Header Ads

IMC ගිහින් ලෝකෙටම ගණන් පෙන්වූ මොරටු කැම්පස් ගණනන් කාරයෝ සමඟ සුහද කතා බහක්


මොරටුව අපේ campus එක ගැන මේ දවස් වල කට්ට්ය වැඩි වැඩියෙන් කතා වෙනවා. වැඩ දන්නා සුපිරි මෝරුන් විදියට ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටත් අපේ කොල්ලන් ගිහින් හමාරයි. Team Shark , Bit Masters ගැන ජාත්‍යන්තරයේ බොහෝ දෙනා කතාකරන්නේ පුදුම උද්යෝගයකින් . තාක්ෂණයෙන් දියුණු මහාර්ග වශයෙන් සංවර්ධිත බොහෝ රටවල් අතරින් පුංචි ලංකාවේ නම මොරටුවේ මෝරුන් ඉදිරියටම අරන් ඇවිත්. ඉතින් Moramag අපි තවත් ඒ වගේ වැඩ පෙන්වූ මෝරුන් 4 දෙනෙක් සොයාගෙන ගියා. ලෝකෙටම ගණන් පෙන්නපු මේ 4 දෙනා කව්ද ? ඔව්... කාංචන , මෙලංක , ඉසුර , චිරාත් තමයි මේ සුපිරි ගණන් කාරයෝ. කොහොමද මෙයාලා ලෝකෙට ගණන් පෙන්වූයේ ? බල්ගේරියාවේදී පැවැත්වුණු විශ්ව විද්‍යාල සිසුන් සදහා වන ජාත්‍යන්තර ගණිත තරගාවලියේදී. 

මේ එයාලා අපිට කිව්ව දේවල්.

Q1 : ඔයාලා සහභාගී වෙලා ජයග්‍රහණය කල මේ තරගාවලිය ගැන විස්තර කලොත්.?

මෙලංක : ඔව්. ජාත්‍යන්තර ගණිත තරගාවලිය ඒ කියන්නේ IMC 2016 මෙවර පැවැත්වුනේ 23 වන වතාවට .බල්ගේරියාවේ , Blageovgrad නගරයේදී. මේක සංවිධානය කලේ University College London මගිනුයි . තරගය පැවැත්වුනේ බල්ගේරියාවේ American University එකේ. ජුලි 25 සිට 31 වෙනකල්. රට රටවල් 72 කින් පමණ විශ්ව විද්‍යාල සිසුන් මේ තරගයට සහභාගි වෙලා සිටියා. 27 සහ 28 දෙදින තමා තරගය පැවැත්වුනේ. ඒ එක් දවසකට ගණිත ගැටලු 5 බැගින් ගැටලු 10 ක් අපට විසදන්නට ලැබුණා . තරගාවලියේදී කාංචනට Bronze medal එකකුත් මට සහ ඉසුරට Honorable Mention දෙකකුත් දිනාගන්නට පුළුවන් වුනා. 

Q2 : Moratuwa campus එකෙන් මෙවර තරගයට සහභාගී වුනේ ප්‍රථම වතාවට නේද ? .මීට පෙර ලංකාවෙන් මේ තරගයට තරගකරුවන් සහභාගී වෙලා තියනවාද ?

මෙලංක : ඔව්. ගිය අවුරුද්දේ IMC 2015 සදහා Colombo campus එකෙන් team එකක් සහභාගි වුනා.ඒ Colombo campus එකෙන් සහභාගි වුනු 3 වෙනි වතාව. එයාලට Silver medal 2ක් සහ Bronze medal 1ක් ලැබුණා.ඇත්තටම මොරටුවෙන් මුල් ගල තබන්නන් විදියට මේක අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

Q3 : ඔයාලගේ මුලික තොරතුරු ගැන කියනවනම් ? පාසල් අධ්‍යාපනය ගැන කිව්වොත් ?

