වසන්තයක අග
ඔව්,ශීත කාලය පැමිනේවි.තද ශීත කුනාටු හමාවි.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් වසන්තය එනවා සත්තයි
- දැඩිගම වී. රුද්රිගු, ගුරු ගීතය
නුඹට මා මගහැරුණේ ගෙන්දගම් පොළොව මත තනිපංගලමේ සක්මන් කරන්නට තරම් නුඹේ හිත දැඩි වූ දා පටන් වග තවම මා විශ්වාස කරමි.කාස්ටක අව්වේ හිටගෙන කොළොම්තොට උස් ගොඩනැගිලි දෙස දෑස් විසල්කොට බලන සන්දියේ නම් නුඹේ දෑඟිලි මගේ මාපටැඟිල්ල තදින් වැළඳගෙන උන්නා මතක ය.හයියෙන් සැරදමා දුවන රියකට පවා බියෙන් ගැස්සී මුවැත්තියක සේ සැඟවුණ නුඹ මෙතරම් රළු වූයේ කෙසේදැයි තවම මා විමසමි.ගමේ ගැමි සුවඳට එතරම්ම පෙම් කළ නුඹ,කොළොම්තොට නුහුරු සුවඳට මෙතරම් ඇබ්බැහි වූයේ මන්දැයි මා තවම සොයමි..විමසමි..
මට නුඹත්, නුඹට නුඹවත් මගහැරුණේ නුඹට ගැමි පොළොව මගහැරුණු දිනයේ වග තවම සිහිකරවමි.
නමුදු සොඳුරිය,පමා වන්නට පෙර මගහැරුණු ගැමි සුවඳ ඉව කළොත් නුඹ, නුඹට මට වසන්තය එන වග නම් සත්තයි..
මට නුඹත්, නුඹට නුඹවත් මගහැරුණේ නුඹට ගැමි පොළොව මගහැරුණු දිනයේ වග තවම සිහිකරවමි.
නමුදු සොඳුරිය,පමා වන්නට පෙර මගහැරුණු ගැමි සුවඳ ඉව කළොත් නුඹ, නුඹට මට වසන්තය එන වග නම් සත්තයි..
සරසවියෙ සෙවණෙ හිඳ පෙම්කළ
දවස් කෙටි වී දුක් මැද
රැල්ල වෙරළට පෙම් කළත් මද
බිඳී විසිරුණි වෙරළෙ රළුතැන
නුඹව අහිමිව බිඳී පොඩිවුණ
හිතෙන් ගන්නව මමම වාඩුව
නුඹේ අකුරින් හිතේ ලියවුණ
කවිය මකනව තවම තනියම
නුවර පොළොවේ ඔහේ තනිවුණ
ගෙවුණ දින සති එක්ක පාලුව
නිමයි ඉවරයි අදින් පසු තව
නුවර හැරයමි සටන සටන පැරදුන
රොබරෝසියා මල් මත
සෙමින් කෙඳිරූ බඹරු අද නැත
දෑත් පැටලුණු නුඹේ රුව මත
තබමි අවසන් හාදුබර නෙත
ඉඳින්,
දවස් කෙටි වී දුක් මැද
රැල්ල වෙරළට පෙම් කළත් මද
බිඳී විසිරුණි වෙරළෙ රළුතැන
නුඹව අහිමිව බිඳී පොඩිවුණ
හිතෙන් ගන්නව මමම වාඩුව
නුඹේ අකුරින් හිතේ ලියවුණ
කවිය මකනව තවම තනියම
නුවර පොළොවේ ඔහේ තනිවුණ
ගෙවුණ දින සති එක්ක පාලුව
නිමයි ඉවරයි අදින් පසු තව
නුවර හැරයමි සටන සටන පැරදුන
රොබරෝසියා මල් මත
සෙමින් කෙඳිරූ බඹරු අද නැත
දෑත් පැටලුණු නුඹේ රුව මත
තබමි අවසන් හාදුබර නෙත
ඉඳින්,
තනිව යන්නට නොහැකි වන තැන
ඉවුරු යා වෙයි පවුරු බිඳගෙන
රිදුන හදවත් හැදුණු දවසක
යළිත් හමුවෙමු වසන්තය අග
මෙතා
ඉංජිනේරු පීඨ 17 කණ්ඩායම
Post a Comment