Header Ads

හීන දකින්න



මතකද පුංචිම කාලේ අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරි ගියපු හැටි... අමතක වෙන්න විදියක් නෑ නේ නේද?  ඔයාට මතකද ඒ කාලේ ඔයා ඉගෙන ගත්තේ මොකටද කියලා . ඇත්තටම ඔයාට උවමනාවක් තිබ්බද ඒ කාලේ හොදට ඉගෙන ගන්න ?? මොන පිස්සුවක් ද මම කියවන්නේ නේද .... පුංචි හිත වලට කොහෙන්ද ඔච්චර ලොකු දෙයක් තේරෙන්නේ ... පුංචි , ලොකු ,ගැහැණු ,පිරිමි , සිංහල , දෙමළ , මුස්ලිම් , අපි හැමෝටම තියෙන දෙයක්  මට අද කතා කරන්න හිතුනා.

ඉතින් ජිවිතේ අපිව ජිවත් කරවන්නේ මොනවද ? ඔයාට හිතෙයි අරමුණු කියලා එහෙම නැත්නම් අපි ගැන හොයන අපේම අය කියලා . මම කියනවා එහෙම නෙවෙයි අපිව ජිවත් කරවන්නේ හීන . පුංචි පුංචි හීන සමහරක් විට අපිට මහමෙරක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි . 

ඉතින් මතක් කරගන්න පුංචි කාලේ ඔයා දැක්ක හීනේ , තව අවුරුදු 10 කින් එහෙම නැත්නම් 15 කින් ඔයාට යන්න ඕන කියලා හිතුන තැන . ඔයා අද එතනට ඇවිත් ද , නැත්නම් මම වගේම කවදාවත් හිතපු නැති පැත්තකට ගහගෙන ගිහින්ද ?

හීන කියන්නේ රස්සාවම නෙවෙයි සමහරක් විට ඔයා යන්න කැමති රටක් , එහෙම නැත්නම් ඔයා ඉන්න කැමති විදියක් වෙන්නත් පුළුවන් .දන්න කියන කාලේදී හැබෑ කරගන්න බැරි උන හීනයක් මගේ ජිවිතෙත් තියෙනවා . මම දන්නවා ඔයාටත් ඇති . කාලයක් තිබුණ පත්තරකාරයෙක් වෙන්න ඕන කියලා . පත්තරකාරයා කියලා කිව්වා එකට කව්රුත් තරහ වෙන එකක් නැ නේද ? මොකද අපි වැඩියෙන්ම කැමති දේවල් එක්ක තමයි අපිට නිදහසේ වචන හසුරුවන්න පුළුවන් . ජිවිතේ මට ඒ හීනේ මග ඇරුනා. ඒ හීනේ තාමත් හිතේ කොනක යාන්තමට තියෙනවා . මොකද හීන තියෙන්න මග අරින්න නොවන හින්දා . ඔයාට මම මේක කිව්වේ මොකද කියලා ඔයා මේක ඉවර වෙනකම් කියවන ගියාම තේරෙයි. 

හීන නැති මිනිස්සු ඉන්න පුලුවන්ද ? හීන නැති මිනිස්සු ඉන්න පුළුවන් ඔව් එහෙම මිනිස්සු ඉන්නවා , මට හමු වෙලත් තියෙනවා . හැබැයි ඒ ජිවිත ගොඩක් යාන්ත්‍රිකයි , එයාලට තියෙන්නේ Targets , ඒ Targets වලට යන ගමන යාන්ත්‍රික වෙලා , හීන කියන දේවල් එයාලට විහිළුවක් වගේ . හරියට අමුතුම දෙයක් වගේ . 

මට ඔයාට කියන්න ඕන උනේ මෙන්න මේකයි , ඔයාට හීන ගොඩක් තියෙනවා කියලා මම දන්නවා . ඒ හීනෙට යන හැටි සමහරක් විට ඔයා දන්නවත් ඇති නොදන්න අයත් ඇති . සමහරක් විට ඔයාට ඒ හීනෙට යන අතරමග ඊට වඩා වෙනස්ම දේවලුත් හමුවෙලා ඇති . එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ අර මුලින් දැකපු ලස්සන හීනේ අමතක කරලා දාන්න ? මම දන්නවා ඔයාට බැහැ .කොහොම හරි ඔයා යන්න ඔයාගේ ඒ හීනෙට . සැබෑ උන දවසක ආයෙමත් හැරිලා බලන්න ආපු මග දිහා . ඔයාට ගොඩක් සතුටු හිතෙයි . හැබැයි එක දෙයක් ඒ අතරමගදී ඔයාට හීනේ දමලා ගහලා යන්න හිතෙයි. ඔයාට ඒ දේ ඕනෑම නම් ඔයා අල්ලාගෙන ඉදී. හැබැයි ඔයාටම තේරුණොත් ඒ හීනේ ගියාට කමක් නැ කියලා , යන්න දෙන්න ඒ හීනෙට. 

ඔයා යන පාර දෙපැත්තේ ඉදී, හීන සැබෑ කරගන්න බැරුව ලත වෙන මිනිස්සු , පුලුවන්නම් එයාලට එක පාරක් ධෛර්යය දීලා යන්න . එයාලට ඕන පුංචි තල්ලුවක් විතරයි .

හීන වලට හිනා වෙන මිනිස්සු කියන්නෙත් ,හීන දැකලා ඒවා සැබෑ නොවුන අය . හරියට අර වෛද්‍ය විද්‍යාලෙට යන්න ට්‍රයි කරලා එක මිස් උන ළමයි, මිස් උන එකම හොදයි කියලා ලෝකෙට කෑ ගහනවා වගේ හිත නිවා ගැනීමක් කියලයි මටනම් හිතෙන්නේ . එයාලගේ හිනාවට ඔයාව වට්ටන්න පුලුවන්නම් , ඔයා මෙලහකට වැටිලා වැටුණ තැන්වල ගසුත් හැදිලා . 

ඉතින් ඔයාට තාමත් පුංචිම හරි හීනයක් නැත්නම් හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්.මග අරුණ හීනයක් තියෙනවනම් තවමත් ඔයාට වෙලාව තියෙනවා ආයෙත් හරි පාරට එන්න . ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ ඔයාගේ හීන ගැන එතකම් , 

ගිහින් එන්නම් 
සමිදු නිමල්ක (Level 4 - Chemical & Process Engineering)

No comments