Header Ads

කුලුදුල් සිහින 4

"මේ සහස් අපි අද KFC යමුද? අනේ ඔයාට වැඩ කියලා නම් කියන්න එන්න එපා මට හරිද. දවස් ගානක් තිස්සේ ඔයාට මං ගැන ගානක් වත් නෑ. ඔයාගේ වැඩ විතරක් කර කර ඉන්න"

"හරි බබෝ යමුකෝ ඉතින්. දැන් එහෙනම් ඉක්මනට වොෂ් එකක් දාගෙන අර ලස්සන අත් දිග බ්ලවුස්  එකත් එක්ක ඩෙනිම දාගෙන එනවද තව පැය බාගෙකින් පල්ලෙහාට. මම එන්නම් බෝඩිම ගාවට"

"ෂෝක් එකට තියෙයි, බෝඩිමේ ඇන්ටි මාව ගහලා පන්නයි. කොල්ලෝ එනවා කියලා බෝඩිම ගාවට. පිස්සු නැතුව එහෙනම් පැයකින් එන්නකෝ campus එකේ ගේට්ටුව ගාවට . මම තියනවා . මෝඩයා . වෙලාවට එනවා හරිද"

මාත් නදී ගේ call එක ඉවර  උනාට පස්සේ රෙදි ටික හෝදලා වොෂ් එකක් දාන්න කියලා ගියා. දවස් ගානකින් රෙදි හෝදන්නත් බැරි උණා. දැන් කන්දක් වගේ.

*****

"මොකද මට අදුරන්න බැරි , ඉතින් මොකද ලංකාවට ආවේ? විශේෂ හේතුවක් වත්?" 
"අනේ නෑ මිසිස් අනුත්තරා, අවුරුදු 25 කට කලින් මට ජිවිතේ කෙනෙක්ගෙන් දෙයක් අහන්න බැරි උණා. ඒ කෙනා මාව දාල යන්නම ගියා. මට තේරුණේ මම වැරදි කියලා විතරයි. එත් අවුරුදු 25 කට පස්සේ මට හිතුනා ඒ කෙනා හම්බෙන්න කියලා, මම දන්නවා ඒ කෙනා මට දැන් අයිති නෑ කියලා. කොහොමත් හිමි කරගන්න දේම නෙවෙයි නේ ආදරේ කියන්නේ නේද මිසිස් .අනුත්තරා? "
"සහස් , අනුත්තරා කිව්වම ඇති. මිසිස් කෑල්ලක් ඕන නෑ . කියන්නකෝ දැන් ඔයාට මගෙන් මොකක්ද ඔච්චරම දැනගන්න තියෙන්නේ. අනික ඔයා කවදාවත් ආයෙමත් ලංකාවට එන්නෙම නෑ කියලා නේද හිටියේ."

"අනුත්තරා ඔයා ඇත්තටම වෙනස් උණා. අපි ගොඩක් ආදරෙන් හිටියේ. එත් අපිට අපිවම එපා වෙන්න තරම්, අනේ මන්ද සිද්දි ගොඩක් සිද්ද උනා. ඒ හැම දේම දන්නේ ඔයා. අවුරුදු 25 ක් මම බලාගෙන හිටියා. මට ඕන උත්තරේ විතරයි. මම ආයෙත් ඔයාගේ ජීවිතේට එන්නේ නෑ."

නෑ නෙවෙයි ඇත්තටම එන්න වෙන්නේ නෑ කියලා ඒ මොහොතේ වත් සහස් ට තේරුණේ නෑ.

සහස්ට අනුත්තරා ලොකු කතාවක් කියන්න ගත්තා. එත් අනුත්තරාට තමන්ගේ දුව ඉස්සරහ මේ වගේ දෙයක් කියනවට වඩා පස්සේ හම්බෙලා කතා කරන එක හොදයි කියලා හිතුනා. එකයි දුව අනුත්තරා පැත්තට එද්දී කතාව මාරු කලේ.

