Header Ads

පුරුදුකාරී


"ඔයා එහෙම කෙනෙක් කියල හිතන්නත් අමාරුයි. ඇත්තටම ඇයි එහෙම...?"

"දන්නවද, මේ වගේ කොෆී කප් එකක අඩිය බලල ෆෝර්චූන් ටෙලින්ග් කරන්න පුළුවන්."

"මම ඉස්සර හිතන් හිටියේ ඔය වගේ දේවල් වලට මිනිස්සු පෙළඹෙන්නේ ගොඩක් අසරණ වුනාම කියල."

"මෙච්චර සීතල දවසකත් මේ වගේ තැන්වල ඒසී දාල තියෙන එක හරිම අපරාදයක්."

'කොජිටෝ අර්ගෝ සම්', "කොහොම වුණත් ඔයා වගේ කෙනෙක් පවතින්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නැහැ."

"අහ්, අර බලන්නකො එහා පැත්තේ ටේබල් එකේ ඉන්න බෝයි ගේ අයි බෝල්ස් පාට දෙකක්."

'හෙටෙරොක්රෝමියා ඉරිඩම්'

"ඇත්තමයි ඔයාගේ කතාව බයෝග්‍රෆි එකකට නියමෙට ගැලපෙනවා."

"මට වෙලාවකට හිතෙනවා අනුෂ්කා කෝලිව මැරි කරපු එක මහ මෝඩ වැඩක් කියල."

"එතකොට යුනිවර්සිටි ඉන්න කාලෙමද ඕක පටන් ගත්තේ...?"


(ජංගම දුරකථනයක් නාද වෙයි)


"එක්ස්කියුස් මී, හෙලෝ, ගුඩ් මෝනින්......"

"කවුද තවත් එක්කෙනෙක්ද...?"

"මට පරක්කු වුනා. එහෙනම් මම යන්නම්."

"ඔයා නම් මහ පුදුම කෙල්ලෙක්."

"කොහොමත් කොල්ලන්ට කෙල්ලො කියන්නෙම පුදුමයක් තමයි."

"යන්න කලින් එකම එක ප්‍රශ්නෙකට උත්තර දීල යන්න. ඇත්තටම ඔයා කවුද?"

"දැන්වත් ඔය කොලර් එක හදන එක නවත්තන්න. ඒක ලස්සන ටිකක් ඉස්සිලා තියෙද්දි."



- ගයන්ත අකලංක -
ද්‍රව්‍ය විද්‍යා සහ ඉංජිනේරු අංශය ('16 කණ්ඩායම)

No comments