Header Ads

The Most Outstanding Student සම්මානය ප්‍රථම වරට වාස්තු විද්‍යා පීඨයට....

වසරක් ගෙවී ගිහින් නව වසරක් උදා වෙන්න ආසන්න මොහොතකයි අපි දැන් ඉන්නේ. කාලය නොදැනිම ගත වෙලා.. හරියට හීනයක් වගේ. 2016 වසරට පා තබද්දී අපි කොච්චර නම් හීන පොදි බැදන් එන්න ඇත්ද? ඒ වගේම මේ වසරේදී අපි තව කොච්චර නම් හීන දකින්න ඇත්ද? 

උසස් පෙළ ඉහළින් ම සමත් වෙලා campus එන්න.. අතිදක්ෂයන් ගොඩක් අතරේ කැපී පෙනෙන අතිදක්ෂයෙක් වෙන්න.. හොඳ GPA එකක් එක්ක 1st class ඩිග්‍රියක් ගන්න.. අපි හැමෝම හීන දකිනවා. ඇයත් ඒ වගේම හීන දැක්කා. මුළු විශ්වවිද්‍යාලයෙන්ම දක්ෂතම ශිෂ්‍යයා; නැතිනම්, The Most Outstanding student වෙනවා කියන්නේ අපි හැමෝටම හීනයක්. හැබැයි ඒ හීනය සැබෑ කරගන්න ඇයට හැකි වුණා. 2016 වර්ෂය ඇයට ගොඩක් සුවිශේෂි වුණේ එනිසයි.

මොරටුව විශ්වවිද්‍යාලීය ඉතිහාසයේ නව පරිච්චේදයක් සනිටුහන් කරමින් 2016 වසරේදී The most outstanding student සම්මානය වාස්තු විද්‍යා පීඨයට ප්‍රථම වතාවට රැගෙන ආ ඇය; නමින්, චතුර්ති ද සිල්වා. මේ වන විට Applied Mathematics, Statistics හා Spatial Information System පිළිබදව මොරටුව විශ්වවිද්‍යාලීය කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ඇයව අපට හමුවන්නේ නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යනාංශයෙන්.. 

Media Club අපි මේ වසරේ The Most Outstanding Student සමග සිදු කළ සුහද සංවාදය... අද... Mora Mag තුළින්..........

The most Outstanding Student of UOM සම්මානය ගැන කිවුවොත්....

The most Outstanding Student award කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යාට හිමිවන ප්‍රොෆෙසර් දයාන්ත විජේසේකර award එක. හැම department එකකම batch top ට දෙන award එකක් තියනවා. ඒ අනුව මට Town & Country Planning Department එක වෙනුවෙන් ප්‍රොෆෙසර් විලී මෙන්ඩිස් award එක හිමි වුණා. ඒ වගේම Faculty අනුවත් හොදම ශිෂ්‍යයා තෝරා දෙන award එකක් තියනවා. එතකොට මේ Most Outstanding Student කියලා කියන්නේ මුළු university එකෙන්ම හොදම ශිෂ්‍යයාට පිරිනමන සම්මානයට. ඒකට අපි අයදුම් කලාම අපිට interview තියලා ඒ අතරින් වඩාත්ම සුදුසුකම් තියන ශිෂ්‍යයා මේ සම්මානය සදහා තෝරාගන්නවා. ඒකට academic වැඩ, GPA, extra curricular activities, sports, social work, leadership වගේ ගොඩක් criteria ගැන අවධානය යොමු කෙරෙනවා. 

ඉතින්...The Most Outstanding Student විදිහට select වෙලා කියලා ආරංචි වුනාම මොන වගේ හැගීමක්ද දැනුණේ?

ඇත්තටම මට හිතා ගන්නත් බැරි වුණා. මම ගොඩක් suprise වුණා. මාත් එක්ක interview එකට තව දොළොස් දෙනෙක් විතර ඇවිත් හිටියා. ඒ හිටපු හැමෝම batch top වුණු, sports කරපු, ගොඩක් දක්ෂ අය. ඒ හැමෝම අතරින් මේ award එක සදහා මාව තෝරගැනීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. Architecture ෆැකල්ටියේ පළමු වතාවට මේ award එක ලබා ගන්න පුළුවන් වීම ඇත්තටම මට ලොකු සතුටක්. 

Campus එකේදී මොන වගේ බාහිර ක්‍රියාකාරකම්වලටද දායක වුණේ?