*****

"මැට්ටි happy birthday ඔයාට , කියනවා දැන් මොනවද ඕනා මගෙන්"

"මට මුකුත් එපා , හැමදාම ආදරෙන් ඉන්නවද කියන්නකෝ"
"ජිවිතේ තියෙන තරම් ඉන්නවා මැට්ටි . පිස්සු නැතුව කියනවා මොනවද ඕනා."

"අපි යමු අද පන්සල් , මට 11.15 ට ලෙක් ඉවරයි. ඔන්න අර සුදුපාට t එක  ඇදන් එන්න හරිද, තව මට ලොකු චොක්ලට් එකකුත් අරන් එන්න" 

ආදරේ සාගරේ වගේ ගෙවිලා ගියා මගෙයි එයාගෙයි ආදරේට ප්‍රශ්න නාවම නෙවෙයි එත් අපි හැමදේම ඉවසුවා අපි වෙනුවෙන් . මගේ අන්තිම අවුරුද්ද campus ජිවිතේ. මගේ මැට්ටි දැන් 3 වෙනි අවුරුද්දේ. අපි ගොඩක් සතුටින් හිටියේ. මේ දේ වෙද්දීත් අපි ගෝල ෆේස් එකේ උණු උණු ඉස්සෝ වඩේ කකා හිටියේ. එයා එක පාරටම කහින්න පටන් ගත්තා. මුලින් අමුත්තක් නොවුනත් ඒ කැස්ස අඩු උණේ නෑ. හැබැයි වතුර ටිකක් බිව්වට පස්සේ අඩු උනා.එත් එයාගේ ලේන්සුවේ ලේ තිබුනා. මට ගොඩක් බය හිතුනත් මම එයාට එක පෙන්නුවේ නෑ , මොකද එයාව බය කරන්න මට ඕන උනේ නෑ. මම එයාත් එක්ක ආපහු බෝඩිමට එන්න ආවා. 

"සහස් , මට කියන්න දෙයක් තියෙනවා"

*****

මම එදා නැවැත්තුවේ අනූ පස්සේ, වෙන දවසක හම්බෙලා කතා කරමු කිව්ව වෙලාවේ, ඔයාට අමතක නැතුව ඇති ඒ ටික. ඉතින් ඔහොම දවස් දෙකකින් විතර අනූ මට කතා කළා එදා පාර්ටියෙන් පස්සේ, අපි ජිවිතේ සමහර සිද්ධි වලදී හැසිරුණ  විදිය කොච්චර ප්‍රාථමිකද තේරෙන්න අපිට ගොඩක් කල් යනවා. 

මම දන්නේ නෑ , ඇයි මට මේ දේ අපි වෙන් වෙන්න කලින් අහන්න බැරි උනේ කියලා, එත් යන්න තියෙනවනම් ඒ දේ යනවා, එකයි මේ ලෝකේ සත්‍යතාව . එක වෙනස් කරන්න ඔයාටවත් මටවත් බෑ. 

එදා අනූ ගේ අම්මා කතා කරලා තිබුණේ අපි දෙන්නගේ කේන්දර බැලුවා කියලා කියන්නලු.මගේ උපන් වෙලාව එයා ලියලා තියාගත්තේ අපි යාලු උන දවසේමයි. එයා කිව්වා විදියට අම්මා කියලා තියෙන්නේ ටිකක් කල්පනා කරලා බලන්න කියලලු මේ සම්බන්දෙ ගැන ආයෙත් පාරක්. මොකද එයාලගේ කේන්දර බලපු තැනින් කියලා තියෙන්නේ අපි දෙන්නව ගැලපෙන්නේ නෑ කියලලු. දෙන්නට එක තැනක ජිවත් වෙන්න වාසනාවක් නෑ කියලලු. එයාත් මුලින් ඒ කියපු දේ ගණන් ගත්තේ නෑ ලු. එත් අම්මා කිව්වේ අපි දෙන්න බැන්දොත් එයාව කණවැන්දුම් වෙන ග්‍රහ යෝගයක් තියෙනවා කියලලු. එයාට හැමදේටම වඩා ආදරේ වටින නිසා  පුංචි පුංචි ප්‍රශ්න ඇදල අරගෙන එයාව මට එපා වෙන තරමටම වැඩ කරන්න සිද්ද කලෙත් එකලු. 

