Header Ads

මොරටු සරසවිය දිදුලවූ Bit Masters සමගින් සොදුරු කතා බහක් ..


“මේ ගමන මේ තරම් දුර එන්න අපට ලෙහෙසි වුනේ නෑ ” අපේ වීරයෝ පටන් ගත්තේ එහෙම.

ඔව්. මේ දින වල මොරටුව විශ්ව විද්‍යාලයේ බොහෝ දෙනෙක් කතා වෙන නිසා මේ හතර දෙන ගැන ගොඩාක් දෙනා දන්නවා. කව්ද මේ හතර දෙනා ? ඔව්.. ලක්මාල්, චරිත්, චතුෂ, චානක තමයි මේ වීරයෝ හතර . කොහොමද මෙයාලා මේ දවස් වල මේ තරමටම ජනප්‍රිය වුනේ.? ඇයි campus එකේ මෙයාලා ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙන්නේ? හේතුව තමයි මේ. Microsoft ආයතනයෙන් මෙහෙයවන ලොව විශාලතම සිසු තාක්ෂණික තරගය වන Microsoft Office imagine cup , 2016 තරගයේදී අවසාන තරගය සදහා තේරුණු ප්‍රථම ශ්‍රී ලාංකික කණ්ඩායම බවට මෙයාලා පත් වෙලා තියනවා. ඇත්තෙන්ම ජාත්‍යන්තර තරගයකදී අපේ රට සහ මොරටුව විශ්ව විද්‍යාලය නියෝජනය කිරීමට ලැබීම කොච්චර නම් ජයග්‍රහණයක්ද ? කැපවීම, ස්ථිර අධිෂ්ඨානය සහ මනා උනන්දුවකින් තොරව අපිට සාර්ථකත්වය කරා ලගා වෙන්න බැහැ. මේ අපේ වීරයෝත් එයාලගේ ඉලක්කය සාර්ථක කරගන්න විශාල උත්සහයක් අරන් තියනවා. එක නිසාමයි “මේ ගමන මේ තරම් දුර එන්න අපට ලෙහෙසි වුනේ නෑ ” කියලා එයාලා තමන් ආ මග විස්තර කිරීම පටන්ගත්තේ. එයාලා අපේ රටටත් campus එකටත් මේ අරන් ආපු අති විශාල අභිමානය ගැන ඇත්තෙන්ම අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් අපි බලමු කොහොමද මේ කට්ටිය මෙච්චර දුරක් ආවේ කියලා..

Q1 : ඔබ Microsoft imagine cup, 2016 තරගයේදී ‘නව නිපැයුම්’ අංශයේ ශ්‍රී ලංකාව නියෝජනය කල ප්‍රථම සහ එකම කණ්ඩායමේ නායකයා. ඉතින් අපිට කියන්න පුලුවන්ද ඔබ ඉදිරිපත් කල නව නිපැයුම පිලිබඳව සහ එය ක්‍රියා කරන ආකාරය පිලිබදව ? 

ඔව්. ඇත්තෙන්ම මම ගොඩක් සතුටු වෙනවා මෙම තරගයේ නව නිපැයුම් අංශයේ ශ්‍රී ලංකාව ඉදිරිපත් කල “Amplus” කියන ව්‍යාපෘතියේ නායකයා වීම සම්බන්ධයෙන්. “Amplus” කියන්නේ අඩු වියදම් වෙළද දැන්වීම් සදහා භාවිතා කිරීමට පහසු, උසස් , බුද්ධිමත් ලෙස ගත් විද්‍යුත් විසඳුමක්. 

ඇත්තෙන්ම අපි වසරකට වඩා වැඩි කාලයක් මෙම විසදුම දියුණු කරමින් පවත්වා ගෙන පැමිණියා. එත් එක්කම මේ නිපැයුම වෙනුවෙන් විවිධ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරග කිහිපයකුත් ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුනා. 

