SS 12 Asia 2016 (ශ්‍රී ලංකා අංශය) ජයගත් මොරටු කොල්ලෝ
මොරටුව විශ්වවිද්‍යාලය කියන නම , අද ලංකාවේ අය පමණක් නොවෙයි මුළුමහත් ලෝකයාම ඉතා හොදින් දන්නා නමක් වෙලා. ඒ වැඩ දන්නා සුපිරි වීරයින් බිහිකරන විශ්වවිද්‍යාලයක් ලෙස . එසේ  බිහිවුනු තවත් සුපිරි මොරටු කොල්ලෝ කිහිප දෙනෙක් ගැනයි මේ කතාව. 
moramag තුලින් අද අපි ඔයාලට විස්තර ගෙනෙ එන්නේ  Ss 12 Asia 2016 competition එකට අපේ campus එකෙන් ඉදිරිපත් වෙලා ප්‍රථම ස්ථානය ලබාගත්ත දක්ෂයෝ 4 දෙනා ගැන.
ඒ තමයි චරිත්, විශ්ව,අචින්ත,හරින්. මෙයාලා electronic , bio medical, computer science department වල  level 3 එකේ ඉගෙන ගන්න සුපිරි දක්ෂයෝ 4 දෙනෙක්. මේ එයාලා අපිත් එක්ක  කිව්ව දේවල්..
Q1 :  අයියලා කොහොමද මේ තරගයට ඉදිරිපත් වුනේ? 
ඇත්තටම තරගෙ ගැන විස්තර හොයාගෙන ආවේ  චරිත්.එයා කිව්වා මෙහෙම තරගයක් තියෙනවා අපි ඉදිරිපත් වෙමු කියලා .එතකොට අපේ exam  එහෙමත් ලගයි.මන් මුලින්ම කැමත්තක් දැක්වූවේ නැහැ.එත්  idea  එක ඇහුවට පස්සේ හිතුනා මේක කරන්න ඕන කියලා.
Q2 : කව්ද මේ තරගය සoවිධානය කරලා තිබුනේ ?  කාටද ඉදිරිපත් වෙන්න අවස්ථාව තිබුනේ?  තරගෙ ගැන විස්තර කලොත්?
තරගය සංවිධානය කලේ  IEEE එකෙන්.  University අතර තමයි තරගය පැවත් වුනේ.  Team 40ක් තරගෙට ඉදිරිපත් වුනා. Ss 12 Asia competition එකේ ශ්‍රී ලංකා section එකේ පවත්වපු තරගෙට තම අපි සහභාගි වුනේ. එකේ ලෝකේම හොදම teams  සහභාගි වෙන තරගය පවත්වන්නේ ඉන්දියාවේ. මේ September වල. 
Q3 : අයියලා හිතනවද ඔයාලගේ  නිර්මාණයට හොද තරගයක් දෙන්න පුළුවන් කියලා Asian  Competition එකේදී?
මෙහෙමයි කවුරුත් එයාලගේ  නිර්මාණ ගැන විස්තර ඉදිරිපත් කරලා නැහැ තවම.අපි අපේ නිර්මාණය ගැනත් විස්තර ඉදිරපත් කරලා නැහැ.අපි ලංකාවේ තරගයට ඉදිරිපත් වෙන කොටත් අපි අනිත් අයගේ  නිර්මාණ  ගැන දැනගෙන ඉදියේ නැ.අපේ නිර්මාණය වගේ  නිර්මාණයක්  තියෙනවා කියලා අපි හොයාගෙනත් නැහැ .අන්ධ අයයි , IOT හොදට  connect  කරන්න පුළුවන් එකම නිර්මාණය තමයි අපේ  නිර්මාණය . අනික තරගෙදි අපි ඉදිරිපත් කරන විසදුම  evaluate  කරන විධි තියෙනවා. එයාල බලන්නේ  novelty එක.නිර්මාණය කොහොමද reality වෙන්නේ කියලා.ඇතටම එක  use කරන්න පුලුවන්ද කියලා තමා.
Q4 : Sri Lankan section එකේදී  මොනවගේ  නිර්මාණද ඉදිරිපත් කරලා තිබ්බේ?
දෘෂ්‍යභාධිත ලමයින්ට උගන්වන්න පුළුවන් විදිහේ එකක්  තිබ්බ. කෙනෙක් අදුන ගන්නේ කොහොමද එයාගේ gender  එක එහෙම. තව නිදාගෙන ඉන්න දෘෂ්‍යභාධිත ළමයෙක් ඇහරවන්න ඒ වගේ  තිබ්බා.