මෙලංක : මම මොරටුව විශ්ව විද්‍යාලයේ CSE (Computer Science and Engineering) 3 වෙනි වසර අධ්‍යාපනය ලබනවා. ගෙවල් බත්තරමුල්ලේ. පාසැල හෝකන්දර විදුර විදුහල. 

කාංචන : මමත් මොරටුව විශ්ව විද්‍යාලයේ CSE 3 වන වසර. ඉන්නේ පන්නිපිටියේ. පාසැල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට . 

ඉසුර : මම CSE 2 වන වසරේ අධ්‍යාපනය ලබන්නේ. කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් තමා මුලික අධ්‍යාපනය ලැබුවේ.

චිරාත් : මම මොරටුව විශ්ව විද්‍යාලයේ engineering 1 වන වසර. තවම department වශයෙන් කැඩිලා නැහැ. පාසැල කොළඹ ආනන්ද විද්‍යාලය. 

Q4 : ඇත්තෙන්ම ගණිතය කියන්නේ ගොඩක් අයට අමාරු , අපහසු විෂයක්. සමහර දෙනා Maths වලට දක්වන්නේ පුදුම අකමැත්තක් සහ බියක්. ඉතින් ඔයාලා කොහොමද මේ විදියට Maths වල වැඩ කාරයින් වුනේ ? පුංචි කාලේ ඉදන්ම ගණන් කාරයෝද. ? 

මෙලංක : මමනං පොඩිම කාලේ ඒ කිව්වේ 8 පන්තිය වෙනකං පන්තියේ ගණිතයට දුර්වල ළමයි අතරේ තමා හිටියේ.ඒත් පස්සේ වීජ ගණිතය, ජ්‍යාමිතිය වගේ විෂය කොටස් ආවම තමා ගොඩක්ම ගණිතයට දක්ෂතා පෙන්නන්න පටන්ගත්තේ.. එහෙම ටික ටික ගණිතය තියෙන උත්සහයයි, උනන්දුවයි වැඩි දියුණු උනා.මුලික ගණිත විෂය කොටස් වටහාගන්න දෙමවුපියන්ගෙන් ලොකු පිටිවහලක් ලැබුණා... පොඩිම කාලේ අම්මගෙනුත්, 8-10 පන්ති වලදී තාත්තගෙනුත් උදව් ලැබුණා.මමත් විදුසර හරහා ගණිත ඔලිම්පියාඩ් තරඟය ගැන දැනුවත් වෙලා, ඒකෙ ගිහිපු පාඩම් මාලා බලලා ගණිතය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.එහෙම ගිහිල්ල ඔලිම්පියාඩ් කණ්ඩායමට 2012, 2013 select උනා.ඒත් 2012 ගියේ නෑ, 2013 ගියා...

ඉසුර : 8 වසරේ වගේ ඉදන් තමයි විශේෂයෙන්.ඊට කලින් නම් හිතාගන්න අමාරුයි.. අපේ අම්මට නම් ගණිතය හොඳට පුළුවන්.. 2012 දී තමයි ගණිත ඔලිම්පියාඩ් තරගයකට සහභාගී වෙන්න පුළුවන් වුනේ.. විශ්ව විද්‍යාලයෙත් එක එක දක්ෂතා දක්වල තියෙනවා.

කාංචන : පොඩි කාලේ ඉඳන්ම මමත් maths වලට පොඩි කැමැත්තක් නම් තිබුණා . 9 වසරේ ඉදන් තමා වැඩියෙන්ම maths පැත්තට යොමු වුනේ. ඊට පස්සෙ තමා maths Olimpiyad තරග වලට එහෙම යොමු වුනේ. 2012 ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් තරගයට මමයි , ඉසුරයි ඇතුළු 4 දෙනෙක් තමයි සහභාගී වුනේ...

චිරාත් : මගෙත් පුංචි කාලේ ඉදන් ගණිතයට ලොකු කැමැත්තක් තිබුණා. වාර විභාග වලට එහෙම හොඳ ලකුණු තිබුණා. 2014 IMO ( International Mathematics Olympiad ) selection එකෙන් පස්සේ training වලට සහභාගී වුනා.

