Header Ads

මනසක් ඇත්තෙක්මි


මා සමග සිහින දකින්න,
ඔබේ සිහින තුල මා නොදකින්න,
මන්ද යත් මාද මනුෂ්‍යයෙක්මි , ඔබ වැනිම
සිහින දකින

මා සමග ඇවිද යන්න,
ඔබේ ගමන මා රැගෙන නොයන්න,
මන්ද යත් මාද මගියෙක්මි , ඔබ වැනිම
ඇවිද යන

ඔබට හැක මට වෛර කරන්නට,
ආදරය කරන්නට,
නමුදු ඔබට නොහැක
මා පාලනය කරන්නට
මන්ද යත්
මාද මිනිසෙක්මි සිතන, පතන

-ඔසී-

No comments