කේන්දර වලට පුලුවන්ද මිනිස්සුන්ගේ හිත ගලපන්න , ගැලපිච්ච හිත් වෙනස් කරලා දාන්නද කේන්දර තියෙන්නේ එතකොට. කේන්දර ඇත්තනම් මොන බම්බුවකට අපි මෙහෙම මහන්සි වෙලා ජිවත් වෙන්න හදන්නේ. එක පාරම කේන්දරේ බලලා ඒ විදියට ජිවත් වෙනවනේ . ඇයි කසාදෙට විතරක් 

"අනූ දැන් අඩන්න එපා , ඔයා හැමදේම කරලා තියෙන්නේ අපි දෙන්නම වෙනුවෙන්නේ නේ, එත් ඇයි ළමයෝ මට මේක කිව්වේ නැත්තේ. ඇයි අපිට ඕකට විසදුමක් ගන්න තිබුනේ නැද්ද? මම ඔයා කියන දේ නාහ ඉන්නවද? දන්නවද මම අවුරුදු 25 ක් මේ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වා කියලා. එත් දැන් මට හිතෙනවා මීට වඩා හොදයි මැරිලා ගියා නම් කියලා. ආදරේ කියන්නේ කේන්දරේ නෙවෙයි අනූ, ආදරේ කියන්නේ හිත් දෙකක්, එක හිතක් වෙන එක"

"අනේ සහස් තේරුම් ගන්නකො මට ඒ වෙලාවේ මොනවා උනාද කියලා හිතාගන්න බෑ. එත් මට ඔයාට මුකුත් වෙනවා බලන් ඉන්න බෑ දෙවියනේ. දැන් ඔයා හැමදේම දැනගත්තානේ, අනේ යන්න සහස් ආපහු ඔයා ආපු දිහාවටම. ඉන්න තැනක සතුටින් ඉන්න"

මම ආපහු ජර්මනියට හරියටම දවස් 4 කින් ආවා , කේන්දර කියන දේ කොච්චර මිනිස්සුන්ගේ ජිවිත වෙනස් කරන්න පුලුවන්ද කියලා මට සමාජය ගැනම කලකිරීමක් ආවේ.

****

"මචං නාලක උඹ busy ද? පොඩ්ඩක් වරෙන්කො dep එක පැත්තට , උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා බං"

නාලකයට call එක අරන් විනාඩි 5ක් ගියේ නෑ , ඌ ටක් ගාලා ආවා. මගේ ඔලුවට වදදෙන සේරම ප්‍රශ්න ඌ ත් එක්ක කතා කරලා හරි හිත හදාගන්න ඕනා කියලා මට දැන් හිතිලා ගොඩක් දවස්, එත් ඊයේ වෙච්චි දේවලුත් එක්ක අදම ඌ ට කතා කරන එක හොදයි කියලා හිතුනා. මම campus  එකට ඊයේ ආවේ හරියටම මාස දෙකකට විතර පස්සේ. ඇත්තටම මට campus එකේ ඉන්නවා කියන එකත් මානසික වදයක් වෙලා තිබ්බේ. මේ දවස් දෙකේත් එන්න උණේ, පහු උන assignments වලට මොනවද කරන්නේ කියලා lecturers ලා අහලා තිබුණ නිසා. එයාලටත් මම ඉන්න තත්ත්වේ තේරිලා තිබුනේ. එක නිසා එයාලගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා මට මාස දෙකක නිවාඩුවකුත්  සෙනෙට් එක හරහා අරන් දීලා තිබුනේ.  

මම දන්නේ නෑ මට මෙහෙම උණේ කොහොමද කියලා , හිත ගොඩක් දුර්වලයි කියලා තේරුණේ ඒ දේ මට උනාට පස්සේ.මේ යන්නේ මගේ අන්තිම අවුරුද්ද. 7 වෙනි semester එක ඉවර වෙන්නත් තව මාස එකහමාරක් වත් තිබුනේ නෑ.