Q5 : O/L A/L Results , Ranks ගැන එහෙම මතක් කලොත් ? 

මෙලංක : O/L: 8As,1B ..A/L: 3As ( 2012 1st shy ) Island : 116.. District : 36 (Colombo)

කාංචන : O/L : 8As, 1B ... A/L : 3As ( 2012 1st shy ) Island : 296.. District : 81 (Colombo)

ඉසුර : O/L : 9As ... A/L : 3As ( 2013 1st shy ) Island : 30 ..District : 1 (Kurunegala)

චිරාත් : O/L : 9As... A/L:3As ( 2014 1st shy ) Island : 123 .. District : 32 (Colombo)

Q6 : හතර දෙනාම ඒ කාලේ ඉඳන්ම සුරයෝනේ....ඇත්තෙන්ම ඔයාලා ගැන අපිට ගොඩක් සතුටුයි..ඉතින් මේ තරඟය ගැන දැනගත්තේ කොහොමද ? 

මේ තරඟයට selection තියෙනවා කියලා Maths Dept එකෙන් announce කරලා තිබ්බා... අපේ campus එකේ Maths Society එකෙනුත් ඒක ප්‍රචාරය කරා... ඉතින් ඒකට සහභාගී වෙලා, select උනා. තව මේ තරගයට අපි එක්ක හිතවත් අයියලා කලින් සහභාගී වෙලා තියනවා.එයාලගෙනුත් අපිට මේකට සහභාගි වෙන්න පිටිවහලක් ලැබුණා. 

Q7 : කවුද උදව් කලේ ? කොයි විදියටද ? 

ගණිතයට තිබ්බ උනන්දුව තමා අනුබලයක් උනේ... ඇත්තටම කිව්වොතින් මේ තරඟයට සහභාගී වෙන්න Maths Dept එකේ හැමෝම වගේ උදව් කළා... විශේෂයෙන්ම Maths Dept එකේ HOD Prof Sarath Peiris... Lecturer Mr A. Rohana Dissanayake. තව Lecturer Mr U A Senevirathne... විශේෂයෙන් උදව් කළා...තව අපිට campus එකෙන් air tickets sponsor කළා... ඒකට Vc සර්ටයි... Dean සර්ටයි thank කරන්න ඕනි... තව අපේ dept එකේ lecturersලා, සහ batch mates ලවත් මතක් කරන්න ඕනේ..

ආ තව පොඩි දෙයක්, අපිව මේ තරඟයට යවන්න,කලින් අවුරුදුවල් ගිහිපු Isuru Fernando, Buddhima Gamlath කියන අයියලා දෙන්න ලොකු උදව්වක් කළා... අපිව මේ තරඟයට train කලේ ඒ දෙන්නා...

Q8 : ඇත්තටම ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීමම කෙතරම් නම් ජයග්‍රහණයක්ද ? ඔයාලා මේ තරගයට සහභාගී වීමෙන් ලබාගත්තු අත්දැකිම් මොනවද ? 

මෙලංක : මේ තරඟය අපිට ගොඩක් math වලට interest කට්ටිය මුනගැහුනා.අදහස් හුවමාරු කරගත්තා.අනිත් අය හැමෝම වගේ පූර්ණකාලිනව math degree courses කරන කට්ටිය...ඇත්තටම ලොකු සතුටක් ලැබුවා මේ තරඟයට සහභාගි වෙලා.

ගණිතයට පරිබාහිර අත්දැකීම් ගොඩකුත් එකතු කරගත්තා..විශේෂයෙන්ම චිරාත්... මේක එයාගේ පලවෙනි foreign tour එක.

Q9 : හරි ... අනිත් අයට , යාළුවන්ට, Maths වලට හෝ වෙනත් subjects වලට කැමති අයට දෙන්න තියන උපදේශ මොනවද ?

