Header Ads

ආදරයේ මකුළු දැල්





      හිත පතන රුවම හිතකට නැත හමුවන්නේ
      ඇස දකින රුවට ආලය නැත ඇතිවන්නේ
      හිතත් පතන ඇසත් දකින රුව ඇති ලදුන්නේ
      නොම රැවටී නිසි ආලය හිමි කරගන්නේ

      කිහිප දෙනෙක් ඇත තෝරා ගනු කෙලෙසේ
      පොත්ත සුදුයි කළුයි කියා ඇති වෙනසේ
      හිත පතුලේ ඇති ආලය දැන කෙලෙසේ
      වටින හිතක් තෝරාගනු නුඹ සිතුසේ

      බලා සිටිය හැක හමුවන බව දැනේ නම්
      ඉවස ගනු නොහැක අකමැත්තක් පෙනේ නම්
      හැරී බලන්නේ වත් නැත මා කරදරයි නම්
      හමු නොවනු පතමි මම ආලය කළේ නම්

      කුළුදුල් සිතේ ආදරයේ මකුළු දැලේ
      මතක රැසකි හිත පැටලී වෙයි කැළැල්
      කදුළු ගලා දියවී බිම වැටෙන කල්
      දෑස යොමා නුබ වෙත එහි ගෙවමි කල්

       ~කහටපිටිය~
       ~15 කණ්ඩායම~

No comments