Header Ads

ඩිජිටල් සිනමාකලාව



මේකේදී මම කතා කරන්නේ  ඩිජිටල් සිනමාකලාව ගැනයි. ඩිජිටල් සිනමාකලාව ප්‍රධාන වශයෙන්යො දාගන්නේ චලනවන පින්තුර හා ඩිජිටල් පින්තුර ග්‍රහණය කරගැනීමටයි.මෙහිදි දත්ත ගබඩා කිරිමට දෘඩතැටි, flash මතකයන් හා විඩියෝ පට භාව්තා කරයි.වර්තමානයේදී බටහිර සිනමාව අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් ඩිජිටල් තාක්ෂණය යොදාගනී.ප්‍රධාන වශයෙන් මෙම ඩිජිටල් සිනමාකලාවට වැදගත් වන නිෂ්පාදන නිර්මාණයේදී ARRI,Panavision, Red, Silicon Imaging වැනි සමාගම් ඉදිරියෙන් සිටී. සමාන්‍යයෙන් ප්‍රචාරණයට භාවිතා කරන උපකරණ නිර්මාණයේදී Sony, Panasonic වැනි සමාගමි ඉදිරියෙන් සිටී.

මෙම ඩිජිටල් සිනමාකලාවට පිලිගැනිමක් ප්‍රථමවතාවට ලැබීමක් ලෙස සැලකියහැක්කේ 2009 Slumdog Millionaire  ච්ත්‍රපටයට ඔස්කාර් සම්මානයක් ලැබීමයි,ඒ The Best Cinematography නිර්මාණය ලෙසයි.

දැන් අපි බලමු මෙහිදී යොදාගන්නා තාක්ෂණය පිලිබඳව බිඳක්,

මෙම ඩිජිටල් සිනමාකලාවේදී ප්‍රධාන වශයෙන් යොදාගන්නා ප්‍රතිග්‍රහණ සංවේදක වනුයේ CMOS හා COD කියනා සංවේදකයි.

මෙහි CMOS යනු Complementary Metal Oxide Semiconductor වේ. එමෙන්ම COD යනු Charge Couple Device යන්නයි. මේවා පිළිබඳ වැඩිදුර පසුවට කතාකරමු.

මෙම ඩිජිටල් සිනමාකලාවේදී යොදාගන්නා විඩීයෝ ආකෘති  පිලිබඳව,

සමාන්‍යයෙන් යොදාගන්නා ආකාරයේ  විඩීයෝ ආකෘතිය නොව ඩිජිටල් සිනමාකලාකරණයේදී යොදාගන්නේ මෙහිදී විශේෂ අංකන ක්‍රමයක් යොදාගනී. එය 'nk'ලෙස හදුන්වයි ,මෙහි  'n'යන්නේ අර්ථය වනුයේ 1024 ගුණකාරයක් යන්නයි. මෙහි 'k' යන්නය විධිමත් අර්ථයක් නොමැත නමුත් 'Kibi' යන්නෙන් පැමිණියා යැයි සැලකිය හැක.

වර්තමානයේදී වැඩිවශයෙන් භාව්තා වු විඩීයෝ ආකෘති  වනුයේ 2k [2048x1080 pixels (24fps)]එමෙනම 4k [4096x2160 pixels (48 fps)] භාව්තා වේ.

ප්‍රධාන වශයෙන් වර්තමාණයේදී තිරගතවු  Knowing ,District 9 වැනි චිත්‍රපට වලට 4k [4096x2160 pixels (48 fps)] විඩීයෝ ආකෘතිය යොදාගත්තා එහිදී යොදාගත්තා වු කැමරාව වනුයේ  Red One කැමරාව වේ.

මේ කලාවේදි යොදාගන්නා කැමරා පිළිබඳව,

ප්‍රධාන වශයෙන් යොදාගන්නා වෘත්තීමය කැමරා වනුයේ  Sony CineAlta(F) Series, Blackmagic Cinema Camera , RED ONE, Arriflex D-20, D-21 and Alexa, Panavisions Genesis, Silicon Imaging SI-2K, Thomson Viper, Vision Research Phantom, Weisscam HS-1 and HS-2, GS Vitec කැමරා දැක්විය හැක. නමුත් නිදහස් නිර්මාණ කරැවන් මිලෙන් අඩු උපකරණ යොදාගනී තම නිර්මාණවලට.

මේවායෙන් කිහිපයක මිල ගණන් ලංකාවේ මුදලින්,

Black Magic Camera=රැ 3,829,200
Arriflex D-20= රැ 12,900,000

රැපවාහිනි වැඩසටහන් වර්ගීකරණ,

වර්තමානයේ අන්තර්ජාලයෙන් රැපවාහිනි වැඩසටහන් නැරඕමට මෙන්ම සැටලයිට් ඔස්සේ විකාශනය වන විදේශිය නාළිකා හා කතාමාලාවන් නැරඕමට අප සැම හුරැවී ඇත. සමහර විට මේ ඔබේ දරැවා ද නැරබීම සිදුකරනු ඇත, ඉතිං එවැනි වැඩසටහන් තම දරැවාට ගැලපෙනවා ද ? නැද්ද ද? යන වග ඔබ නොදන්නවා ඇත, ඉතිං මම අද ලිපියෙන් බලාපොරොත්තු වෙනවා රැපවාහිනි වැඩසටහන් වර්ගීකරණ පිළිබඳව විස්තරයක්  ගෙන ඒමට.

