Header Ads

"අම්මේ දැන් කැම්පස් ඇති වගේ"


කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ.

බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර යන්නට ඕනෑය "අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.විශ්ව විද්‍යාලයකට පැමිනෙන ඔබට එක එක සීන් වලට සෙට් විය හැක.ආපු ගමන් වාත වීම හෝ නොවීමට ඔබ හා මම තීරණය ගත යුතුය.වාත උනත් නැත්ත ඒකේ ඇති මගුලක් නැත අන්තිමට ඔක්කොම මිනිස්සුය.වාත උන උන් වෙනම ධානයකට සම වදින්නේ නැත නමුදු අවුරුදු හතරක් පහක් මේ උප සංස්කෘතියක යැයි කියා ගනිමින් සිටින විට තමාගේ සිද්දිය තොරා ගැනීමක් සිදුකර ගත හැක.මෙකී කතාව සල්ලි දීලා ඉගන ගත්තද නැත්ත ද එකමය.නිදහස් අධ්‍යාපනය කෙසේ වෙතත් නොමිලේ අධ්‍යාපනයක් නම් ලැබෙන්නේ බහුතර අතීතකයන්ගේ කැපකිරීමක් මතය.උබ සෙට් කරගන්නා මානයෙන් අනිකා මැනීම ද විකාරයකි මන්ද එවිට ඔහුත් උබ මොංගලයකි.

මේ කියන මගුල් වලින් වැඩක් නැත් එක්කෝ ඉගන ගත යුතුය නැත් නම් මුදල් අප වෙනුවෙන් සේවය කරන සැටි ඉගන ගත යුතුය.ඔව් දෙකම ඉගන ගැනීමක් උනාට ඉගන ගැනීම් වර්ග දෙකකි.ඔබ කියවලා නැත්නම් කියවන්න "ධනවත් පියා හා දිළිදු පියා".

පාඨකය උඩ කොටස යන්තමින් හෝ කියෙව්වා නම් මා හට එය පුදුමයක් මුසු කමක් නෑ කිවීමකි දැන් ලියන්නට හැකියාව නැද්දෝ එක්කො වැඩිවෙලා දැයි නිදනී එක්කෝ දැන් මා නිදහස් පුද්ගලයක් නොවේ නැත්නම් දැන් දස පණ්ඩිතයකුය මන්ද පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්නට බැරිය.නමුත් පණ්ඩිතයාට බ්ලොග් ලිවිය හැක ඒ නිසා පණ්ඩිතයකු නොව දස කම්මැලියකු වග නම් පැහැදිලිව කිව හැක.දැන් බ්ලොග් ලොකයේ අලුත් ලියන්නන් ‍රැසක් බිහිවි ඇත උන් අප දන්නේ නැත අප උන් දන්නේ නැත.හරියට අපේ ජනාධිපති තුමා වාගේය අපිත් දැන ගන්නේ පත්තරයෙනි.

ඔය ලොකු ලොකු පු‍ටුවල ඉන්න ඔක්කොම මේ කියන කතාවේ රස විදි අයයි ඔවුන්ට අමුතුවෙන් කිව යුතුනොවේ.ලොකු පු‍ටු යනු නිසි අධ්‍යාපනයක් ලැබූ උන් මිස හොර දේශපාලන පු‍ටු නොවේ උන් දන්නා රෙද්දක් නැත ඒවත් හරියට සමහර විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම්වලට වැඩ කරනා පළමු වසරේ සිසුන් වැනිය.මේ කියන කතාවේ අවසානයක් තිබිය යුතුය කොටින්ම තරගයට විභාග ලියා ‍රැලේ ඔහේ පාවෙමින් පස්වීගෙන කැම්පස් එනවාට වඩා විදවවිද්‍යාලයකට පැමිනීමේදී ශරීර කූඩුවකට එහා ගිය සවිඥාණක පුද්ගලයකුගේ අවැසි බව මෙකී කථා සමග ජීවත් වන මාගේ හැගීමයි.නැත්නම් උබට පිස්සුවක් තිබිය යුතුය මන්ද පිස්සන් විශයකට අවැසිය ඔවුන් එකි විශය පථයන්ගේ අන්තය සොයා යන උන්ය.පණ්ඩිත පොත් ගුල්ලෙකුගෙන් වැඩක් නැත් ඌ කරන්නේ කවදා හෝ පොත් මත සේවය කිරීමක් මිස වෙන මානය සොයා යාමයි. 

ඔය කියනා හැම එකාම තමාට බොරු කරගනිමින් ජීවත් වෙයි නැත්නම් අද අප ජීවත් වෙන රට සුන්දර නවාතැන් පලක් විය යුතුය.එය එසේ වෙයි එක්කුටත් අනිකාට එසේ නොවීමටත් හේතු වක් තිබිය යුතුම නොවේ.කෙසේ වෙතත් අද වන විට අප ජීවත් විය යුතුය.

"අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.

මෙම ලිපිය අප වෙත යොමු කලේ වාස්තු පීඨයේ ඉගෙනුම ලබන මයියා විසිනී.

No comments