1st year එකේදී මම Tennis team එකට join වුණා. ඒ 2012 දී. ඒ අවුරුද්දේදී අපේ Tennis Women’s team එක UOM ඉතිහාසයේ පළමු වතාවට inter-uni Tennis ශූරතාව දිනා ගත්තා. මේ ලැබුණු ජයග්‍රහණයත් එක්ක ඊලග අවුරුද්දේ ඒ කියන්නේ 2013 දී මාව vice captain විදිහට පත් කරා. 2013 SLUG අවුරුද්දක් නිසා vice captain විදිහට වගකීම් ගොඩක් පැවරුණා. 2012 දී අපි champions වුණු නිසා මැලේසියාවෙ Technology University එකෙන් අපිට invite කරා tournament එකකට. ඒකට සහභාගී වෙලා brownz medal එක ලබා ගන්න පුළුවන් වුණා. Tennis ගැහුවෙ අවුරුදු 2යි. 

2013 2nd year ඉද්දි මම Mora Spirit join වුණා. 2015දී apply කරලා මම Editorial pilar head වුණා. දැනටත් මං Mora Spirit executive committee එකේ ඉන්නවා. 

මීට අමතරව කරපු බාහිර කටයුතු තියනවද?

ඔව් මං පොඩි කාලේ ඉදන් ළමා නිවාසවල, වැඩිහිටි නිවාසවල ශ්‍රමදානවලට ගිහින් තියනවා.ඒ ළමයි එක්ක කාලය ගත කරන්න ආසයි. එයාලගෙ ඉගැන්වීම් කටයුතු, සුද්ද පවිත්‍ර කටයුතුවලට දායක වෙලා තියනවා. ඊට අමතරව British Council එකේ voluntary work කරලා තියනවා. 

Vice Captain වෙලා ඉද්දි ලබා ගත්තු අත්දැකීම් ගැන සදහන් කරොත්....

ඇත්තටම Vice Captain වෙලා ඉද්දි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ අවුරුද්දේ අපේ captain industrial training ගිහින් හිටියේ. ඉතින් practice co-ordinate කරන්න, කට්ටියව handle කරන්න මට ලොකු responsibility එකක් තිබුණා captain හිටපු නැති නිසා. Academic වැඩ අතරතුර Vice Captain වීම ඇත්තටම ලොකු වගකීමක්. ඒ වගේම 2013 SLUG අවුරුද්දක් නිසා Mora Spirit එකේ වැඩ ගොඩකුත් ඒ අතරතුර මට කරන්න වුණා. Academic වැඩයි මේ වැඩයි සේරම manage කර ගන්න මං ඉගෙන ගත්තා. 

පවුලේ විස්තර, ගම් පළාත, පාසල ගැන විස්තර කිවුවොත්....


මගේ ගම රාවතාවත්ත, මොරටුව. මං ඉගෙන ගත්තේ කොළඹ විසාකා විද්‍යාලයෙන්. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි හැම දේකටම මගේ පස්සෙන් ඉන්නවා. ආපස්සට යන්න නොදී මං මේ වෙනකන් ඉස්සරහටම ආවේ අම්මයි තාත්තයි නිසා. තාත්තා රට හිටියත් නිතරම මාත් එක්ක කතා කරලා මගේ අධ්‍යාපන කටයුතුවලට මාව දිරිමත් කළා. අම්මා තමා මගේ හැම දේකටම හෙවනැල්ල වගේ මගේ ළග හිටියෙ. 

ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු, campus එකේ lecturersලගෙන් මට ලොකු සහයෝගයක් හම්බුණා. 

පාසල් කාලේදී දක්වපු දක්ෂතා ගැන සදහන් කළොත්...

මං ඉස්කෝලේ යන කාලේ පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ හිටියා. ඒ වගේම මම වැඩිදුර සංගීතය හැදෑරුවා. 

O/L, A/L Results කොහොමද?

O/L විෂයන් 8යි තිබුණේ. ඒ විෂයන් 8ටම A සාමාර්ථ තියනවා. මං A/L කලේ Commerce stream එකෙන්. මගේ විෂයන් වුණේ Econ, Accounting, Combined Maths. Econවලට A සාමාර්ථයකුත්, අනිත් විෂයන් දෙකට B සාමාර්ථත් තියනවා. 

එතකොට මොරටු campus එන්නේ...

මං මුල ඉදන් QS (Quantity Surveying) කරන්න ආසාවෙන් හිටියේ. ඉතින් මගේ first choice එක වුණේ QS. නමුත් second choice එක අනුව මාව select වුණේ TCP (Town & Country Planning). ඒත් ඒක මට ගැටළුවක් වුණේ නෑ. මොකද මම apply කරන්න කලින් ඒ ගැන විස්තර දැනගෙන ඒ ගැන දැනුවත් වෙලයි 2 nd choice එකට TCP apply කළේ. ඒ නිසා මට campus එකේ මගේ academic වැඩ අසාවෙන් කරගන්න මට පුළුවන් වුණා. 


University life කියන්නේ...