එයා කිසිම හිතක් පපුවක් නැති විදියට මාව දාල ගිහින් දැන් මාස 2 කටත් වැඩියි . මගේ ආදරේ දාලා එයා කොහොම ගියාද කියලා මට තාම හිතාගන්න බෑ. එයයි මමයි හිටපු තැන් මතක් වෙද්දී තාමත් මාව පිච්චෙනවා. campus එක මානසික වදයක් වෙන්නත් අපේ ඒ මතක හේතුවක් වෙන්න ඇති , සත්තයි එයාට එහෙම නොයා ඉන්න තිබුනා. මට එයාව නවත්තගන්න තිබුනා. එත් යන කෙනා කොහොමත් යනවා.

එයා දැන්වත් එනවානම් .....

***

“හෙලෝ සහස් පුතා , පුතේ මම නදී ගේ තාත්තා කතා කරන්නේ . මගේ කෙල්ල ගියා පුතේ , මගේ කෙල්ල ගියා.”

මගේ සුදු බෝනික්කි මාව දාල ගිහිල්ලා , ආයෙත් නොඑන්නම.නදීට තිබුනේ දරුණු ගනයේ ලේ පිළිකාවක් , ඒක අපි හරියටම දැනගනිද්දී පරක්කු වෙලා ගොඩක් වැඩියි. දොස්තර මහත්තුරු කිව්වේ තව සති 2-3ක් වත් ජිවත් වෙන එකක් නෑ කියලා.

***

නදී එදා ගෝල් ෆේස් ගිහින් එද්දී මට කිව්ව දේවල් නිසයි එයාගේ ගෙදරටත් කියලා දොස්තර කෙනෙක් ට පෙන්නුවේ. එයා වැඩිය ගණන් අරන් තිබුනේ නෑ. හැබැයි මේක අවුරුදු 3ක් විතර ඉදන් පොඩියට පටන් අරන් තිබුණ දෙයක්. ජිවිතේ මම පරාද උනා. දිනපු කෙනෙක් නැතුවම මම පරාද උනා. මගේ සුදු බෝනික්කි මාව දාල ගියා.මාව පිස්සෙක් නොවුණ ටික විතරයි. මට හැමතැනම පෙනුනේ එයාව. මට තව දුරටත් campus එකේ ඉන්න අමාරු උණා. අප්පච්චි ඇවිත් මාව නුවර එක්කන් ගියා. ටික දවසක් මාව නුවර මනෝ වෛද්‍ය වරයෙක් ගාවට යොමු කරලා තමයි මාව යථාතත්වෙට ගත්තේ.

ආදරෙන්  හිටපු අවුරුදු දෙකක් , ජීවිතේම බෙදාගන්න හිටපු හිත් දෙකක් , කුණාටුවකට ගහගෙන ගියා වගේ. ඇත්ත මම ආදරෙන් අන්තෙටම පැරදිලා. හැබැයි දිනපු කෙනෙක් නෑ. මාව දාල එයා ගිහින්. අනේ ආයෙත් එනවානම් කියලා හිතෙන වාර අනන්තයි.

ඔබ නිදන සොහාන ලග මගේ සොහොන ඉදී වේවා
අපෙ අමරණීය පෙම් සුවදින් මල් පිබිදේවා
මේ වගේ දුකක් කිසි කාලෙකදී කාටත් නොම වේවා
මතු ජාති පවා ඔබ මගේ පෙම්වතියම වේවා

නදී යන්න කලින් මගෙන් ඉල්ලපු දෙයක් තිබුනා. එයාට ඉස්පිරිතාලේ ඉද්දි තේරුණා මම ගොඩක් අවුල් ගිහින් ඉන්නේ කියලා. එයා මගෙන් පොරොන්දු දෙකක් ගත්තා . මගේ සුදු බෝනික්කි වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තිබුනේ නෑ. එයා කිව්වා දේවල් හැමදේටම මම කියන පමාවට හා කිව්වා ,

එයා ඉල්ලුවේ මගෙන් , කවදා හරි මට ලැබෙන මුල්ම දුවට එයාගේ නම තියන්න කියලා. ඒ දරුවා අපේ ලෝකවල අපි මවපු ආදරේ වගේ , ආදරෙන් තියන්න කියලා . ඒ වගේම මගේ ඉගෙනීම් ඉවර උන ගමන් අලුත් ජිවිතෙකට මේ රටින් යන්න කියලා. එයාව අමතක කරලා අලුත් ජිවිතයක් පටන් ගන්න කියලා .

