Header Ads

නොපිපි කුසුම


මග හැරුණු අත් අකුරු
අඳුරු සිතුවමක් ලෙස
මැවි මැවී පෙනේ තවම
අනාගතය කොටස් ලෙස

බුද්ධියට පිටුපාල
හැඟුමන්ට ඉඩදීපු
දිනෙක ගත් ණය තවම
ගෙවයි මා කොටස් ලෙස

උපන්ගෙයි මිලින වුණු
නොදුටු කුසුමක පත්‍ර
ගිලිහේය මා වෙතින්
දිනෙන් දින කොටස් ලෙස

නමුදු හදවත සමග
ගනුදෙනුව ඉවර නැත
කෙලෙස නම් ගෙවන්නද
කොටස් ලෙස ජීවිතය

- උවිඳු ඉසංක ජයසිංහ -
  NDT ( දෙවන වසර )

No comments