INTECS - Outreach
INTECS  කියන්නේ IT FACULTY එකේ සහෝදර සහෝදරියන් එකතු වෙලා හදාගෙන තියන පවත්වාගෙන යන සංවිධානයක්. Information And Technology Society කියන එක තමා මේකෙ තේරුම.INTECS Outreach කියන්නේ මේ INTECS කට්ටිය කරගෙන යන ව්‍යාපෘතියක්. 2016 ජුලි 8 වෙනිදා මේගොල්ලෝ කිතුල්ගල කල්යාණි මහා විද්‍යාලයේ සොහොයුරු සොහොයුරියන් හට විද්‍යාල පරිශයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කළා. පාසල් සිසුන් සහ නව තාක්ෂනය අතර පවතින පරතරය අඩු කිරීම මේ වැඩසටහනේ මුලික පරමාර්ථය වුනේ. මේ කියන්නේ එයාලා කරපු මේ  වැඩේ ගැනයි.
වැඩසටහන ආරම්භ කිරීමට පෙර පොල්තෙල් පහන දල්වමින් 
ජුලි 8 හරියටම උදේ 8ට අපේ INTECS කට්ටියව ඒ ඉස්කෝලේ නංගිලා මල්ලිලා පිළිගත්තේ බොහොම ආදරයෙන්. ඒ වගේම පැමිණ සිටි අයව විදුහලේ විදුහල්පති තුමා පිළිගත්තේ බොහොම සාදරයෙන්. අපේ INTECS එකේ කට්ටිය 6-8 පන්ති වල ඉන්න නංගිලා මල්ලිලාවයි, O/L  සහ A/L  පන්ති වල ඉගෙන ගන්න සහෝදරයිනුත් ඉලක්ක කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා.
වැඩසටහනට සහභාගී වුනු සිසුන් 
ඊට සමගාමීව  පාසලේ ගුරුවරුන් හටත් විවිධ තාක්ෂණිකමෙවලම් සහ දැනුම පිළිබද වැඩසටහනක් පැවැත්වුනා. තවත් පරිගණක දෘඩාන්ග ඒ කියන්නේ computer hardware පිළිබද වැඩසටහනකුත් K.D චන්දිම sir මෙහෙයවීමෙන් පැවැත්වුනා. වැඩසටහන් සියල්ලම වගේ ඉලක්ක වුනේ නව තාක්ෂනය පැත්තටයි. තව කොහොමද බය නැතුව හොදින් විභාගයකට මුහුණ දෙන්නේ, මොනවද O/L  සහ A/L  වලින් පස්සේ එයාලා කරන්න ඕනේ...ඒ වගේ වැදගත් දේවල් පිලිබදවත් INTECS කට්ට්ය නංගිලා මල්ලිලාට කියලා දුන්නා.තව campus ආවම කරන්න පුළුවන් degree ගැනත් අවදානය යොමු වුනා..තවත් IT අය 1st  year  එකෙයි,  2nd  year  එකෙයි කරපු projects එහෙමත්  එයාලට බලාගන්න දකින්න අවස්ථාව ලබා දුන්නා.
සිසුවෙකු විසින් නව නිර්මාණයක් පිළිබඳව විස්තර කරමින් 
නව තාක්ෂනය සිසුන් අතට 
ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය කල්යාණි විද්‍යාලයේ සිසුන්ට ඉතා හොද වැදගත් අවස්ථාවක් වුනා . තොරතුරු තාක්ෂනයේ නව මං සොයා යාමට පාසල් අවදියේම එයාලට ලැබුණු ලොකු අවස්ථාවක් මේක.
වැඩසටහන සදහා උද්යෝගිමත්ව සහභාගී වුනු සිසුන් 
විද්‍යාලයේ විදුහල්පති තුමා සහ ආචාර්ය මණ්ඩලයේ සුහද අනුදැනුම, කැපවීම නොතිබුනානම් මේ වැඩේ මෙතරම් සාර්ථක ලෙස කරගන්න ඉඩ නොලැබෙන්නත් තිබුනා. දැනුම ලබාගැනීම තුලින් සිසු සිසුවියන්ගේ මුහුණු වලින් දිස්වුනු සතුට සහ නව මං සොයා යාමට ඉඩ ලැබීමෙන් ඔවුන්ට ලැබුණු සැනසීම ඇත්තෙන්ම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්. INTECS Outreach  කට්ට්ය කිව්වේ එහෙම.එයාලා ඉස්සරහටත් මේ වගේම  ඉගෙන ගන්න , අලුත් දේවල් සොයා යන්න කැමති කට්ටියටට අත දෙන්න සුදානම්.
ඉතින් INTECS කට්ටිය IT FACULTY එකේ අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තුතිය පුද කරනවා. ඒ හැමෝගෙම උදව් INTECS අයට ලොකු ශක්තියක්.
වැඩේ සංවිධානය කල INTECS කට්ටිය 
IT FACULTY එකේ අපේ වැඩ moramag තුලින් ඉස්සරහටත් අපි ඔයාලට කියනවා. එහෙනම් අදට අපි නවතිනවා.
විස්තර ගෙන ආවේ :  චාමනී ශිරන්තිකා (3 වන වසර | තොරතුරු තාක්ෂණ පිඨය)
 







 
 
 
 
 
Post a Comment