Header Ads

විවාහයට පෙර දින රැය


සිහින අරන් නිදි දෙව්දුව පැමිණෙන තුරු මා ගාවට
දෑස් වසා අහස බලමි වහලෙට එපිටින් ඈතට
තරු ගැන ගැන සඳ බල බල සිටියා මං පෙර කාලෙක
අඳුරු ඇයිද අහස පුරා අද මෙතරම් මේ යාමෙට

සතුට අරන් හෙට හිරු පායා එන බව නම් සත්තයි
මගෙ හිරු සඳු අතැර යන්න හිත දිරිමත් නෑ ඇත්තයි
අලුත් ලොවක තැනෙන විමන කඳුළු අතර මට දිස්වෙයි
පුරුදු දෙවොල අතැර යද්දි නිසැකව මගෙ හිත රිද්දෙයි

අඳුරු වේවි හිමියනි මාපියන් නැතුව මගෙ හදවත
කවා පොවා මා දැඩිකළ ඔවුන් නේද මගෙ ඇස්දෙක
සුදු අසු පිට නංවා මා රැගෙන යද්දී ඔබේ පැලට
තනිව ඔවුන් තබනු එපා එක්ක යමුද අපි එක්කම

- චූලා-

No comments