මානසික අක්‍රමිකතා වලින් මිදෙන්නේ කෙසේද?
මුලින්ම කියන්න ඕනෙ, මම මානසික වෛද්‍යවරයෙක් නෙමෙයි. ඉතින් ඔබට බරපතල මනසික අක්‍රමිකතාවයක් හෝ මානසික ගැටළුවක් තිබෙනවා නම් ඔබ වහාම සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයෙක් හමුවන්න.
ඒ කෙසේ වෙතත් මිතුරෙක්ට හෝ නෑදෑයෙක්ට හෝ ඔබගේ මවට, පියාට, සහෝදරයෙකුට, සහෝදරියකට පවසා ඔබගේ ගැටළුවට යම් සහනයක් ලබාගන්නට උත්සාහ කළ හැකියි. (එහෙම සමහරක් මගේ මිතුරු මිතුරියන් මා සමඟත් කතා කර යම් විසඳුම් ලබාගෙන තිබෙනවා.)
මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ යම් සරළ දේවල් ටිකක්. මීට අමතරව තවත් බොහෝ දේ තිබෙනවා.
1. බලාපොරොත්තු සහිත වන්න.
බලාපොරොත්තුව කියන්නෙ හරිම පුදුම දෙයක්. හුඟක් ප්‍රශ්න ඒකට විසඳන්න පුළුවන්. දෙවියො පැන්ඩෝරාට අර රහස් පෙට්ටිය දීල කිව්වලුනෙ පොළවට යනකම් ඒක ඇරල බලන්නෙපා කියල. ඒත් පැන්ඩෝරාට තිබ්බ නොඉවසිල්ල නිසා ඇය මඟදිම පෙට්ටිය ඇරියලු. එතකොට ඒකෙ තියෙන දේවල් එලියට හැලුනලු. කලබලේට පැන්ඩෝරා පෙට්ටිය වැහුවත්, අන්තිමට පෙට්ටිය ඉතුරු උනේ "බලාපොරොත්තුව" විතරයිලු.
ඉතින් මිනිස්සුට තියෙන ලොකුම වත්කමක් තමයි මේ බලාපොරොත්තුව. බලාපොරොත්තුව හිතේ තියාගෙන අපට තිබෙන මානසික පීඩනයෙන්, ගැටළු වලින් සහනයක් ලබන්නට අපට පුළුවන්.
2. ඔබගේ ගැටළු සමභ සටන් නොකරන්න.
ගැටළු තියෙන්නෙ විසඳන්න. නැතිනම් අතෑරල දාල ඉන්න. ඒවත් එක්ක අපි සටන් කරන්න සටන් කරන්න ගැටළුව ශක්තිමත් වෙලා අපිව තලා පෙලා දානව. ඉතින් ගැටළුවට නිදහසේ සාමකාමීව මුහුණ දෙන්න. සටන් කරල කරල අන්තිමට වෙන්නෙ අපිම වෙහෙසට පත් වෙන එක විතරයි.
3. බියට මුහුණ දෙන්න.
බිය කියන්නෙ අමුතුම දෙයක්. මිනිස්සු හැම දේටම බිය වෙනව. අඳුරට, අවතාර වලට, යක්කුන්ට විතරක් නෙමෙයි, ප්‍රශ්න වලටත්. ප්‍රශ්න වලට බය උනොත් අපිට හිත නිදහසේ ජීවත් වෙන්න බැරි වෙනව.
එහෙම බය උනු අය තමයි ඔය සියදිවි නසාගන්නෙ. ඒ ගැටළු වලට මුහුණ දෙන්න බය වෙලා.
ඉතින් කිසිම අවස්ථාවට ප්‍රශ්න වලට බයවෙන්නෙපා. ප්‍රශ්න වලට ඔයාව බය කරන්න දෙන්නත් එපා. ප්‍රශ්න වලට නිර්භීතව මුහුණ දෙන්න.
4. තමා සිටින තත්වය තමා පිළිගන්න.
