Header Ads

මට ලියන්න හිතුණා සටහනක්


මට ලියන්න හිතුණා සටහනක් !
කවදාවත් ලියපු නැති,
ලියමනක් වගේ නෙවෙයි
ඒත්..,
අද හරිම පුදුමයි මට
ඉස්සරම දවසක
මං ආදරෙන් ලිව් කව්පද
ඇහින්දා නුඹ
මට උන්නු හොදම
රසවිඳින්නා නුඹ
මං තවත් ළං වුණා කවියට
ඒත්..,
අඩු ලුහුඬු කියාදෙන්නට
නුඹ නොමැති මගේ ළඟ
සවිය දුන්නා කවිය
නුඹ නොමැති ජීවිතේ
හුස්ම ගන්නට
මං තවත් ළං වුණා කවියට
ඉතිං,
හැමදාම ලියන්න
තව තවත් ලස්සනට
නොලියවෙන පද ළඟ
නුඹෙ වදන් නැවතුනා දවසක
මං තවත් ළං වුණා කවියට
හරි පුදුමයි මට
මට හිතෙන මට දැනෙන
හැමදේම හිස්කමක්
මගේ පද රසවිඳින
සහෘදයින් සැම අතර
ඉස්සරට වඩා දැන්
මගේ කවි ලස්සනයි පැසසුමක්
ඒත්..,
නුඹ විතරක්ම දනී
මහා ලොකු පද නොමැති
පුංචි ගැලපිලි සියල්ලම
අතරමග තවම
හොයනවා මං නුඹව මට
අතරමං වුණ තැන
තවත් මං ළං වුණා කවියට
ඉතිං,
මං අද කවියෙක් හැමොටම
අරුත්බර පද ගලපන
නුඹ රිසිවුණු ලෙසම
දනී නම් හිනහේවී මගේ නුඹ
තුටින් හද පුරෝගෙන
ඒත්..,
බොදවෙලා ගිය කදුළක තනිව
මිරිගුවක සෙවනැලි මවමි
සෙනෙහසින් නුඹ නික්ම
තවත් මං ළං වුණා කවියට
තවමත්
සොයනවා මම මාව
හොයාගන්නේ කොහොම
තවත් මං ළං වුණා කවියට.

ඉෂාරා ලක්ෂානි.
නගර හා ග්රාම නිර්මාණ දෙපාර්තමෙන්තුව
2012-2016 කණ්ඩායම.

No comments