Header Ads

ඉරට පෙම්බඳින සේපාලිකා



රෑ කළුවරේ පිපී සුවඳ බෙදන
සේපාලිකාවකගෙන්
අසන්නට හැකිනම්
පවසාවි ඈ
ඉරට පෙම්බඳින තරමක්
උනුහුම සොයනා තරමක්
අඳුරේ හිනැහෙන
සේපාලිකාවක් වාගේ
රැයෙහි සරනා
විලාසිනියත්
කියවන්නට හැකිනම්
ඇගේ හදවත
ඒ තුළත් ඇති
අසමාන ප්‍රේමයක්
අගුළු දා හිර කරපු
හැකිනම් මොහොතකට,
එබී බලන්නට
ඇගේ ආත්මයටම
හමුවේවි
ඒ සිනහවට යටින් ඇති
බොහෝ දුක්බර කතාවක්...

~ ඉන්දු ~

No comments