University life කියන්නේ හරිම free life එකක්. ඒ freedom එක හරිම වටිනා දෙයක්. ඒ නිසා ඒ freedom එක අපි හරියට ප්‍රයෝජනයට ගත යුතුයි. campus එකෙන් අපිට resources ගොඩක් ලැබිලා තියනවා. ඒ දේවල් අපි හරියට භාවිතා කරන්න ඕනා. freedom එකත් එක්ක මේ දේවල් ගානට manage කරගත්තොත් මං හිතනවා university life එක ගොඩක් ලස්සන වෙයි කියලා..

කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ වුණු අමතක නොවන සිදුවීම් ගොඩක් ඇතිනේ... ඉතින් ඒ ගැන මතකය අවදි කලොත්...

ඔව්. ඒ වගේ අමතක නොවන සිදුවීම් ගොඩක් තියනවා. මම එකක් කියන්නම්කෝ...


මම 2nd year ඉද්දි Mora Spirit editor කෙනෙක් විදිහට මට තිබුණා event එකක් cover කරන්න KDU (Kothalawala Defense University) එකේ. ඒ වෙලාවේ එතන ගැටුම්කාරී තත්වයක් ඇති වෙලා තිබුණේ. Mora අපේ team එක final select වුණත් අපේ team එකට final play කරන්න නොදී ඒ වෙනුවට වෙනත් team එකක් දැම්ම සිද්ධියක් තමා වෙලා තිබුණේ. මට කරන්න තිබුණේ ඒ සිද්ධිය report කරන්න. ඉතින් මම KDU එකේ Physical Education Director එක්ක මේ ගැන කතා කළා. ඔහු Army හෝ Navy මේජර් ජෙනරාල් කෙනෙක්. මම මේ සිද්ධිය ගැන ප්‍රශ්න කරමින් ඉද්දි ඒ සර්ට එක පාරටම තරහ ගිහින් මට හොදටම බැනලා මගේ නම, Address එක, ෆෝන් නම්බර් එකයි NIC නම්බර් එකයි ඉල්ල ගත්තා. එදා ඉදන් මම පණ බයේ හිටියේ මට ආයෙ මේ කිසිම event එකක් cover කරන්න යන්න බැරි වෙයි කියලා. මං ඒ දවස්වල මේ ගැන කිවුවම හැමෝම හිනා වෙනවා. මට තාමත් හිනා ඒ සිද්ධිය මතක් වෙද්දී... 

ඒ දවස්වල හරි අපුරු සිදුවීම්නේ වෙලා තියෙන්නේ... එතකොට දැන් lecturer කෙනෙක් විදිහට ජීවිතය මොන වගේද දැනෙන්නේ?


lecturer කෙනෙක් වෙන එක ඇත්තටම මම හිතුවට වඩා අමාරු දෙයක්. මං මේ අවුරුද්දේ pass out වුණා විතරනේ. ඉතින් මාත් හිතන් හිටියේ සේරම අමාරු වැඩ කරන්න තියෙන්නේ අපිට. lecturersලාට තියෙන්නේ ඇවිත් උගන්වලා assignment mark කරන එක විතරයි කියලා. ඒත් lecturer කෙනෙක් විදිහට වැඩ භාර ගත්ත ගමන් මට තේරුණා ඇත්තටම අමාරුම වැඩ තියෙන්නේ ළමයිට නෙවේ lecturersලාට කියලා. ළමයින්ට උගන්වනවා කියන්නේ ලොකු වගකීමක්. ඒක හරියට දැනගෙන කරන්න ඕනා. assignment ලෑස්ති කරන්න, තව initial work, research කරන්න ඕනා lecturersලා. ඉතින් ඒක ඇත්තටම busy life එකක්. ළමයි එක්ක ළමයි අතර වැඩ කරන්න ලැබෙද්දී අපිට අපේ මතකයන් නැවත අලුත් වෙනවා. ඉතින් lecturer කෙනෙක් විදිහට මේ ජීවිතය ගැන මම තෘප්තිමත් වෙනවා. 

Academic අමාරුයි කියන ශිෂ්‍යන්ට මොකද්ද දෙන්න තියන පණිවිඩය?

කැම්පස් එන්නේ ගොඩක් දක්ෂ ළමයි. විශේෂයෙන් මොරටුව University එන්නේ එයිනුත් අතිදක්ෂයන්. ඉතින් දැන් ඔයාලා මෙතනට ඇවිත් ඉවරයි. මෙතනින් නොකැඩි ඉදිරියටම යන්න තමන් වග බලා ගන්න ඕනා. තමන්ට තියන subjects improve කරගන්න ඕන තමන්මයි. තමන් දුර්වලයි කියලා හිතෙන subjectවලට වැඩි අවධානයක් දීලා කටයුතු කරන්න ඕනා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. 

