Header Ads

හීන වලට barriers නෑ


ඔයාගේ පුංචි කාලේ .. ඒ කිව්වේ ඉස්කෝලේ යන්නත් කලින් දවස් මතකද? අමතක නම් අහන්නකො අම්මගෙන් හරි තාත්තාගෙන් හරි , කවුරු හරි කෙනෙක් 

"පුතේ ඔයා ලොකු උනාම කවුද වෙන්න කැමති කියල ඇහුවම දීපු උත්තර .. එදා මෙදා තුර අපි කොච්චර දේවල් ආස වෙන්නැද්ද, මෙහෙම ඉගෙන ගෙන මේවගේ කෙනෙක් වෙනවා කියල , පොඩි කලේ අපි කියුවේ කලේ අපි දැකපු අහපු දේවල්, වැඩිහිටියෝ වෙද්දීත් අපි තාම කරන්නේ ඇත්තටම ඒකම නෙමේද .හිතන්න පොඩ්ඩක් ආයිමත් පාරක්.. මං මේ ඇත්තටම ඉන්නේ මට ඕන තැනද , නැත්තන් සමාජේ සම්මතයන්ට හෝ අම්මා තාත්තා නෑදෑයන්ට ඕන තැන් වලද කියල , බලන් ගියාම මේ අවුරුදු විසි ගානට අපි ගොඩක් හීන නම් දැකල, හීන දැකපු එක නෙමේ ප්‍රශ්නේ අපි ඒ හීන දැක්කේ අපේ ඇහෙන්ද නැත්තන් කාගෙන්වත් කුලියට ගත්ත ඇහැකින්ද කියන එකයි .අපි ගොඩක් අයට හරිම අමාරුයි තමන්ට ඕන ඇත්තම හීනේ හොයාගන්න .

කෙනෙක්ට ඕන වෙන්න පුළුවන් සංගීතවේදියෙක් ක්‍රීඩකයෙක් ඒමත් නැත්තන් තමන්ගේම වෙළදාමක් හරි නිර්මාණ ශිල්පියෙක් වෙන්න .. එත් අම්ම තාත්ත , ආදරේ කරන කෙනා ඒමත් නැත්තන් අඩුම ගානේ ආගම සමාජේ ගැන හිතල ඒවා අතාරින්නැති . තමන්ගේ හීනේ අතරිද්දී තමන්වත් අත්හැරෙන බව එදා නොතේරුනාට ටික ටික තේරෙන්නැති . එත් ආයිත් හැරෙන්න කාලේ මදි කියල දැනෙන්නත් ඇති . අපි අපේ හීන අකමැත්තෙන් උනත් මරල දන්නැති .

එත් දන්නවද යටි හිතේ අපි දැක්ක හීන තම වැළලිලා තියෙනවා කියල, සමහරවෙලාවට ඒවා හොල්මන් කරනවා අපරාදේ මට තිබ්බනේ මං ආස දේ කරන්න කියල දැනෙනවත් ඇති, අපි ඒකාකාරී ජිවිතයක් ගත කරන්නේ අපේම වරදින් , එකට කාටවත් බැනල සාප කරලා වැඩක් නැහැ. වැරැද්ද ගත්තේ අපි අපේ හීන අදුන ගත්තේ නැති නිසා , මුළු ලෝකෙම ගැන හිතද්දී අපිට අපි ගැන අමතක උන නිසා , හැමදේම සල්ලි වලින් සමාජ සම්මත වලින් මනින්න පුර්ණ න වෙලේ ඉදල .. ඇත්තම කිවුවොත් තම අපි පරක්කු නැහැ , ජිවත් වෙන එක දවස හරි පුළුවන් නම් හිතට එකගව අපි දැක්ක හීනයක් එක්ක ජිවත් වෙන්න පුදුම සැහැල්ලුවක් දැනේවි , ජිවිතේ විදවන්න නෙමේ විදින්න .. එකට ඔයාගේ හීන ඔයාම පාට කරන්න , හරියන්න හරි වැරදෙන්න හරි .. අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නෑ . හීන බිදෙනවට බයේ නොදැක ඉන්නෙපා.. හීන වෙනස් කරන්නත් බය වෙන්නෙපා , අලුත් හීන උපදින්න නම් පරණ හීන බිදෙන්න ඕන , හැබැයි ඒ අපේ හිතට එකගව මිසක් කෙනෙක් අනුකරණය කරන්න හරි කෙනෙක් අබිබව යන්න ඕනවට හරි අල්ලපු ගෙදර කෙනාට වැඩ ලොකු තැනක ඉන්න නම් නෙමේ . දකින හැම හීනෙම නින්දෙන් නෙමේ හැබැහින් දකින්න .

