Header Ads

ඕලු සිතක්



පාලු දොහක දුටුවා ඔබෙ මුහුණ මුඩූ
නාලු රැයක දැනුනා ඔබෙ සුවඳ මුදූ
ඕලු හිතක පිපුනා රතු සිහින ගොමූ
සිහින තුනක වෙලුනා සිත නොවී ගොලූ

දින දින එලිය වූවා ලොව නැති පාලූ
රැය රැය ගෙවි ගෙවී විය සුවඳ පුරුදූ
ඕලු හිතක් නෑ තව ගොලු සිහින දුටු
සිහින ගොඩක් මතු විනි ලොව දුටු නොදුටූ

පාලු දොහක දුටුවා ඔබෙ මුහුණ මුඩූ
නාලු රැයේ නොදැනේ තව සුවඳ මුදූ
පිපුනු සිතට නොදැනේ සුව හුරුය තතූ
සිහින සිර කරපු හිර කූඩුවක් බඳූ

සිහින හඹා යමි මම රිසි සේ ගිලිහී
පිපුනු හිතට සීමා නොදැනේ නොහැඟේ
රැයෙහි සැනසෙමී සිත තව නෑ පෙලුනේ
පාලු දොහක් තිබිනිද මට මතක නැතේ

සිහින බිඳී යයි දින දින ලොව පාලූ
මහලු හිතක් පපු තුල වද දෙයි ගොලු වූ
රැය රැය ගෙවී යයි නොමැතිව සුවඳ පැතූ
දින දින අඳුරු වෙයි තැවෙනා සිත අඳුරූ 

ගොලු සිත සිහින නොදකී ලොව හිස්ව ඇතී
ඕලු හිතට දුන් දුක් සිහි වෙමින් දැනී
නාලු රැයෙහි සිහිවේ මුදු මුහුන තැවී
පාලු ලොවට එනවද යලි සිනහ වෙවී

-ඔසී- 

No comments