Q2 : “Amplus” කියන අදහස කරලියට පැමිණීමට එසේත් නැත්නම් ඔයාලට මේ ව්‍යාපෘතිය පිළිබද පෙළඔවීමක් ඇති කිරීමට හේතු වුනේ මොකක්ද ? ඒක සිදු වුනේ කොහොමද ? 

ඔව්..මේක පටන් ගත්තේ 2015 වසරේ Google I/O Hackathon තරගාවලිය සමගයි. එක දවසක් මම මගේ යාළුවන් සමග majestic city එකේ film එකක් බලන්න ගියා.එහිදී අපිට විද්‍යුත් උත්ගත ඒ කියන්නේ digital signage එකක් දකින්න පුළුවන් වුනා. එහි විවිධ වෙළද දැන්වීම් පෙන්වන ආකාරය දෙස අපි බොහෝ වෙලාවක් බලන් උන්නා. එවෙලේ අපි රාත්‍රී ආහාරය ගනිමින් සිටියේ. එක අපිට අලුත් දෙයක් .අපිට ඒ පිලිබදව පිලිබදව තවදුරටත් දැනගන්න ඇත්තටම ආසාවක් ඇතිවුනා. මේ advertising industry එහෙමත් නැත්නම් මේ market එක තුල මීට අමතරව කරන්න පුළුවන් දේවල් ගැන සොයන්න අපි උනන්දු වුනේ මේ සිද්ධියෙන් පස්සේ. එත් එක්කම අපි ඒ වෙද්දි මාස ගණනක්ම human-computer interaction, ඒ කියන්නේ මානව පරිගණක සංසිද්ධිය පිළිබද ව්‍යාපෘති වල වැඩ කරමින් උන්නේ. ඉතින් මේ මානව සාධකත් සැලකිල්ලට අරගෙන නව්‍යකරණය වුනු, අද්විතීය අලුත් නිර්මාණයක් කරන්න අපිට අදහසක් ආවා . ඒ විදියට තමයි මේ “Amplus” ව්‍යාපෘතිය අදහසක් විදියට අපි අතරට ආවේ..

Q3 : ඔයාලගේ මේ සංකල්පය අභියෝගයකට ලක් කරන හෝ ලක් වන, මේ සංකල්පය හෝ වෙනත් ආසන්න සංකල්ප භාවිතා කල වෙනත් තරගකාරී නිෂ්පාදන තියනවාද ? 

මේ ඩිජිටල් උත්ගත ඒ කියන්නේ digital signage industry එකේ ප්‍රසිද්ධ වෙළද නාම සහිතව විවිධ වෙළද තරගකරුවන් සිටිනවා. උදාහරණ විදියට BrightSign, Phillips Signage වගේ නිෂ්පාදකයින්. එයාලා විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයෙන් යුතු ඩිජිටල් සංදර්ශක ඒ කියන්නේ digital displays නිර්මාණය කරනවා.තව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය තුල දැන්වීම් ජාල ක්‍රියාත්මක කරන Atmedia, Cemusa වගේ සමාගම් තියනවා. ඒ වුනාට ස්ථානය , දිනය සහ වෙලාව මත පදනම් වුනු වෙළද දැන්වීම් , නරඹන්නන්ගේ ස්ත්‍රී පුරුෂ බව මත පදනම් වුනු වෙළද දැන්වීම් සහ මෙම industry එකට නව නිපැයුම් සංකල්ප යොදා ගැනීම යන සුවිශේෂ ලක්ෂණ තුන නිසා අපේ නිර්මාණය අනෙකුත් නිෂ්පාදන අතරින් සුවිශේෂී ස්ථානයකට ඇවිත් තියනවා. 

මීට අමතරව අපේ නිර්මාණය තුලින් නරඹන්නන්ගේ වයස මත පදනම්ව අදාල ගැලපෙන දැන්වීම් පමණක් ඉලක්ක කර පෙන්වීමට දැන්වීම් කරුවන්ට අවස්ථාව ලැබෙනවා.

