Header Ads

"විකසිත සිහිනයට ඉඩදෙන්න" - සොයුරු සත්කාරය 2018


හුදකලා වුනු කෝච්චි පෙට්ටියක්...
මලකඩත් කාල..
හැබැයි පාවිච්චියට ගන්න බැරි නෑ,
ඒත් කොන් කරල දාල...
කොහොම කොන් කරන්න හැදුවත්,
ඔහු තවමත් රේල් පාරෙමයි...
අත දීල එක්ක යන්න,
පේන තෙක් මානෙකවත් එන්ජිමක් නෑ...
ඒත් ‍යන්න පුලුවන් බව, ඒ වීර්‍ය එයාගෙන් පේනව...
අත දෙන්න කැමති සංවේදී අතක් තමයි ඕනෙ...

"යන්න එපා අක්කෙ, අනේ ආයිත් අපිව බලන්න එන්න, කැමති කෑම ගෙනල්ල දෙන්නම්, අනේ අපිටත් නම පොඩි කරල හදල දෙන්නකෝ, මං ආසයි ඉගෙන ගෙන ලොකු නෝන කෙනෙක් වෙන්න, රජේ රස්සාවක් කරන්න, අනේ අපිව අක්කලාගෙ ඉස්කෝලෙට එක්ක යනව නේද..." මේ එයාලගෙ වචන...

ඒ හැම පුංචි ළමයෙක්ගෙම හදවතේ තිබ්බ සතුට ලොකු ගොඩනැගිල්ලක් පාසලක් නෙමෙයි.හුදකලා වුනු එයාල එක්ක තව පිරිසක් ඉන්න බව එයාලට දැනිච්ච එක...

එදා ඒ සුන්දරම දවස් හතරක් අපි එප්පාවල නල්ලමුදාව පාසලේ ගත කරල ඒ හිතට දැනුන ඒ අමුතුම ලස්සන හැඟීමක් එක්ක වෙන් වෙලා ආව, අද මේ දවස් දෙක ඒ හිත් බැඳුනු පුංචි හිත් එක්ක තවත් ලස්සන අත්දැකීමක් උනා...

නේවාසිකාගාරය ඇතුලට එක්ක ගියපු පුංචි පැටවු ටික නිදාගන්න ඇඳට ගිහින් ආයි ඇවිත් අහනව "අක්කෙ අලි එන්නෙ නෑ නේද?" කියල. ඒ වචන අපේ ඇස් වලට කඳුලක් ගෙනාව . ඒ හැඟීම් මෙහෙම වචනයට නගන්න අපි කාටත් අමාරුයි.ඒත් ඒ ළමයි එක්ක ගත කරපු ඒ දවස් ජීවිත කාලෙටම අමතක නොවෙන පුදුමාකාර දවස් ටිකක් අපි හැමෝටම....

"අක්කෙ, මට යන්න බෑ..."  චූටි කෙල්ලගෙ ඇස් වල කඳුළු...

නංගි පැට්ට එහෙනම් මෙහෙ ඉන්න කිවුවම ඉස්කෝලෙ යන්නත් ඕන මට කියල තවත් ඇස් වලින් බේරුනු කඳුළු කිවුව කතාව හිතන්නට බොහෝ දේ ඉතුරු කරා....

සොයුරු සත්කාරය 2018
නල්ලමුදාව පාසල

"Degree කාරයෙක් නෙමෙයි පුතේ සංවේදී මනුස්සයෙක් තමයි රටට ලෝකෙට ඕන..."
ඒ අම්ම කෙනෙක්ගේ මුවින් හැඬු කඳුලින් කියවුන කතාව....

- ඉසූ -
Department of Fashion Designing
Faculty of Engineering
16 Batch

සොයුරු සත්කාරය ෆේස්බුක් පිටුව - https://www.facebook.com/efsu.soyura/ 

සොයුරු සත්කාරය 2018 ඡායාරූප ඇල්බම 

No comments