Q5 : අයියලා ගැන විස්තර කලොත් , පාසැල , campus  එකේ කරන බාහිර වැඩ ගැන කිව්වොත්  ?
මම අචින්ත. පාසැල් ගියේ මාතර  රාහුල විද්‍යාලයට. AIESEC එකේ  memberකෙනෙක්. Department එකේ  field rep විදිහට වැඩ කරලා තියෙනවා.
මම චරිත් .පාසැල් ගියේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට.
මම හරින් පාසැල් ගියේ මාතර රාහුල විද්‍යාලයට.  Hakathon  competition වලට සහභාගි වෙලා තියෙනවා.
Q6 : Campus එකෙන් මොනවගේ සහයෝගයක්ද ඔයාලට ලබා දුන්නේ?
අංජුල ද සිල්වා sir  තම ගොඩක්  අපිට උදව් කලේ .අපි අපේ අදහස මුලින්ම sir  ගිහින් කිව්වම කිව්වේ මේක හොද අදහසක් . competition  focus නොකලත් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කියලා. sir අපිව mentor  කලා. තාමත් අපිට උදව් කරනවා.
Q7 : ඉතින් ඔයාලට කොච්චර කාලයක් ගියාද නිර්මාණය හදන්න ?
මාස 2ක්  වගේ තමා අපිට කාලය ලැබුණේ.  ඒ අතර exam තිබුනා. ජුනි අන්තිම සතියේ තමා අපි පටන් ගත්තේ  exam එක සති 3ක් තිබ්බා. ඒ අතර කාලයේ වැඩ ගොඩක් කරන්න  පුළුවන් කමක් නැති නිසා අපි ගොඩක් වැඩ කරලා ඉවර කලා. 
Q8 :අයියලා කොහොමද වැඩ බෙදා ගත්තේ?
අපේ   project එකේ  part 2ක් තියෙනවා.hardware  සහ  application කියලා.  Hardware part එක කලේ මායි විශ්වයි.එතකොට application  එකයි documentation සහ , presentation  එකයි කලේ හරින් සහ අචින්ත.
Q9 : අයියලා හිතනවද නිර්මාණය  සාර්ථක වුනා කියලා?
Project proposal එක දෙනකොට එකේ අපි කරන scope  එක තියෙනවා.අපි එක cover කලා.ඊට අමතරව අපි phone  එකකින් text එකක් යවපුවාම දෘෂ්‍යභාධිත පුද්ගලයා පැලදගෙන ඉන්න wearable device   එකේ ආධාරයෙන්  එයාට පණිවිඩය කියවීමේ හැකියාව තිබෙනවා.
Q10 : අයියලට කොහොමද මේ  idea එක අවේ?
මෙහෙමයි competition එකෙන්  theme එකක් දුන්නා IOT for divisibility එක  දෘෂ්‍යභාධිත  අය ගත්තම එයාලට තියෙන බාධක මොනවද කියලා අපි කල්පනා කලා. අන්ධ අය ගොඩක්ම එයාලගේ ඇසීම උපයෝගී කරෙගන තමා එයාලගේ එදිනෙදා කටයුතු ක කර ගන්නේ. ගොඩක්  ඇසිම උපයෝගී කරගෙන තමා විසදුම් ලබා දෙන්නේ එත් අපි ඊට වෙනස් විදිහට හිතුවා. අන්ධ අය ඇසීම උපොයෝගී කරගෙන නම් environment එකේ ඉන්නේ එයාලට  text to voice විදිහේ විසදුමක් ටිකක් කරදරයක් වගේ තමයි අපිට හිතුනේ. අපේ device  එකෙන් එයාලගේ ඇසීමට බාධාවක් ඇතිවන්නේ නැහැ. අන්ධ යට braille pattern  කරන එක කුඩා කාලයේ ඉදන්ම  පුරුදුවෙන දෙයක්. ඉතින් ඒ එක තමයි අපි  pattern උපයෝගී කර ගත්තේ .
Q11 : එතකොට ඊලග තරගයට මොනවගේ සුදනමක්ද තියෙන්නේ අයියලාගේ?