ඔබ කතාමාලාවක් නරඔන විට දැක ඇති ඉහළ කෙළවරේ යම් සංකේතයක් පටන් ගැන්වීමේ ප්‍රදර්ශනය කරනබව මොකද්ද මේකෙන් කියන්නේ,

TV
[YZ] ---- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහන සුදුසු ප්‍රේක්ෂක කොට්ඪාශය.
[FV] ---- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහනේ ලිංගිකත්වය, වැඩිහිට් වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි දෑ වලින් කුමන කොටස් අඩංගු වේ ද යනවග.

මෙම පහල ලේබලයේ අඩංගු විය හැකි අක්ෂර වලින් අර්ථවත් කරන්න දේ ,

[D] - කාමුකත්වය ඇතිවන දෙබස් (බොහෝ විට  ලිංගිකත්වය පිළිබඳව) දෑ අඩංගු බව.
[L] - අශීක්ෂීත පරැෂ භාෂාව අඩංගු බව.
[S] - ලිංගික හැසිරීම් අඩංගු බව.
[V] - ප්‍රචණ්ඩත්වය අඩංගු බව.
[FV] - Fantasy ප්‍රචණ්ඩත්වය ( මෙය ළමුන් සඳහා පමණක් වෙන්වු වැඩසටහන් වල පමණක් අඩංගු වේ ).

දැන් බලමු පහත සංකේතවල අදහස වන දේ,

TV සියලුම දරැවන්ට
[Y] මෙම වර්ගයේ කතාමාලාවන් ඕනැම වයස් කාණ්ඩයක ළමුන් සඳහා යෝග්‍ය වේ .විශේෂයෙන් වයස අවු:2-6 ළමුන්ට වේ. නමුත් මෙම යටතේ  ඇති වැඩසටහන් වලින් ළමුන් බියගැන්වීම බලාපොරොත්තු නොවේ.

TV  සෘජුවම සුදුසු වන්නේ වැඩිහිටි ළමුන්ට.
[Y7] මෙම යටතේ වැඩසටහන් සුදුසු වන්නේ වැඩිහිටි ළමුන්ටයි. එනම් වයස අවු:7 ට වැඩි ළමුන්ටයි එමෙන්ම මේවායේ මධ්‍යම ප්‍රචණ්ඩත්වයක්ඇ ති දර්ශන අඩංගු වේ. සමහර විට වයස අවු:7 ට අඩු දරැවන් බියට පත්විය හැක, එබැවින් තෝරාගත යුතුයි මෙය තම දරැවාට සුදුසු ද නැද්ද යන වඟ.

TV  සෘජුවම සුදුසු වන්නේ වැඩිහිටි ළමුන්ට - Fantasy ප්‍රචණ්ඩත්වය.
[Y7]       
[Fv]  තරමක් ප්‍රචණ්ඩත්වය වැඩි දර්ශන අඩංගු විය හැක .

TV  සාමාන්‍ය ප්‍රේක්ෂකයාට යෝජිතයි.
[G]  මෙවැනි වැඩසටහන් ඕනැම වයස් කාණ්ඩයනට ගැලපේ .නමුත් මේවා විශේෂයෙන් වර්ග කර නොමැත දරැවන්ට පමණක් වෙන් වු බව, එබැවින් දෙමාපියන්ට යෝග්‍ය වේ. එමෙන්ම මේවායේ ස්වල්ප වශයෙන් ප්‍රවණ්ඩත්වය දර්ශන තිබිය හැක නමුත් ලිංගිකත්වය, අශීක්ෂීත පරැෂ භාෂාව අඩංගු  නොවේ.

TV  දෙමාපියන්ගේ මඟපෙන්වීම අවශ්‍යයි.
[PG]  මෙම කාණ්ඩයේ ඇති වැඩසටහන්  වල අඩංගු සමහර දර්ශන තරැණ දරැවන්ට යෝග්‍ය නුසුදුසු නොවේ . එබැවින් මේවා නැරබීමේ දී දෙමාපියන් තම දරැවන් සමඟ නැරබිම සුදුසුයි. මෙවැනි වැඩසටහන්  වල  මෙවැනි දර්ශන අඩංගු විය හැක, ඒවා නම් ලිංගිකත්වය ප්‍රචණ්ඩත්වය  ආදියයි.

TV  අනිවාර්යෙන්ම දෙමාපියන්ගේ මඟපෙන්වීම අවශ්‍යයි.
[14]   මෙම කාණ්ඩයේ ඇති වැඩසටහන් සමහර විට වයස අවු:14 ට  අඩු  දරැවන්ට සුදුසු නොවේ .එබැවින් තම දරැවා වයස අවු:14 ට අඩු නම් මේවැනි  වැඩසටහන්  නැරබිමේ දී දෙමාපිය සැළකිල්ල අවශ්‍ය වේ .මෙවැනි වැඩසටහන්  වල ඉහළ දැක්වු [V],[D],[L],[S] දර්ශන අඩංගුවේ.

TV  මුහුකුරා ගිය ප්‍රේක්ෂකයාට යෝජිතයි.
[MA] වයස අවුරැදු 17 න් පහළ දරැවන්ට කිසිසෙත් සුදුසු නොවේ මේවායේ [V],[D],[L],[S] දර්ශන අඩංගුවේ.
  
{විශේෂයෙන් තම වයසට නොගැලපෙන දේ නැරබීම තුළින්ඔහුගේ හෝ ඇයගේ මනස වියාකුල විම නිසා මානසික ආතතින්ට භාජනය වේ එබැවින් ඔබත් තමාය යෝග්‍ය වැඩසටහන් තෝරාගන්න පෙළබෙන්න}

-Chethiya Prasanga-
Department of Building Economics
Faculty of Architecture

No comments