Header Ads

අහිමි හිමිකම


ඉදුසැව් පෑයූ සැන්ඳෑ සමයක
නොසිතු ලෙසින් ඔබ නොසිතු නිමේෂෙක
අඳුරු තිමිර පට පිරුණු වළාවක
සොඳුරු හදක සුව සැගෙව්වෙ කෙලෙසක

මිතුරෙක් විය ඔබ පෙර සිට දවසක
ප්‍රේමය, ආලය නොපුරුදු සමයක
කෙළිලොල් සිත්මල සුපහන් හීනෙක
නිමග්න කළ ඔබ සැගවුනෙ කොතැනක

හිමිකරුවා විය සොඳුරු සිනාවක
ලුහුබැඳ මා සිත දුටු දුටු මොහොතක
ගිල්වා දිවිමඟ මායා පටලෙක
පිවිතුරු මා හද ගොළු කළෙ කෙලෙසක

සමනළ තටු සිඳ ඔබ අද කොතැනක
ඇරඹුම අවසානය නැති පුවතක
පටුන,පෙරවදන වූයේ කෙලෙසක
අහිමි හිමිකමට වැළපෙන මොහොතක

-මිණී-

එම්.ජී.මෙත්මා පියුමිණී
පරිගණක ඉංජිනේරු පීඨය
පළමු වසර

No comments