Header Ads

ආදරයත් රස්තියාදුවක්


එක ඉස්කෝලෙ
එක පංතියේ
එකට ඉගෙන ගෙන
එකට පාඩම් කරපු

මම උඹට ෆුල් ටයිම් ලව් කරල
පාට් ටයිම් ඉගෙන ගත්ත

උඹ මට පාට් ටයිම් ලව් කරල
ෆුල් ටයිම් ඉගෙන ගත්ත

මම යන්තං පාස් වෙද්දි
උඹ රෑන්ක් එකක් දාල
මෝරා ඉංජිනියරින් සිලෙක්ට් වෙද්දි

උඹට මාව නොගැලපුනා

ආරංචියි ආරංචියි මැණිකෙ
එහා පන්තියෙ මෝරා සෙට් උන එකත් එක්ක
හෙට අනිද්ද අත් පටලන් මෝරා යන්න ලෑස්තියි කියල

සුභ පැතුම්...

ආ...
කියන්න අමතක වුණා නම්බර් එකත් වැඩ නෑනෙ

මටත් ෆිසිකල් සයන්ස් ආවා,
ඒත් NDT වලට මෝරා එන්නයි ඉන්නෙ

නෑ නෑ බයවෙන්නෙපා...

කුරුලු කූඩු වලට හානි කරන්නෙ නෑ...

මගේ හිතේ
උඹේ ඇස් දෙකේ පාස්වර්ඩ් දාල ලොක් කරපු
පාර්ටිෂන් එකක් තියනව
ඒක ෆෝර්මැට් කරගන්න විතරයි ඕන...


- උවිඳු ඉසංක ජයසිංහ - 
NDT ( දෙවන වසර )

No comments