Q4 : මේ විදියට කණ්ඩායමක් විදියට වැඩ කරන විට ඔයාලගේ අරමුණ සාර්ථක කරගන්න ඔයාලගෙන් මොන වගේ දායකත්වයක්ද ලැබුණේ ?

ලක්මාල් : ඔව් මම ඇත්තෙන්ම ගොඩක් සතුටු වෙනවා මට හොද,ඉතා අපූරු සංකලනයක් , විවිධත්වයක් තියන කණ්ඩායමක් සමග වැඩ කරන්න ලැබුණු එක ගැන.. 

අපේ කණ්ඩායමේ චානක මොරටුව විශ්ව විද්‍යාලයේ Rotract club එකේ IT director. web development කිව්වොත් ඉතින් චානක තමා. 

චරිත් ගැන කතා කරනවානම්, එයා අපේ ව්‍යාපෘතියේ දෘඩාංග හා සම්බන්ධ කරුණු එහෙමත් නැත්නම් hardware පැත්ත සම්බන්දයෙන් කටයුතු කළා. චරිත් පරිගණක ඉංජිනේරු පිළිබද උපාධි ධාරියෙක්. ඔහු batch rep විදියටත් කටයුතු කරනවා.

චතුෂ අපේ ව්‍යාපෘතියේ ව්‍යාපාර සහ අලෙවි අංශය බාරව කටයුතු කලා. තවත් එය තමා AIESEC සංවිධානයේ ශ්‍රීලංකාව තුල ව්‍යාපාරික සංවර්ධන උප සභාපති වෙලා ඉන්නේ.

මම ප්‍රධාන වශයෙන් අපේ ව්‍යාපෘතියේ පරිගණක දෘෂ්ටිය සම්බන්ධ කාර්යයන් පිලිබදව කටයුතු කලා. ඒ වගේම පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සහ CIMA වෘත්තිමය සුදුසුකම් පැවතීම මගේ කාර්යන් නිසි ලෙස නිවැරදිව කිරීමට උදව් වෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඉතින් අපේ කණ්ඩායම් සාමාජිකයන් සතුව විවිධ පැතිකඩවල විවිධ දක්ෂතා තියනවා. ඒ හැම එකක්ම අපේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රුකුලක් වුනා.

චරිත් : මේ විවිධ පැතිකඩවල අප හට මේ තිබුණු දැනුම , දක්ෂතාවය , දැනුම් කුසලතා පිළිබද තිබුණු විවිධත්වය අපිට විශාල දැනුම් පරාසයක් සහිතව ව්‍යාපෘතිය සාර්ථක ලෙස කර ගැනීමට විශාල උදව්වක් වුනා.

Q5 : ඔයාලා මේ නිර්මාණය කරලා තියෙන්නේ ඉතා වේගයෙන් වෙනස් වන industry එකක. නොහිතන විදියට මේ “Amplus” නිර්මාණය ඉක්මනින් යල් පැන යන්න ඉඩ කඩ තියනවා නේද ? කොහොමද ඔයාලා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ ? 

ලක්මාල් : ව්‍යාපාර සහ කර්මාන්ත ඒ කියන්නේ හැම business එකක්ම හැම industry එකක්ම දිනෙන් දින වෙනස් වෙනවා. අපි වර්තමානය ගැන පමණක් හිතන්නේ නැතිව අනාගතය ගැන හිතලා “Amplus” නිර්මාණය කලේ ඒකයි. අපි තව දුරටත් “Amplus” වැඩි දියුණු කිරීමේ නිරත වෙලා ඉන්නේ. “Amplus” මේ industry එකේ වෙන ඕනෑම වෙනස් වීමකට මුහුණ දෙන්න සුදානම්.