මෙලංක : මම නං කියන්න කැමතියි තමන් කැමති field එක දිගේ දිගටම යන්න... සමහරවිට campus එකේ දේවල්වලට පොඩ්ඩක්වත් කැමති නැතිවෙන්න පුළුවන්... ඒත් කොහොමහරි කාලය හොයාගෙන තමන්ගේ passion එක පස්සේ යන්න... ඒකෙන් ලොකු සතුටක් සහ ප්‍රයෝජනයක් ලබන්න පුළුවනි... ඒවගේම තමා අපි ඒ යන පාර අපේ formal education path එකට සම්බන්ධයක් නැතිවෙන්න පුළුවන්... ඒත් අත අරින්න එපා... තමන්ට ඒ field එකෙන් යමක් කරන්න ලැබෙන හැම අවස්ථාවක්ම ලබාගන්න...

කාංචන : මෙහෙමයි...ඇත්තම කතාව තමන් කැමති දෙයක් තියනව නම් තමන් ඒ වෙනුවෙන් පොඩි කැප කිරීමක් කරලා තමන්ගේ මහන්සියෙන් දෙයක් කරගත්තොත් ඒක අනිත් හැම දේටම වඩා වටිනවා. ඕනේ වෙන්නේ උනන්දුව , කැප කිරීම තමයි. 

තව දෙයක් තමයි ඒ කැමති දේට කැමති තවත් කට්ටිය හොයාගන්න පුළුවන් නම් එක යන මාර්ගයට ලොකු උදව්වක්. මම , මෙලංක , ඉසුර , චිරාත් අපි හතර දෙනාට එකතු වෙලා මෙහෙම වැඩ කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් වුනේ ඇත්තටම අපි අපි ගැන හොදට අදුනගෙන හිටිය නිසා. 

යම් කිසි හේතුවක් නිසා තමන් කැමති දේ කරන්න අවස්ථාව නොලැබුනොත් කවදාවත්ම පසුතැවෙන්න එපා. අපිට තියන resources වලින් ඒ දේ කරන්න වෙන ඕනේ තරම් පාරවල් තියෙන්න පුළුවන්. ඒවා හොයාගෙන යන්න.

ඉසුර : කැමති දේ කරන්න . කරන දේ කැමැත්තෙන් කරන්න. 

චිරාත් : මටත් කියන්න තියෙන්න තමන් කැමති දේ කැමැත්තෙන් කරන්න කියලා. තවම campus එකට මම අලුත්.department බෙදිලා නැති නිසා අධ්‍යාපන කටයුතු ගැන නම් මම හරියටම තවම දන්නේ නැහැ. 

Q 10 : ඔයාලා මේ ලබාගත්තු ජයග්‍රහණය ගැන සැහීමකට පත් වෙනවාද ? හොද තරඟයක් දුන්නා කියලා හිතනවද ? 

මෙලංක : ඇත්තටම මීට වඩා හොඳට තරඟයට මුණ දෙන්න තිබුනා කියලා හිතනවා. ඒ වෙලාවේ දක්ෂතාවයයි, luck එකයි දෙකම බලපානවා..මේ අපේ පලවෙනි ජාත්‍යන්තර තරගය වගේම මොරටුව campus එකෙන් පලවෙනි වතාවටයි IMC ගියේ. ඇත්තෙන්ම ඒක ගැන අපි සැහීමකට පත් වෙනවා.

කාංචන : ඇත්තෙන්ම කිව්වොත් අපි හොඳ තරගයක් දුන්නා. මේ පාර paper එක හදලා තිබුනේ ගොඩක්ම maths පැත්තෙන් degree එකක් කරන අයට සුදුසු වෙන්න. පෞද්ගලිකව මම නම් බලාපොරොත්තු වුනේ නැහැ bronze medal එකක් ගන්න perform කරන්න පුළුවන් වෙයි කියලා. එත් ඇත්තෙන්ම අපිට මිට වඩා හොදට perform කරන්න තිබුණා.එතෙන්දි අපිට ඇත්තෙන්ම පොඩි පොඩි දේවල් මගහැරුනා . 

