Header Ads

අම්මේ...


පටන් ගන්නලු යන්නෙ අම්මේ
යන්න හිත නැ දුකයි අම්මේ
නොයා ඉන්නට බැනේ අම්මේ
ගෙදර ඉන්නයි ඔන අම්මේ

දරුවෝ නොවුනත් අම්මාගේ
සහොදරයොයි එවුන් මාගේ
ඉල්ලුවොත් පන උනත්  දෙන්නේ
බොඩිමයි එහි ගෙදර අපගේ

එහෙ ජිවිතේ හරිම කටුකයි
තරග විභාග හරිම දරුනුයි
වයිවා ස්පොට් ප්‍රොජෙක්ට් එමටයි
අහෝ කැම්පස් ලයිෆ් මෙහෙමයි

තුන් මුල්ලේ ඇති සීත ගගුලේ
ගල් බැම්ම උඩ වාඩි වෙන්නේ
බැජ් එකේ උන් වටේ ඉන්නෙ
හිනා වෙලාම බඩ රිදෙන්නේ

වලේ එල් එකේ ගොඩේ ලාභයි
ගොඩ උඩේ වයිෆයිත්  සාරයි
ෆුඩ් කොට් එක බයංකාරයි
කිරි අක්කේ කිරි රසයි මාරයි

සෙකන්ඩ් සෙම් එකේ වැඩ වැඩියිලු
ගෙදර යන්නට වෙන්නෙ නැලූ
ඉඩ ලැබුනු හැටියේම අම්මේ
ගෙදර එන්නයි බලන් ඉන්නේ

පබැදුම 
-K.K.- 

No comments