Header Ads

විරාග රාගය



රාගයට ඉඟිමරන ඔය නීල නෙතු අස්සෙ
විරාගය තනිවෙලා ආදර හිතක් අස්සෙ
කෙලෙස පවසම්ද මා නිමල සිතුවිලි ඔස්සෙ
ආදරය මේ තරම් ඔබට මා හිත් අස්සෙ

රැඳෙන්නම් ඔබ  ළඟින් ඔය සුවඳ විඳ දරා
විඳින්නම් ඔබ දොඩන මියුරු ආදර කතා
නැගෙන්නට පෝරුවට ඔබේ අතැඟිලි දරා
සිතක් නම් නෑ... තවත්, 'අරවින්ද' කෙනෙකි මා


- චූලා -

No comments