ඉසුර : මීට වඩා දෙයක් කරන්න තිබුනා කියල හිතනවා.තරඟාවලියේදී අපිට ලකුණු 79ක් ගන්න පුළුවන් වුනා.63 වෙනි ස්ථානය තමයි අපට ලැබුණේ.

චිරාත් :මේක මගේ පලවෙනි ජාත්‍යන්තර තරඟාවලිය. ඇත්තෙන්ම මේකෙදි මට ලොකු ජයග්‍රහණයක් ලැබුණේ නැහැ.එත් මම සතුටු වෙනවා මට ගොඩක් වටිනා අත්දැකීම් සමුහයක් ලබාගන්න පුළුවන් වුනු එක ගැන. 

Q11 : කණ්ඩායමක් විදියට වැඩ කරද්දී තිබුණු සහයෝගය කොයි වගේද ? ඔයාලා එකිනෙකාට සාමාජිකයින්ගෙන් ලැබුණු දායකත්වය කොයි වගේද.?

මෙලංක : අපි එකිනෙකාට සෑහෙන ශක්තියක් උනා... අපිට ඇත්තම කිව්වොතින් තරඟයට දවස් දෙකකට කලින් ඉඳලා තමා කණ්ඩායමක් විදිහට එකතුවෙලා ගණන් හදන්න ඉඩ ලැබුණේ campus එකේ වැඩ නිසා... ව්ශේෂයෙන්ම අපේ exams නිසා... ඒත් ඒ දවස් දෙකේ, අපි සැහෙන දෙයක් ලැබුවා කණ්ඩායමක් විදිහට... අපි එකිනෙකා එකට වැඩ කරපු නිසා තමයි මේවගේ දෙයක් ලැබුවේ...

කාංචන : ඇත්තටම අපි 4 දෙනා ගොඩක් කල් ඉදන් හොදට අදුනගෙන උන්නෙ. මමයි , මෙලංකයි first semester එකේ ඉදන්ම එකම department එකේ එකට උන්නෙ. චිරාත්ව අදුනගත්තේ Colombo campus එකේ 2012 ඉදන් තිබුණු Olympiad training programme එකේදී. ඒ after A/L කාලේ ඉදන්මයි.ඉසුරවත් 2012 ඉදන්ම අදුනනවා. අපි හැමෝම එකිනෙකා ගැන හොදින් අදුනන නිසා වැඩ කරගෙන යන එක පහසුවක් වුනා . 

ඉසුර : අනිවාර්යෙන් ඒක ලොකු දෙයක් competition එකකදි.. එහෙම දෙයක් තිබුනේ නැත්නම් මේ තරම්වත් දෙයක් කරන්න බැරි වෙන්න තිබුනා.අපිට අපිම ලොකු ශක්තියක් වුනා.

චිරාත් : ඇත්තෙන්ම මේ අයියලා 3 දෙනාම මට ලොකු ශක්තියක් වුනා. මම නොදන්නා විෂය කරුණු සහ අනෙකුත් සියලුම දේවල් මට කියලා දුන්නේ මේගොල්ලෝ. 

Q 12 : ඉදිරියට Maths පැත්තෙන් මොනවද කරන්න හිතන් ඉන්නේ ? 

මෙලංක : මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ගණිතයෙන් ඉදිරියට යන්න.මං ඉංජිනේරු උපාධියක් කරාට මං maths වලට තමා ගොඩක්ම කැමති... තව ඊළඟ අවුරුද්දෙත් campus එකෙන් select උනොත් IMC යනවා... මීට වඩා හොඳට ලෑස්තිවෙලා හොඳට කරන්න බලාපොරොත්තුවෙනවා...

අපේ රටේ ගණිත අධ්‍යාපනය හා උනන්දුව වැඩිදියුණු කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා... ලංකාවේ ගණිතය ගැන තියෙන දැනුවත්භාවය වැඩිදියුණු කරන්න ලොකු කැමැත්තක් තියෙනවා...

