Header Ads

සරා සඳක් වනු නුඹ මට



නෙතට ගැලුව කඳුලැලි නිති ඔය දෑතින්................පිසලන්නට
සිතට ගැලුව අම පෙම් දිය පෙනුනි කෙමෙන්......දිලිසෙන්නට
ඔබට මසිත ඇදුනිය සොහොයුරු මිතුදම..............බිඳලන්නට
පෙමට බැදුණි නොදැනිම පතනා සිහිනය............සිරිදෙන්නට

තුටින් බැඳුනු මිතුදම සරසවියෙහි සවි.....................පාදන්නට
පෙමින් බැදුණු වග සොදුරුයි මුළු දිවියට සවි...........දෙන්නට
සිතින් සිතක් යා කරමින දුර වුව නිති...................හමුවන්නට
ඉතින් බඳිමු පෙම් කවි නැගෙනා සරතැස...........බොදවන්නට

ඉරා අදුර සිසි වැඩි යුරු සුර ලොව සිරි................පිබිදෙන්නට
නුරා බැලුම් සමගින් මුදු පෙම් සිසිලස................විසිරෙන්නට
දරා නොසිට හද පත් පෙම සත් සමුදුරු..............ඉතිරෙන්නට
සරා සඳක් වනු නුඹ මට දිවි ඇති තුරු..............සැනසෙන්නට

විදා කිරණ ආලය හද මුදු සොම්නස................මතුවෙන්නට
පුදා අමිල විස්වාසය දෙහදක් මතු යා........................වන්නට
සදාතනික බැදුමන් තද පෙම් සිසිලෙන්................ඔදවන්නට
සදා පුරමු පින් මතු බව අප අපටම......................හිමිවන්නට



මෙම නිර්මාණය අප වෙත යොමු කරන ලද්දේ තොරතුරු තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන චාමනි සොයුරිය විසිනී.

No comments