Header Ads

සිරගෙය


දෙබිඩි සිතුවිලි හද පෙළන විට
හැඟේ මට
කුමට මේ සිතුවිලි

නිශ්චිතව වෙන යමක් වේ නම්
හුදෙක්
අවිනිශ්චිතතාවයමයි......

බිඳෙන් බිඳ විටින් විට
සිත්වේ
අත්හැරීමට
හැම දේ

අඳුරු සසරේ
කුමට සොයනු තව මායාවන්..
මුලාවමැ යි

හැඟෙන විට මට
සිතෙන විට
හැර යාමට ගිහි ගේ,
දැනේ.....
බැඳුණු යදම්වල මහත !

අතැර ගිය සියලු සැප
සිදුහත්
උත්තර තිර'දිටන
කෙතරම්දැ යි
මදක් හෝ වැටහේ
එවිට......

- චූලා -  

No comments