අපි ඉදිරියේදී development  කීපයක් කරන්න බලාපොරොත්තුවෙනවා. අද හුගක්  messenger  ,viber, whatsapp use  කරනවා. එවයින් එන  updates ,notification කියවන්න පුළුවන් විදිහට implement  කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම  sport channel connect  වෙලා ඉන්නවනම් ඒවායේ  updates කියවන්න පුළුවන්. ඒ වගේම pdf  කියවීමේ   හැකියාව දක්වා develop  කරනවා. දෘෂ්‍යභාධිත  අය ඇවිදින්නේ සුදු සැරයටිය උපයෝගී කරගෙන. ගොඩක් දුරට එයාල එයාලට නිතරම පුරුදු පරිසරයක තමා ගැවසෙන්නේ. Google  හරහා  navigation උපයෝගී කරගෙන ඇවිදීම පහසුවෙන්න යන්න ඕනේ ස්ථානය එයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහට device  එක develop කරනවා .
Q12 : අයියලා මිට කලින් මේවගේ තරග වලට ඉදිරිපත්වෙලා තියෙනවද?
ඇත්තටම මේක මගේ පළමුවෙන තරගය. අනිත් අයත් පොඩි පොඩි තරග වලට ඉදිරිපත් වෙලා තියෙනවා. එත් මේ වගේ ලොකු තරගයකට ඉදිරිපත් වුන පළමු අවස්ථාව.
Q13: පළමු වතාවට  සහභාගි වුන තරගයෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගත්ත එක කෙතරම් නම් ජයග්‍රහණයක්ද ? ඒ මොකද හිතෙන්නේ?
අපි ඉදිරිපත් වෙනකොට දින්නනම ඕනි කියන අදහස තිබ්බේ නැ. presentation කරන අත්දැකීම් ගන්න පුළුවන් එත් තරගයකට කිපාරක් ඉදිරිපත් වෙලා තියෙනවද කියන කාරණය වැදගත් වෙන්නේ නැ. Idea එකයි  device එකයි තමයි වැදගත් වෙන්නේ. අපිට ඕනි වුනේ අපේ අදහස  reality කරන එක. එක ඇත්තටම ලෝකයට ගෙනියන්න. මුලින්ම අපි එක්කෙනෙක් text  එක එවනවා තව කෙනෙක් කියවනවා වගේ තම test  කලේ .පස්සේ අපි දෘෂ්‍යභාධිත  කෙනෙක්  මුණ ගැහිල එයට මේ device  එක පලදලා බැලුවා .
ඇත්තටම එයා ගොඩක් සතුටු වුනා මේ  නිර්මාණය ගැන එයට පොඩි වෙලාවකින් ඒ එකට පුරුදුවෙන්න පුලුවන් වුනා. 
Q14 : ඉදිරියට මොනවද කරන්න බලාපොරොත්තුවෙන්නේ?
තව ඉදිරියට development  කරන්න බලපොරොත්තුවෙනවා.ඇත්තටම  අපේ  product එක ඉස්සරහට ගෙනියන්න ලැබුණු වටිනා අවස්ථාවක් මේ තරගය.
Q 15 : අලුතින් campus  එකට එන අයට මොනවද කියන්න තියෙන්නේ අයියලට?
Innovation කියන්නේ trend  එකක් . එක දැන් industry  එකෙත් තියෙනවා. එක එක  තරග hackthon වගේ තරග වලින් කරන්නේ අලුත් අදහස් ගන්න එක. අපි අපිට තියෙන අවස්ථාවලින් අපේ අදහස් අපි ලෝකෙට ගෙනියන්න ඕනි. අපි ඇත්තටම අපිට passion  එකක් තියෙන්න ඕනි.එතකොට එක අපිට සාර්ථකව කරන්න පුළුවන් එක පුද්ගලයින්ට භාවිතා කරන්න පුළුවන් විදිහට හදන්න.
Q16 : ඔයාලා මොනවගේ අභියෝගවලටද  මුහුන දුන්නේ?
Exam තිබුණු එක challenge එකක් වුනා. Technical අතින් ගත්තොත් vibration motor use කරන එක. ඒකෙ  point 6ක් තියෙනවා.  අපි ඒ point වෙනවෙනම පුද්ගලයට දෙන්න ඕනී. අකුරු අදුන ගන්නේ ඒ point  වලින් . ඒක ලොකු challenge  එකක් වුණා. අපිට design  එක දෙපාරක්  කලා. Band 3ක් හැදුවා.එකෙන් point  6 වෙනවෙනම අදුන ගන්න පුළුවන් වුනා. 
Q 17: ඇත්තටම ඔයාලගේ නිර්මාණය දෘෂ්‍යභාධිත අයට උපයෝගී වෙයි  කියලා  හිතනවද? සාර්ථකයි කියලා හිතෙනවද?
