Header Ads

කුවේණියටත් වැරදුණා..!



සඳේ අඳුරුම පැත්ත දුටුවෙන්
තවත් සොඳුරුම හීන නොදකිමි
හදේ සාරය උරාගත් පසු
මිහිරි තැන් තිබුණාද නොදනිමි
අරතොරක් නැති පෙම් පුරාවත්
එදත් මෙහෙමම ලියවුනා
හේතුවක් නොකියාම පවසමි
සමහරක් ඉන් පරවුනා

වැන්ද දෙවොලට නිගා නොකරමි
මන්ද යැයි නොඅසාම නවතිමි
කාලයේ වැලි තලා අතරින්
ප්‍රේමයේ ගඟ හැංගුනා
හෙලන සුසුමන් බරද මෙච්චර
ලතෝනියගල හෙල්ලුණා

පලා නොම යමි, දරාගෙන ඉමි
සිනා නොවුනත් ගරා නොවැටෙමි
මීට හුඟ කාලෙකට ඉස්සර
කුවේණියටත් වැරදුනා
කැලැල් කඩතොළු නුදුටු ප්‍රේමය
එදා එතනම මියැදුනා....


Sammani Awarjana Dissanayake
Faculty of Information Technology

No comments