා හිදින්නේ පාසලක් අසල බව මාහට පසක් වුවේ එවිටය.සිනාමුසු මුහුනින්ද සැහැල්ලු සිතකින්ද මා නැගී සිටින්නට විය.පාසල අවසන් වූ ප්‍රීතියෙන් සිසුන් දිව එයි. හදිසියේම සිසුවකු පා පැකිලී වැටීමට යන බව මා දුටු බැවින්මගේ ක්ෂණික ක්‍රියාකාරීත්වයෙන් දරුවා වැටීමට ප්‍රථම අල්ලා ගැනීමට මට හැකි විය. මොහොතකින් කලබල ගතිය මඟහරවාගත් දරුවාදෙවරක් හිස නමා ආචාර කොට පිට විය. ලාංකික සම්භවයක් ඇතැයි සිතෙන ඔහුගේ රුව මගේ නෙතට යම් හුරු බවක සංවේදනයක් දනවන්නට විය. 

බිරිඳට හදිසි අසනීප තත්වයක් ඇතිවී ඇති බවට මුසාවක් පැවැසූ මාපසු දින උදෑසනම මව් රට බලා පිටත් වීමට ජපන් ගුවන් තොටුපලට පැමිණියේය.ගුවෝතොටුපල අංගනයේ ඇති අසුනක් මත මා හිඳ ගත්තේ මට දෙපා වාරු නැති සේයාවක් දැනුන බැවිනි.මගේ හදවත තවමත් ගිනිගෙන දවෙනු දැනේ.ස්වසනය අක්‍රමවත්ය. මා අභයන්තරයේ ම මා හා තවෙකෙකු සටන් වදිනු දැනේ. යමෙකු තියුනු කටුවකින් හදවත පහුරු ගානා සේය. ආයාසයෙන් හෙලන සුසුම් ජීවය රැකදෙයි. වෙව්ලන දෑතින් යුතුව මා පසුම්බියේ වූ " ටෝයිකු-සූ " පාසල් දරුවාගෙන් වැටුණු ශිෂ්‍ය කාඩ්පත ද පසුම්බියේ වූ මගේ කුඩාකල ඡායාරුවද අතට ගන්නට විය.




වැරෙන් වැසූ බොඳ වූ නෙතු අතර සකුරා මලක් දිස් විය!



සකුරා කෙටි කතාව moramag ට  ගෙන ආවේ -  උවිඳු ඉෂංක ජයසිංහ
                                                                   NDT පාඨමාලාව 


No comments