අනිවාර්යෙන් ඔව්....ඇත්තටම මේ නිර්මාණය තියෙන්නේ prototype  අවස්ථාවේ. ඒ අවස්ථාවේ තියෙනකොටත් අපි දෘෂ්‍යභාධිත  කෙනෙකුට මේ එක පලදවල test  කලා .එයාට පොඩි වෙලාවකින් මේ  නිර්මාණයට පුරුදුවෙන්න පුළුවන් වුනා. ඒ කියන්නේ තව  develop කලොත් මේ නිර්මාණය හුගක් උපයෝගී වෙයි .
Q 18: මේ  නිර්මාණයට compete කරන වෙන නිර්මාණ තියෙනවද? මොනවගේ  developmentද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන්නේ?
මෙහෙමයි අපි දන්නා තරමින්නම් මිට සමාන  නිර්මාණ නැහැ . අනික තරගෙට ඉදිරිපත් වෙනකොට  idea  එක නව එකක් වෙන්න ඕනි. තව  නිර්මාණය  implement කරන්න බලාපොරොත්තුවෙනවා.  නිර්මාණය small කරන්න ඕනි. Competition එකට යනකොට ඒ වෙනස අපි කරනවා. Watch  වගේ අතේ බැඳගෙන යන්න පුළුවන් විදිහට.
Q 19 : අයියලට උදව් කරපු අය ගැන මතක් කලොත්.?
ගොඩක්ම අපිට උදව් කලේ අංජුල ද සිල්වා sir  . එවගේමේ තරග සංවිධානය කරපු IEEE  එකෙනුත් අපිට ලොකු   help හම්බු වුනා . ඒ වගේම අපේ දෙමාපියන්, අපේ යාලුවෝ එයාලවත් මතක් කරන්න ඕනි.
Q 20 : එතකොට අයියලට  අපේ media club එක ගැන , moramag එක  ගැන තියෙන්නේ මොනවගේ අදහසක්ද?
ඇත්තටම ඔයාල කරන්නේ ලොකු දෙයක්,  සමහර විට තරග වලට ගිහින් ජයග්‍රහයනය කලත් ඒ ගැන එකේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම අපි උදව්වක්   ගන්න කාගවට හරි ගියත් සමහරක් විට එයාල මේ ගැන මුලින්ම අහල නැති නිසා අපිට අවදානයක් යොමු කරන්න අකමැති වෙන්න පුළුවන්. ඔයලා  මේ කරන දෙයින් ගොඩක් අයට  ඒ ගැන දැනගන්න පුළුවන් වෙනවා.ඒ වගේම තරග ගැන දැන ගන්න වගේම තරග වලට ඉදිරිපත් වෙන්න එකක් ගන්නත් පුළුවන් වෙනවා..moramag crew එකට ගොඩක්ම ස්තුතියි. 
Q 21 : අවසාන වශයෙන් අයියලට මොනවද  කියන්න තියෙන්නේ අනිත් අයව motivate  වෙන්න වගේ?
අපි කලිනුත් කිව්වා වගේ අපේ නිර්මාණය reality කරන්න ඕනි ඒවගේම එකට passion   එකක් තියෙන්නත් ඕනි . අනිවාර්යෙන්ම අපිට  දෙයක් ලෝකයට කරන්න පුළුවන්. 
ඔව්. ලෝකෙටම වැඩ පෙන්වූ අපේ කොල්ලෝ කිව්වේ එහෙම. ඇත්තෙන්ම එදා හෙළ සිංහලේ වීර පුතුන් සතු වූ මහා බල සිංහ ලෙයින් පැවත එන නුතන සිංහ පුතුන් ජාත්‍යන්තරයේදීත් කෙතරම් නම් දස්කම් පෙන්වනවද ?  අපේ මොර පැටවූ ඒකට හොදම උදාහරණය වෙලා . මෙයාලට වග කිව යුතු අයගෙන් උදව් , උපකාර  ලැබෙනවා නම් මෝරා පැටවුන් ලෝකයම හොල්ලන දවස වැඩි ඇතක නොවන්න පුළුවන්. moramag අපෙන් එකට හොද අවස්ථාවක්. 
මෙම සොඳුරු කතාබහ ගෙන ආවේ නටාෂා නයනතරංගා සොයුරිය සහ අප්සරා ලියනාරච්චි සොයුරිය විසිනි. 
 





 
 
 
 
 
Post a Comment