***

මට හැමදේම එපා වෙලා තිබුනේ. නාලක  තමයි හැමතිස්සෙම මගේ පිටිපස්සෙන් හිටියේ. ඌ තමයි අප්පච්චියි අම්මයි එක්ක එකතු වෙලා මාව ආයෙත් ගොඩ දැම්මේ. මට ආයෙත් ගොඩ එන්න මාස ගානක් ගියා. නදී වෙනුවෙන් මම ගොඩ ආවා. නාලකයා මාව රට යවන්න ශිෂ්‍යත්ව සෙට් කරන්න ලොකු කට්ටක් කෑවා. මුලදී ලකුණු තිබුනත් අන්තිම වෙද්දී මගේ GPA එක හොරු අරන් ගිහින් තිබ්බා වගේ.

අන්තිමට මම සේරම වැඩ ඉවර කරලා රට යන්න ගියා. ගියේ ජර්මනියට. නදී එක්ක මවපු හීන ලෝකවල අපි දැක්කේ ජර්මනිය. මම මෙහෙට ආවේ නදී වෙනුවෙන්, ඒ හීන වලට සදාරණයක් කරන්න.

***

අනුත්තරා මගේ ලෝකෙට එන්නේ නදී මාව දාල ගිහින් හරියට අවුරුදු දෙකකින් විතර , මාව යථා තත්වෙට පත්වෙද්දී , ආදරෙන් ගොඩක් පැරදිලා හිටියේ මම . අනූ තමයි මාව ආපහු ආදරේ කරන්න පුළුවන් මට්ටමට හිත අරගෙන ආවේ. එත් ඒ අනූමයි හිත් පිත් නැති විදියට මාව දාල ගියෙත්.
මම හිතනවා ඔයා කුතුහලෙන් හිටපු කතාවේ අවසානෙට මම ඔයාව අරගෙන ආවා. ජිවිතේ ආදරේ කියන තැනදී මම ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්හිටියේ . මොකද මම ආදරෙන් දෙපාරක් පරාදයි.මානවි නොහිටින්න මම සදා පරාජිතයෙක්.

කතාව කියවන ඔයාට හිතෙනවා ඇති මම හරි චපලයි කියලා. නෑ නදී මගෙන් ඉල්ලපු දේවල් තිබුනා . අපේ ආදරේ නාමෙන් එයාට බොරු පොරොන්දු දෙන්න මට උවමනාවක් තිබුනේ නෑ. අනුත්තරා හම්බුණේ ඒ විදියට. අනුත්තරා මගේ ජිවිතේ හැමදේම දැනගෙන හිටියේ. එත් එයත් යන්න ගියා. හේතු මොනවා කිව්වත් එයා යන්න ගියා.

***

හෙට මගේ දුවගේ විවාහ ගිවිස ගැනීම, නදී  සූරියබණ්ඩාර ,එයා එක්ක අලුත් ජීවිතේට යන්නේ මගේ හොදම යාළුවා නාලක ගේ පුතා ජයන්ත කරුණාසිරි. කෙල්ලට මගේ ජිවිතේ ගැන මම මුල ඉදන් කිව්වා. එයා ඒ දේවල් දැනගන්න හොදම දවස තමයි අද.

