Header Ads

ඉරබට තරුව




ඉර බැස ගොස් සඳ සිසිල යට
අතරමං වී මං සොයන තොටියෙකුගේ
විඩාබර නෙතකට
දහසකුත් තරු අතර ඇස ගැටුණු
සුවිශේෂී තරුවක්.

හිරු තරම් සමීප නොවුනත්
නම නොදත් තරුව ඉරබට නමින් නම් කල ඔහු
පතන්නේ එය තවත් එක් වල්ගාවක් නොවන්නට.
මන්ද තරුව සමඟ අනන්තය වෙත පියමනිනු හැර
අන් සිහිනයක් ඔහු හට නොමැති නිසාවෙන්.


- දිනූෂා චතුරංගි සෙනරත් -
රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු අංශය ( '16 කණ්ඩායම ) 

No comments