Header Ads

අවැසි වෙනස.....



නොකිළිටි බිම්කඩක
වැව් රටේ ඈත කෙළවරේ
පිපුනි අහිංසක කුසුමක්
රටට වටිනා, රටම දැනුවත්
බොහෝදෙන දුන් උපදෙසක් වූයේ
උගුල්ලා ඒ අහිංසක කුසුම
සිටුවන්නටය බටහිරේ සරුතම බිමක
නොවිමසා කුසුමෙහි මනාපය
නොකිළිටි බිම්කඩක වැඩුණු කුසුම
උගුල්ලා දැමීම අසීරු කාර්‍යක්ම විය
නමුත්....
එහි අපහසුව දැනුණේ කුසුමට හා
කුසුම පෝෂණය කළවුන්ට පමණය
අනාගත ශුභ සිහින
ඔවුන් දිරිමත් කළ අයුරු අපූරුය
පැළකෙරුණි ඒ කුසුම බටහිර සරු බිමේ
තද නුහුරු බවක් දැනුණි කුසුමට
නිතර සිහිවුණේ.. මුල් බිමේ
සරලත්වය හා නිදහසමය
නව බිමේ සංකීර්ණත්වයට, කුසුම අකමැතිය
නවබිමට අනුවර්තනය වීමට, කුසුම අපොහොසත් ය
වැරදි කුසුමද?
කුසුම ඉගිල්ලූවන්ද?
ව්‍යාකූල කාලාවර්තයකට පසු
කුසුම වීය අනුවර්තනය
නමුත්... ඒ කිසිවෙක් නොපැතූ විලසකටය
කුසුම එහි පීඩනය මුදාහළ හැටි.. අහෝ..!
අවසන..
ලොව බැබළවීමට පෙරුම් පිරූ
අහිංසක කුසුම, වීය රළු කටු ගහක් !
තැනින් තැන මතුවන
ඉතා වටිනා කුසුම් උගුල්ලා
සරුබිම් වල පැළ කරණු වෙනුවට
මතුවන බිම්කඩ සරු කිරීම නොවෙද
අවැසි වෙනස....?


බන්ධුක කුරුප්පු ( level 4 Eng Fac:)

No comments