Header Ads

වියෝගය




වලාවන් මත ගොතා සළුවක් වියාගත් සුසුමින්
දරාගත් මහමෙරක් දුක් කඳ අතුරලා රහසින්
බලාගත් අත බලාඋන්නට ඉනාවක් විලසින්
හදේ පුංචිම තැනත් වැළපෙයි ඔබ නිසා රහසින්

ඈත ඉගිලෙන සියොතුනේ නුඹ මැවු රටා අහසේ
පෙනේවිද ඔහුටත් වගේ මට හුදෙකලා සටනේ
ලියා පණිවිඩයක් සලා තටු මකාපන් රහසේ
කුමට පණිවිඩ නොලැදි සිතකට නොහඬපන් කඳුලේ

සුළඟ මදකට නතර වීයන් හනික යන ගමනේ
සුවඳවත් නුඹ අරන් ආවද මතකයන් මැඳුරේ
අනේ මොකටද මතකයන් ඒ විඳවනා මහදේ
හනික පලයන් මගේ තනිකම මම විඳිමි සුහදේ


- චූලා -


No comments