Header Ads

මල්ලියේ...


තිබුනත් රටෙ කොතරම් සරසවි එමට
මොරටුව තරම් වෙනවද එවා කදිම
පෙර පින නිසා ඔබ මෙහි ආවත් සබද
එන්නට බැරුව ලත වෙන උන් වෙයි එමට

හිතට ගනින් මල්ලියෙ අවසන් වැකිය
තනියෙන් කිසිම ගමනක් නැහැ මෙහි නුඹට
ඉදපන් එකා මෙන් හැම විට එක ලෙසට
පිලි ගමි ඔබව වෙල්කම් අපෙ යුනි එකට

මල්ලියෙ අරක මෙහෙමයි ගැලපෙයි නුඹට
එක එක අයියලා තෙල් ගහනවා නුඹට
අහුවෙන්නට එපා බන් ඔය තෙල් වලට
කරන දෙයක් කරපන් සිහි කර ගෙදර

අවත් මෙහෙ වැඩ කර හොදහැටි විශය
වෙන්නට එපා ඇකයෙක් නම් කිසි විටක
ජිපිඑ  එකට විතරක් මෙහි තැනක් නැත
බාහිර වැඩත් කරපන් සමබර ලෙසට

රස මුසු බොජුන් හොයමින් පැන යන්න එපා
මසුරන් වලින් යහලුවෝ මැන ගන්න එපා
කොක්කක් ගහන්නට ඉක්මන් වෙන්න එපා
ලෙක්චරස් නොයා බොඩිමෙනම් ඉන්න එපා

මුල් ටික දිනේ දැනුනත් තරමක් නුහුරු
බොඩිම ලගම දවසක වෙනවා පුරුදු
පස්සෙන් පස්සේ නොගියත් නිරතුරු ගෙදර
මල්ලියෙ අම්මා ඉන්නවා බලමින් පාර



-K.K-
Faculty of Engineering - Level 0

No comments