පුදුමයකි
නොසිතූ දේ සිදුවන
සිතූ දේ කිසිදා නොවන
නොපැතූ දේ හිමිවන
පැතූ දේ සැම අහිමිවන
මිතුරන් සොයුරන් කරන
සතුටද කදුළක් කරන
බලාපොරොත්තු පොඳි බඳින
සිහින ජීවත් කරන
තනිකමින් අතරමං වන
සිතට සිනහව දෙන
අරමුණක් නැති සිතට
ඉරණමක් හිමි කරන
සොඳුරු හදවත්වලට
සෙනෙහසක අරුත දෙන
ඇරඹුමද නොදැනගෙන
නිමාවක් සොයා යන
පුදුම ගමනක්ය ජීවිතය…
මෙත්මා පියුමිණී
පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව
මොරටුව විශ්වවිද්‍යාලය
Post a Comment