විඩාබර හදවත
දුරට වී නුඹ ළඟින්
ගෙවෙන කළුවර රෑක
එක දිගට ඇද හැලෙන
වැහි කෝඩ අතරින්
හීතලක් දැනෙනකොට
මට ඕනෙ,
නුඹේ උනුහුමට ගුලිවෙන්න
පුංචි සන්දියේ වගේ
හීන පස්සෙ දුවන
හති වැටුණු ජීවිතේ
මොහොතකට සැනසෙන්න
ඉඳහිටල හිතට මහ
තනිකමක් දැනෙනකොට
මට ඕනෙ,
නුඹෙ ළඟට වී ඉන්න
පුංචි සන්දියේ වගේ
හිත අස්සෙ පොදිගැහුණු
හැමදේම නුඹ එක්ක
එක හුස්මෙ කියවන්න
හිතෙන හැම මොහොතකම
දුර ඉඳන් නුඹෙ සුවඳ
දැනෙනවිට පුරුද්දට,
අම්මෙ මට හිතෙන්නෙම
පිම්මෙ දුවගෙන ඇවිත්
නුඹෙ තුරුලෙ සැනසෙන්න
අමන්ති ඉඳුමිණි
17 කණ්ඩායම
ඉංජිනේරු පීඨය
Post a Comment