Header Ads

ඔරු මාමා


එගොඩට යන අය මෙගොඩට යන අය කව්රුත් හෙව්වෙ ඔරු මාම ව, "ඔරු මාමා.." .ගමේ අය ආදරේට කිව්වෙ එහෙමයි. ගමේ උදවිය එගොඩ මෙගොඩ ගියේ ඔරු මාමගෙ පිහිටෙන් තමා., ඔරු මාමටත් හිටිය පුන්චි දුවෙක්,
දවසක් ඔරුව පෙරලිලා ඒ දුව ගඟේ ගිලිලා නැති උනා.. "පව් අම්මත් නැති අහිංසක එකී" එදා නම් ඔරු මාමට ගඟට පැනල මෙරෙන්ඩත් හිතෙන්න ඇති, පන බින්දුවක් තිබුන්නැති දුවව බදාගෙන මාම හොදටෝම අඬුව හුස්ම පොදක් වැටෙයිද කියිල හිත හිත කාටත් වරදක් නොකරපු ඔරු මාමට ගඟ එහෙම කලේ මාමගෙ හබලෙන් උදේ හවා වදින හබල් පාර සැර වෙඩි හින්දද දන්නෙත් නෑ.. ගඟ දිගේ එගොඩ මෙගොඩ යන වාරයක් පාස මාමට පුන්චි දෝනිව මතක් වෙන්ඩ ඇති, ගඟත් එක්ක තරහත් හිතෙන්න ඇති, ඒත් මේක මාමගෙ රස්සාවනෙ , මක් කරන්ඩද..... ඔරු මාමගෙ ඔරුවෙ යන්ඩ අසාව හිතේ තියගෙන මාත් කාලෙකින් ගමට ආව, ඔරු මාමගෙ ඔරුව නම් ගං ඉව්රෙ ගහකට බැදිල බලන් ඉන්නව, හොදටම දිරල ගිහින් වයසට යන්න යන්න අපිත් මේ වගේ දිරල යනව නේද කියල හිතුන ඈත ඔරුවක් එනව ඒත් ඒ ඔරු මාමා නෙවේ..

"ඔරු මාම කෝ?????????"

"අනේ උන්දෙ ඔරුව පෙරලිල දැන් දෑ අව්රුද්දකට කලින් මලා නොවැ"


ඔරු මාම මැරිල.... !!! හිතා ගන්නත් බෑ.. බාග වෙලවට ඔරු මාම ගඟට වැටුන වෙලේ මාමට පුන්චි දුවව මතක් වෙන්ඩ ඇති,

"මගෙ හබල් පාරෙ තරහට උඹ මගෙ පුන්චි කෙල්ලවත් අරන් ගියා මෙදා පාර මාවත් එතනටම අරගෙන පලයන්"

එහෙම හිතිල ඔරු මාම පීනන්න නැතිව ඇති,  කව්රුත් නැති ඔරුමාමට හිටපු එකම දුවව, මාම දුවව හොයාගෙන යන්ඩ ඇති, ඒ උනාට මාමගෙ ඔරුව තාමත් මාම එනකන් ගං ඉව්රට වෙලා බලන් ඉන්න්ව මාමේ.......

අප වෙත යොමු කලේ චතුරි සේනානායක (Level 3)

No comments