කාංචන : ලබන වසරේදීත් IMC සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. මටයි , මෙලංකටයි ලබන පාර තමයි IMC සහභාගී වෙන්න පුළුවන් අවසන් වතාව. එත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ඉසුරයි චිරාතුයි මේ පටන් ගත්තු IMC මාර්ගයේ එයාලට පුළුවන් උපරිම දුර යාවි කියලා.

ඉසුර : ඉදිරියට යන්න බලාපොරොත්තුව නම් තියනවා. එත් අපිට මුදල් ප්‍රශ්නය ලොකුවටම තියනවා.

චිරාත් : තවත් තරග වලට සහභාගී වෙන ගමන්ම campus අධ්‍යාපන සාර්ථකව කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

Q13 : අවසාන වශයෙන් ඔයාලා සාර්ථක සිසුන් විදියට ජීවිතයේ මෙතරම් දුරක් එන්න ශක්තියක් වුනු අයව මතක් කරමු ? 

අපේ අම්මලා තාත්තලට ස්තුති කරන්න ඕනි.අපේ department එකේ lecturersලා සහ batch mates ලා... ඒගොල්ලෝ අපිට උදව් කරා project evaluations එහෙම ඉක්මණට ඉවරකරලා දාලා competition එකට අපිට focus වෙන්න..පොදුවේ අපිට උදව් කල හැමෝටම ගොඩක් ස්තුතියි . 

ඉතින් ඇත්තෙන්ම අපි ඔයාලට ගොඩක් ස්තුති වෙනවා ඔයාලගේ වටිනා කාලය කැපකරමින් Moramag සමග online interview එකකට සහභාගී වෙලා ඔයාලගේ අත්දැකීම් , දක්ෂතා , සිතුම් පැතුම් අපිත් එක්ක බෙදා ගත්තට. campus එක වෙනුවෙන් රට වෙනුවෙන් ඔයාලා කරන්නේ ලොකු සේවයක්. අපි ඔයාලගේ ගමනට ඉතසිතින් සුබ පතනවා. එහෙනම් Moramag ට අවසාන වශයෙන් කියන්න මොනවහරි තියනවද ?

ඔව්. Moramag කියන්නේ මොරටුව campus එකෙන් කරන් යන සාර්ථක Cyber Magazine එකක්. අපි ඔයාලට සුබ පතනවා මේක ගොඩක් දුර සාර්ථකව කරගෙන යන්න. මේක ගොඩක් හොඳ දෙයක්. ඇත්තටම අපි අරන් ආව මේ ජයග්‍රහණය ගැන තවම campus එකේවත් ගොඩක් අය දන්නේ නැහැ. Moramag තුලින් එයාලා අපිව දැනගනීවි. යන්න පුළුවන් මාර්ග හදුනා ගනීවි . campus එකේ විතරක් නෙවයි මුළු රටටම , ලෝකයටම මෝරු ගැන කියන්න ඉතා හොඳ තෝතැන්නක් Moramag..Moramag ඔයාලට ගොඩක් ස්තුතියි. 

ඔව්. ලෝකෙටම ගණන් පෙන්වූ අපේ කොල්ලෝ කිව්වේ එහෙම. ඇත්තෙන්ම එදා හෙළ සිංහලේ වීර පුතුන් සතු වූ මහා බල සිංහ ලෙයින් පැවත එන නුතන සිංහ පුතුන් ජාත්‍යන්තරයේදීත් කෙතරම් නම් දස්කම් පෙන්වනවද ? අපේ මොර පැටවූ ඒකට හොදම උදාහරණය වෙලා . මෙයාලට වග කිව යුතු අයගෙන් උදව් , උපකාර ලැබෙනවා නම් මෝරා පැටවුන් ලෝකයම හොල්ලන දවස වැඩි ඇතක නොවන්න පුළුවන්. 

මෙි සොදුරු කතා බහ ඔබ වෙත ගෙන ආවේ චාමෙිනී සොයුරිය විසිනී.

No comments