“දුවේ මම ජිවිතේ ප්‍රශ්න ගොඩකින් දුක් වින්ද කෙනෙක්. ආදරේදී ඔයාගේ තාත්තා තරම් පැරදුන කෙනෙක් නැතුව ඇති . ජිවිතේ ප්‍රශ්නයක් ආපුවම උබේ තාත්තා මේ කියන වචන මතක් කර ගනින්.අපි දෙගොල්ලොම උඹලගේ ජිවිත වලට හදහන් ගෙනාවේ නෑ. ඔය දෙන්න අවුරුදු තුනක් විතර ආශ්‍රය කරලා දැන් ඔය දෙන්නා ගැන දන්නවා. ජීවිතේදී ප්‍රශ්න එන්න පුළුවන් කතා කරලා හැමදේම විසදගන්න. කිසිම පුංචි දෙයක් දෙන්නට දෙන්න හංගන්න යන්න එපා. සමහර විට ඒ පුංචි දේවල් නිසා අපිට ගොඩක් වටිනා දේවල් නැති වෙන්න පුළුවන්. ඔයාගේ අම්මා, මානවි වගේ වෙන්න. ජීවිතේට හොද යාලුවෙක් වෙන්න ඔයාගේ සැමියාට. ඔයාගේ අම්මා මට දුන්න නිදහස , මාව තේරුම් ගත්ත තරම් , තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ දුවේ . ඔයා ඒ අම්මගේ දුව . ඔයාටත් ඒ ගතිගුණ තියෙනවා. ඔයාලා සතුටින් ඉන්න. “

*** 

ඔයාට සැකයක් නොවෙන්න මම මේ දේත් කියන්නම් . මානවි කියන්නේ මට ජර්මන් වලදී හමුවුන මනෝ වෛද්‍යවරියක්. මගේ ජිවිතේ ,අපේ ජිවිතේ බවට පත් කලේ එයයි. අද මම තැනක ඉන්නවනම් එකට සම්පුර්ණයෙන් හේතු උනේ එයයි. කිසිම සම්බන්දතාවයක් නිසා අපේ කාලය නාස්ති වෙන්නේ නෑ . එකෙන් වෙන්නේ අපිට ඊට වඩා හොද කෙනෙක් එක්ක ඉන්න හැකියාව ලැබෙන එකයි . අනුත්තරා මට ඒ දේ හිමි කරලා ගියා. සමහර විට එයා ඇත්තටම හදහන් නිසා ගියාද නැත්නම් ඇයිද ගියේ කියන්න මම දන්නේ නෑ. දැන් මම දන්න එකම දේ එයා නොයන්න  මට සමහර විට මානවි මුණ නොගැසෙන්න තිබුණා.

ජිවිතේ අපිට එක එක කාලවලදී මිනිස්සු මුණගැහෙන්නේ අහම්බෙන් නෙවෙයි. නදී මගේ ජිවිතේ කුළුදුල් ආදරය. එයා වෙනුවෙන් මම පොරොන්දු ඉෂ්ට කළා. ලෝකේ කොහේ හිටියත් අද එයා සතුටින් ඉන්න ඕනා.

දැන් ඔයාට ප්‍රශ්නේ අර ඉස්කෝලේ කාලේ මට හිටිය crush එක . ඔව් එයාව ඊට පස්සේ මට අහම්බෙන් හමුවුණා මග තොටකදී , එයා එතකොට ප්‍රේමවන්තියක්.එයාගේ නමත් හොයාගත්තා.දැන් ඉතින් වැඩක් නෑ නේ.ඊට පස්සේ මට එයාව කවදාවත් හම්බුණේ නෑ.

***

සහස් අදටත් සතුටින් ඉන්නවා අතීතයට වෛර නොකර. ජිවිතේ ග්‍රහලෝක වලට තීරණය කරන්න දෙන්න එපා. ජිවිතේ පුංචි පුංචි දේවල් අතෑරලා දාන්නත් එපා. මතක තියාගන්න ඔයාට ගැලපෙන කෙනා ලැබෙනකම් ඔයාට සිද්ධ වෙනවා බලාපොරොත්තු නැති නොකරගන්න . ඒක 1 ද 2 ද 3 ද කියන්න මම දන්නේ නෑ. 

සහස් වගේ අය , අනුත්තරා වගේ අය , නදී වගේ අය මෙන්ම නාලක වගේ යාලුවොද , මානවි වගේ බිරින්දෑවරුන්ද ජිවිත් වන්නේ අප ජිවත් වන මේ සමජයේමය. 

- සමිඳු නිමල්ක -
Chemical & Process Engineering (Level 4)

No comments