අලුතෙන් පාරක් නිර්මාණය කරන් ගමනක් යනවට වඩා ඇත්තටම ලේසි කෙනෙක් කපපු පාරක ලස්සනට යන එක, එත් අපි යන්නේ එයාට ඕන අවසානෙට මිසක් අපිට ඕන තැනට නෙමේ , කෙනෙක් ආදර්ශයට ගත්තට වැරද්දක් නැහැ , එත් ඒ කෙනා වෙන්න ඕන නෑ . 

Michael Jackson, Usain Bolt, Dianaල ඉපදිලා ඉවරයි , ඒත් ඔයා වගේ ඉන්නේ එක්කෙනයි , ඒ ඔයාම විතරයි , ඉතින් වෙන කවුද ඔයාගේ හීනේ අයිතිකාරයා වෙන්න ඕන ඔයාම මිසක් එහෙනම් .

අපේ ගමන අපිම හදාගත්ත පාරක අද ඉදන් යමු , කටු ඇනිල කකුල් තුවාල වෙයි එහෙම යද්දී, ගමන දුෂ්කර වෙයි, ගොඩක් කැප වෙන්න වෙයි, ඒත් අවසානේ ගොඩක් ලස්සන නැවතුමක් වේවි , තමන්ව විශ්වාස කරොත් ඕනෑම දෙයක් දිනන්න හරි ලේසි .එකට ගැහැණු ද පිරිමිද කියන එක නෙමේ වැදගත් , අද ගොඩක් ගෑනු ළමයි ආසයි කඳු නගින්න , ගොඩක් adventure දේවල් කරන්න එත් මන් ගෑණු ළමයෙක් කියල ඒ අස දේවල් අතාරිනවා නේද?

මන් කියන්නේ නැහැ හිතෙන හැමදේම කරන්න එත් අස දේවල් පුළුවන් තරමක් හරි කරන්න , ලෝකේ ගොඩක් වෙනස් දැන් ඉස්සරට වඩා , හැමෝම ගැහැණු පිරිමි බේදයක් නැතිව තමන්ගේ වැඩ තමන්ම කරගන්නවා , ඒ නිසා gender , age , background නිකන්ම නිකන් නිර්ණායක ටිකක්.

අපි සේරම ඉපදුනේ එකම විදියට මවු කුසකින් නම් , හිතන්න මොලයක් තියෙනවා නම් අත පය නැති අයත් ජිවිතේ දිනනවා නම් ඇයි අපිට බැරි ?

හීන වලට barriers නෑ .

අපෝ එච්චර දෙයක් මන් කොහොමද කරන්නේ , මන් එච්චර දක්ෂ නැහැනේ , යාලුවෝ වෙයිද , මිනිස්සු හිනා වෙයිද මේ වගේ ගොඩක් දේවල් අපි අස දෙයක් ගැන හිතෙන පරක්කුවට ගොඩක් අය‍ට හිතෙනවා , හැබැයි ඕවට බය උනොත් ලෝකේ අලුත් දේවල් සිද්ද වෙනෙකක් නෑ , අලුත් නිර්මාණ බිහිවෙනෙකක් නෑ , barriers කඩාගෙන ඉස්සරහට නොගිය විශිෂ්ට මිනිස්සු ගැන අහලවත් නැහැ නේද , පුළුවන් වෙලාවට ඒවගේ මිනිස්සු ගැන කියවන්න දැනුවත් වෙන්න , එතකොට ලොකු හයියක් ඒවි .තමන්ගේ හීනේ compare කරන්නෙපා කවුරු එක්කවත් , එක එක්කෙනාට තියෙන්නේ අවේනික උන හීන ඒවා වටින්නේ ඒ කෙනාට මිසක් බලන් ඉන්න අයට නෙමේ ..

උපතින් අපි ගේන්නේ හරි පොඩ්ඩක් දේවල් , හැමදේම ඇත්තටම අපිටම නිර්මාණය කරගන්න පුළුවන් Born talent වලට වැඩිය වැටි වැටි නැගිටලා හදාගන්න හීන හරි හයියයි .ඒවා ලේසියෙන් විනාශ වෙන්නේ නෑ . උනත් ඒවා අයිත් ඉපදෙනවා තිබුනටත් වඩා හයියට .. 

හීන මවන්න .. ඒවා දිනන්න .. ඔයාට ඕන විදියට ඒවා පාට කරන්න .. එදාට ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනේවි , ඉරිසියාව වෛරය කේන්තිය 

පසුගාමිත්වේ වගේ කිසි වැඩක් නැති දේවල් දැනෙනෙකක් නෑ . තමන් කුඩා වෙන්නේ කොතනද ඉන්න ඕන, මොනාද අස කියල ඔයාම තීරණේ කරන්නේ 

කරන්න . මොකද මේ ජිවිතේ ඔයාගේ . ජීවිතේට ඇහුම්කන් දෙන්න .. ඔයාගේ ආත්මේ හැංගුන නිදනේ හොයාගන්න ඔයාට පුළුවන් වේවි එදාට ..

සටහන : අරුණි R.

2 comments: