Header Ads

මගහැරුණු නවාතැන


කරදඬු උස්මහත් වෙච්ච දා ඉඳන්
නිමිත්තක් හෙව්වෙ
ගෙදරින් ඈත්වෙලා
කොහෙන් හරි
මොනව හරි බඩට දාගෙන
රැයක් දෙකක්
පිට ඉන්න

ඒත් දැන්
සිකුරාදා වෙනකල්
ඇඟිලි ගැන ගැන ඉන්නෙ
සති අන්තෙ
ගෙදර ඇවිත් අම්ම උයපු
බත් ටිකක් උණුවෙන්ම කන්න

ඉස්කෝලෙ පොතේ කොහෙහරි
තිබ්බ වගේ මතක
සේකරයන් ගෙ කවියක
පද දෙක තුනක්
ලාවට මතක් වෙනව
නිතරම !
"ඇඟපත ගිනියම් දුරලා
කිලිකුණු සෝදා හරින්න
අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ"

- උවිඳු ඉසංක ජයසිංහ - 
NDT ( දෙවන වසර ) 

No comments