Header Ads

පොඩි හාමුදුරුවෝ


මාමේ පොඩ්ඩක් නවත්තන්නකෝ
මාව කොළඹින් දලා යන්නකෝ
දානේ ගෙදරක වැඩියේ තනියම
සල්ලි හැලිලා යන්න බැහැ මට
අනේ පොඩි නම අපි මෙහෙ අය
බස් එකේ අපි යමුද කොළඹට
එත් දැන් රැවෙලා හොදටම
මෙහෙත් පන්සල් ගොඩක් තියනවා
වඩිමු අපි දැන් එයින් එකකට
ලොකු සාදු ඇති බලන් එනකන්
නොම්මරේ නැහැ පිරිවනෙවත්
නොගියොතින් හෙට තුනට කලියෙන්
යන්න බැරි වෙයි ට්‍රිප් එකත් මට
එහෙම උනොතින් තට්ට තනියම
දානේ නැතුවත් ඉන්න වෙයි මට
අනේ මාමේ බස් එකක් මට
හොයල දෙන්නකෝ කොළඹ යන්නට

නිමිත්ත:- කොළඹ ඉදන් තනියම ගමට අපු පොඩි හමුදුරුවන්ගෙ සල්ලි නැති වෙලා අපහු යන්න විදිහක් නැතුව රැ වෙලාවේ පාරේ වාහන වලට අතදලා,ගිහින් දාන්න පුලුවන්නද කියල අහපු අවස්තාවක්


-k.k-

No comments