කැම්පස් එකේ extra curricular activities වලට ශිෂ්‍යයින් දක්වන උනන්දුව ගැන මොකද හිතන්නේ?

කැම්පස් එක කියන්නේ ගොඩක් ලොකු තැනක්නේ..ඉතින් ඕන කෙනෙකුට තමන් කැමති Sport එකක් කරන්න පුළුවන්. තමන් කැමති club එකකට join වෙන්න පුළුවන්. තමන් කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ පුළුවන් තරම් තමන්ගේ skills වැඩි කරගන්න, network build up කරගන්න එක වැදගත්. කැම්පස් එන්නේ එක වගේ දක්ෂතා තියන ළමයි පිරිසක්. ඉතින් ඒ හැමෝම අතරින් outstanding වෙන්න නම් extra curricular activities වලට යොමු වීම අත්‍යවශ්‍යයි. ඒකෙන් ජිවිතේ තවත් වර්ණවත් වෙනවා. හැබැයි කිසිම වෙලාවක අමතක කරන්න හොද නෑ තමන් කැම්පස් ආවේ ඇයි කියන දේ.. ප්‍රධාන ම දේ තමයි Degree එක වෙනුවෙන් මහන්සි වෙන එක. Academic වැඩවලට උනන්දු වෙනවා වගේම තමන්ට පුළුවන් විදිහට extra curricular activitiesවලට යොමු වෙනවනම් ඒක ගොඩක් වටිනවා. 

කැම්පස් ජිවිතේ targetsවලට තියෙන්න ඕන මොන වගේ තැනක්ද?


ඔව්. ජීවිතේට targets තියෙන්න ඕනා. කැම්පස් එකේ මගේ first target එක වුණේ Department එකේ Gold medal එක ගන්න. ඒ target එක නිසා මං මහන්සි වෙලා වැඩ කළා. ඒ නිසා මට 4.02ක GPA එකක් අරන් ඒ target එක achieve කරන්න පුළුවන් වුණා. target එකක් තියෙද්දී තමන්ට තේරෙනවා තමන් කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා ඒ target එකට ළගා වෙන්න. එක semester එකකින් ලකුණු අඩු වුණාම ඊළග semester එකේදී ඒ අඩුව සම්පුර්ණ කරගන්න අපි උත්සහ කරන්න ඕනා. ඉතින් ඒකට targets තියන් වැඩ කරන එක ගොඩක් හොදයි. හැබැයි targets කියලා ඒ මත්තෙම ඉන්නත් හොද නෑ. කැම්පස් එකේ යන ගමන හැමෝටම උදවු කරගෙන හැමෝම එක්ක එකට යන ගමනක් වෙන්න ඕනා. එතකොටයි ඒ ගමන සාර්ථක වෙන්නේ.

මොරටු කැම්පස් එකේ Media Club එකක් පටන් ගන්න දීර්ඝ කාලයක් තිස්සේ අපිටත් target එකක් තිබුණා. මේ වෙද්දී අපි ඒ target එක acieve කරලා ඉවරයි. ඉතින් කැම්පස් එකේ අපි අලුතෙන්ම ආරම්භ කරපු Media Club එක ගැන ඔබේ අදහස් දැන ගන්න කැමතියී..... 

ඔව් ඇත්තටම ගොඩක් හොද දෙයක් තමා ඔයාලා මේ පටන් අරන් තියෙන්නේ. Media Club එකක් නැති අඩුව කැම්පස් එකේදී අපිට දැනුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඔයාලට හදවතින්ම wish කරනවා මේක නොනැවතී ඉදිරියටම කරගෙන යන්න කියලා. 


අනාගත සැලසුම් එක්ක ඉදිරි ජීවිතය කොහොම වෙයිද?

ඉදිරියටත් lecturing කරනවා. නමුත් ඊටත් වඩා Town & Country Planning අංශයෙන් higher studies කරන්න බලාපොරොත්තු වෙනවා. Master’s, PHD දක්වා ඉහළට ඉගෙන ගැනීම තමයි දැනට මගේ තියන ලොකුම plan එක. 

ඔව්. ඇය තම විශ්වවිද්‍යාලීය හීන සියල්ල එලෙස සැබෑ කරගත්තා... ඉන් නොනැවතී ඇය තවත් ඉදිරියට හීන දකිනවා... කාර්යබහුලත්වය ඇයගේ හීනවලට බාධාවක් නොවෙයි... ඉතින් Media Club අපේ ප්‍රාර්ථනය ලබන්නාවූ 2017 වර්ෂය ඇයගේ ඉදිරි සිහින සැබෑවන අතිශය සාර්ථක වසරක් වේවා ය යන්නයි. 


සාකච්චාව සහ සටහන : නටාෂා නයනතරංගා

No comments