Header Ads

අවපස සඳ


විටෙක මිහිරිය
මී බිඳක් ලෙසට ඔබ,
විටෙක තියුණුය
මුවහත් අවියක් ලෙසට ඔබ,
ගිලිහෙන කඳුලු බිඳක උණුසුම
සිහි කරයි ඔබ අසල බව,
අපමණ පෙරළි කරන ඔබ
සිත තුල,
නේක සිත්තම් රටා අතුරන
තිඹිරිගෙයකි,
හුදෙකලාව නුඹ මට……..

- තාරා -
Department of Transport and Logistics Management 

No comments