Header Ads

හොල්මන



රැයේ මහ මැදියමේ
ලෑලි දොරගුල හරින
හොල්මනක් දකිමි මම
නිදි පැදුර වෙත ඇදෙන

මාළු අරගෙන එන්න
තාත්තා මූදු ගිය
එනතුරා බලා ඉමි
දැන් බොහෝ කලෙක සිට

අම්ම මහපු දැල් වලට
මාළු කූරිත් අරන්
හොල්මන් එයි රෑට
ජීවිතය මහගන්න

උදේ ඉදෙනා බතින්
හමයි දහදිය සුවඳ
පෙති ගැසූ මාළුවෝ
තැම්බෙයි උතුරන කඳුළු වල

- උවිඳු ඉසංක ජයසිංහ -
  NDT (දෙවන වසර)

No comments