Header Ads

සොඳුරුය මිතුදම


හඬන්නට දහසක් හේතු වෙද්දී
සිනාසෙන්නට එක හේතුවක් පෙන්වද්දී
ලොවම අමතක කර සිනාසෙද්දී
පුදුම වුවෙමි එක මව් කුසින් ඉපදුනේ නැතිද කියා

නිතර කෙළිලොල් බස් දොඩද්දී
මගේ හදවත විවර වෙද්දී
සතුට කදුළද ඇයගෙ වෙද්දී
ඔකඳ වුවෙමි ඇය මගෙ මිතුරිය නොවෙද කියා

ඇගේ පැතුමන් බිඳ වැටෙද්දී
මගේ ජය දැක සතුටු වෙද්දී
මගේ සිනහව ඇය පතද්දී
සසල වුවෙමි මගේ තනියට ඔබ ඇතැයි කියා

හදවතින් මා දුක ගයද්දී
කදුළු නෙතඟින් ගලා යද්දී
නිහඬව මට කන් යොමද්දී
පැතුවෙමි සසර පුරා ඔබ මගේ මිතුරියම වන්නට කියා

මෙත්මා පියුමිණී
පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව

No comments