චරිත් : ඔව් .. මේ industry එක මේ වෙද්දි වේගයෙන් සංවර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම තාක්ෂණයත්..ඒ නිසාම අනිත් තරඟකරුවන්ට අභියෝගයක් වීම සඳහා, අපි industry එක තුළ වෙන සියලු වෙනස්කම් සමග ගැලපෙන ආකාරයට , වේගවත් ලෙස “Amplus” වැඩි දියුණු කරන්න ඕනේ.

දැනට Amplus අති සාර්ථක ලෙස ප්‍රධාන ඉංජිනේරු අවධි තුනක් පසු කරලා තියනවා. අපි ව්‍යාපාර සහ ඉංජිනේරු යන පැතිකඩ දෙපැත්තෙන්ම සංවර්ධන කටයුතු කරගෙන යනවා. ඒ විදියට තමයි අපි එල්ල වන සැම අභියෝගයකටම අභියෝගයක් වෙන්නේ. 

Q6 : අපේ මාතෘ භුමිය ශ්‍රීලංකාව සහ මොරටුව විශ්ව විද්‍යාලය දීප්තිමත් කිරීමට සැරසෙන අපේ දක්ෂ වීරයින් වෙන ඔයාලා හැමෝටම මගේ උණුසුම් හදපිරි සුබපැතුම්..අපි ඇත්තටම ඔයාලා ගැන ආඩම්බරයි.ඉතින් මොකක්ද අපේ සහෝදර සහෝදරියන්ට දෙන්න තියන උපදෙස් ? 

ලක්මාල් : ශිෂ්‍යයන් විදියට අපි තමයි අපේ රටේ අනාගතය. ඉතින් විශ්ව විද්‍යාල සිසුන් විදියට අපේ රට ජාත්‍යන්තර තලයට අරන් යන්න අපි දායක වෙන්න ඕනේ.

අපිට මේ ගමන මේ විදියට එන්න ලේසි වුනේ නැහැ.අපි අවුරුද්දකටත් වැඩි කාලයක් “Amplus” සාර්ථක කර ගන්න වෙහෙසුනා.අපේ කැපවීම, අධිෂ්ටානය සහ උත්සාහය අපිව අපේ ඉලක්කය කරා අරගෙන ආවා. ඇත්තෙන්ම මෙම තරගාවලිය තුල ශ්‍රී ලංකාව ප්‍රථම වරට නියෝජනය කිරීමට ලැබීම සහ අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

ඉතින් මම හිතනවා අපි ඒ මාර්ගය නිර්මාණය කලයි කියලා.ඒ නිසා මෙම වසරේ මෙන්ම ඉදිරියෙදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේදී තව දුරටත් ඉදිරියට ගමන් කිරීම ඔයාලා හැමෝටම අවස්ථාව තියනවා. 

තවදුරටත් අප සමග සම්මුඛ සාකච්චාවක් පැවැත්වා අපට දිරි දුන් සුබ පැතූ Moramag.com crew එකේ හැමෝටම ගොඩක් ස්තුතියි. ඇත්තටම විශ්ව විද්‍යාල ජීවිතය තුල මේ විදියේ නිල වෙබ්අඩවියක් පවත්වාගෙන යාමට හැකි වීම විශාල සතුටක්. මේක අපේ විශ්ව විද්‍යාලයට පමණක් නෙවෙයි ශ්‍රිලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාල වලටත් විශාල සේවයක් කියලා මට හිතෙනවා. කියවන්නන්, ප්‍රේක්ෂකයින් සහ මේ සදහා සහය වන්නන් විශාල ප්‍රමාණයක් ස්වෙච්චාවෙන් moramag වටා එක් වන බව මට හොදින්ම විශ්වාසයි. 








Interview By : Rafhan Rifan & Chamani Shiranthika 

2 comments:

  1. ගොඩක් වැදගත් මේ පිරිසට මගෙත් පූර්ණ ආශීර්වාදය පිරිනමනවා

    ReplyDelete
  2. ස්තුතියි සර් ...

    ReplyDelete