සමහරු ඉන්නව තමන් ඉන්නෙ කොයි වගේ තැනකද කියල තේරුම් ගන්නෙ නැති අය. සමහර ප්‍රශ්න නැති අය ඒ ගැන හිතල මානසිකව වැටෙනව. සමහර ප්‍රශ්න තියෙන අය ඒව ගැන හිතල මානසිකව වැටෙනව. තමන් ඉන්නෙ මොන වගේ තත්වයකද කියල තේරුම් ගන්න ඕනෙ.
සමහර ප්‍රශ්න තියෙනව එතරම් හිතන්න අවශ්‍ය නැති ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න. සමහර ප්‍රශ්න තියෙනව හොඳින් සිතා බලා විසඳුම් හොයන්න ඕනෙ ප්‍රශ්න.
තමන්ගෙ තත්වය කිව්වම තවත් දෙයක් තියෙනව. ඔය කියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවශ්‍ය ආයුධ ආම්පන්න තමන් ලඟ තිබෙනවාද කියල තේරුම් අරගන්න ඕනෙ. ඒ ප්‍රශ්නයට මේ අවස්ථාවේ කෙලින්ම මුහුණ දෙන්න හෝ තාවකාලිකව පසුබහින්න හෝ වෙනත් දෙයක් සිදු කරන්න තමන් දැන් ඉන්න තත්වය යටතේ පුළුවන්ද කියල තමන් තේරුම් ගත යුතු වෙනවා.
5. අවදියෙන් සිටීමට ඉගෙන ගන්න.
වටපිටාව ගැන, පරිසරය ගැන විතරක් නෙමෙයි, තමන් ගැනම උනත් අවදියෙන් සිටින්නට ඕනෙ. මොකද අපි අපි ගැන, අපි වටේ සිදු වෙන දේවල් ගැන අවදියෙන් සිටියෙ නැති නම් තියෙන ගැටළු කොහෙද යන්නෙ, ගැටළු එක්ක පුළුවන් අවස්ථා, තැන් මොනවද කියල අපිටම තේරුම් යන්නෙ නෑ. අරම අවදියෙන්, අවදානයෙන් හිටියොත් අපිට පේන්න ගන්නව අපිට ගැටළු එන්නෙ කොතනින්ද, කොහොමද කියල. එතකොට අපිට ඒව වෙනුවෙන් ප්‍රතික්‍රියා කරන්න තවත් කාලය ලැබෙනව.
6. කරදර වලින් පාවෙලා ඉවතට යන්න.
සමහර ප්‍රශ්න තිබෙනව එතරම් හිතන්නෙ නැතිව අතෑරල දාන්න පුළුවන් ඒව. නැතිනම් අපිට කිසිම අතුරු ආන්තරාවක් නැති ඒව. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලින් හෙමීට පාවෙලා ඉවතට යන්න.
මේ කියන්නෙ අපිට බලපෑමක් කරන්න ඕනෙ ප්‍රශ්න වලින් එහෙම පැනල යන්න කියන එක නෙමෙයි හරිද.
7. හැම වෙලේම කිසියම් වැඩක යෙදෙන්න.
ප්‍රශ්න හිතින් ඉවත් කරන්න පුළුවන්, මානසික අක්‍රමිකතා වලින් මිදෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි, මොකාක් හරි වැඩක යෙදෙන එක.
අපිට පුළුවන් සින්දුවක් අහන්න, පොතක් කියවන්න, කවියක් පබඳින්න, වත්තෙ පිටියෙ වැඩක් කරන්න, ජිම් එකට යන්න, චිත්‍රයක් අඳීන්න, ටී වී එක බලන්න, වගේ විවිධ දේවල්.
මේ දේවල් වලින් අපේ හිත නිදහස් වෙනව, එහෙ මෙහෙ දුවන එක නවතිනව.
ඊලඟට ඔයාලගෙ හිතට වද දෙන ප්‍රශ්නයක් ආපු වෙලාවට මේ දේවල් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න. අනිවාර්යයෙන්ම සාර්ථකත්වයක් තියේවි.
මේ ලිපි ලියන මම,
ඉංජිනේරු මාධව හබරකඩ (AMIESL, BSc. Eng (Hons), Green SL® AP)
Post a Comment